Pages


Wednesday, July 21, 2010

අපි මැරුණාම අපේ accounts වලට මොකද වෙන්නේ?







ඔයගොල්ලො කවදා හරි හිතලා තියනවද අපි මැරුණ දවසක අපගේ විවිධ accounts වලට (Facebook, Gmail, Yahoo වගේ) මොනවා වෙයිද කියලා. තව කාට හරි අපේ වලට Accounts භාවිතා කරන්න පුලුවන්ද ? කියලා...දන්නවද බොහොමයක් වෙබ් සයිට් සදහා මෙයට විවිධ ප්‍රථිපත්ති තියෙනවා මියගිය පුද්ගලයන්ගේ accountsසදහා...මේ තියෙන්නේ ජනප්‍රිය වෙබ් සයිට් කිහිපයක ඇති එවැනි ප්‍රථිපත්ති

Gmail

ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා
l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක්
l මියගිය පුද්ගලයාගේ Gmail email address එක
l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක්( containing the full headers of an email message that the deceased person with the entire contents of the email)
l මරණ සහතිකය
l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා
තවත් වැඩි විස්තර ලබාගැනීමට http://mail.google.com/support/bin/answer.py?answer=14300 ට පිවිසෙන්න.

Yahoo

කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත්


Facebook

Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි
http://www.facebook.com/help/contact.php?show_form=deceased,

MySpace

MySpace accounts access කිරීම සදහා අවස්ථා ලබා නොදේ නමුත් ඔබට අව්ශ්‍ය නම් MySpace account එක මකා දැමිය හැකියි. මේ සදහා accountcare@support.myspace.com ට සියලු විස්තර ඇතුලත්ව E-mail පණිවිඩයක් යවන්න වෙනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට deceased user policy ට පිවිසෙන්න.

Hotmail

ඔබට Hotmail account එකක් තිබෙනවානම් යම් කාලයක් inactive ව accounts තිබුනහොත් අවසානයේදි ඔබගේ සියලු විස්තර ඇතුලත්ව account එක මකා දමනවා(අවුරුද්දකින් පමණ). මෙම නිසා ඔබගේ account එක ඔබගේ ඥාතියෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නම් google ට වගේතොරතුරු සැපයීමට ඔබට සිදු වනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට Windows Live Help ට පිවිසෙන්න.


4 comments:

  1. You have revealed something I hv never thought about ..
    just Wanna, thank u .... :)

    ReplyDelete
  2. ගොඩක් හොද වැඩක්

    ReplyDelete
  3. බොහොම ස්තුතියි...

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note