Pages


Friday, July 2, 2010

ඔබේ වෙබ් අඩවිය සාර්ථක කර ගැනීමට උපදෙස් දහයක්

වෙබ් අඩවියක් හෝ අන්තර්ජාල වෙළඳ සැලක් නිර්මාණයේදී බොහෝ වාසි සළසා දෙන නීති කිහිපයකි.

01 ඔබගේ වෙබ් අඩවිය හා අන්තර්ජාල වෙළඳ සැල මනාව සැළසුම් කර, විවිධ භාණ්ඩ හා සේවා පහසුවෙන් ළගා විය හැකිපරිදි දෙපාර්තමේන්තුගත කරන්න.

02 ඔබේ වෙළඳ සැල කෙසේ දිස් විය වුතු දියි කල්පනා කරන්න. අකුරුවල හා පසුබිමේ වර්ණ මනිව ගලපන්න, එම පසුබිමේ පෙළ කියවීමට අපහසු නම් වෙනස් කරන්න.

03 විවිධ පරිගනක විවිධ පෙළ ශෛලීන්ට පාදක වෙයි. ඔබේ වෙබ් අඩවිය සෑම කෙනෙකුගේම පරිගනක මත සමාන අකාරයෙන් දිස් වීමට නම්, Arial, Verdana හෝ Times New Roman අක්ෂර පමණක් භාවිතා කරන්න.

04 ඔබේ වෙබ් අඩවියේ පළමු පිටුව " මුල් පිටුව " හෝ පිළිගැනීමේ පිටුව වේ. ඔබ කවුද හා කුමක් කරනවාද යන්න එහිදී පවසන්න. මෙය කිව යුතු දෙයකැයි නොහැඟුන ද එය නොකර ගනුදෙනුකරුවන් අහිමි කර ගන්නා වෙබ් අඩවි බොහෝ ඇත.

05 ඔබේ මුල් පිටුවෙන් වෙළඳ සැළේ විවිධ දෙපාර්තමේන්තුවලට පිවිසිය හැක. එයට පිවිසෙන්නන්ට පහසුවෙන් මග සොයා ගත හැකි පරිදි එම සබඳතා පැහැදිලි විය යුතුය.

06 ඔබේ සියලු සබඳතා තොරතුරු ඊට ඇතුල් කරන්න, ඔබේ ඊ-මේල් ගිණුමට සෘජු සබඳතාවක් ද එහි යොදන්න. තොරතුරු නොමැති විට ඔබ යමක් සඟවා ඇතැයි පාරිභෝගකයෝ සැක කරති.

07 බල්බ බොහෝ යෙදූ බාල රේඩියෝවක් මෙන් ඔබේ වෙබ් අඩවිය පින්තූර හා වෙනත් දෘෂ්‍ය මායාවන්ගෙන් පුරවන්න එපා. දෘෂ්‍ය මායාවන් ඔබට ගෙන යා යුතු පණිවුඩයෙන් ගැනුම්කරු ඈත් කරයි.

08 කිලෝ බයිට් අඩු ගණනක ගොනු පමණක් පින්තූර ලෙස යොදන්න. ගොනු විශාල වන තරමට ඒවා බලන්නවුන්ගේ පරිගනක තිර මත දිස්වීමට බොහෝ වේලා ගත වේ. ඒ සඳහා බොහෝ වේලා ගත වේ නම් ඔබට ගනුදෙනුකරුවන් අහිමි විය හැක. විශාල පින්තූරයක් භවිතා කිරීමට ඔබට අවශ්‍ය නම්, එය කුඩා පින්තූරයක හෝ පෙළක දිගුවක් ලෙස යොදන්න, එවිට ඒ සඳහා බලා සිටීමට බලන්නා සූදානම්ය.

09 අද ලොව ප්‍රධාන අන්තර්ජාල බ්‍රවුසර කිහිපයක් කිබේ: Internet Explorer,Fire Fox Mozilla හා Google Chrome වශයෙනි. මනාව නිම කර නැති විට ඔබේ වෙබ් අඩවිය මේහි එක එක විදිය‍ට පෙනෙනු ඇත. මෙ කුමන හෝ
බ්‍රවුසරයක් සමඟ ඔබේ වෙබ් අඩවිය මනාව දිස් වන බව තහවුරු කරගන්න. කෙසේ වුවත් හොඳ මෘදුකාංග භාවිතයෙන් මේ ‍බ්‍රවුසර දෙකේම මනාව පෙනෙන වෙබ් අඩවි තනා ගත හැක.

10 බොහෝ දෙනා සතු පරිගනක තිර 800 x 600 හෝ වැඩි ධාරිතාවෙන් යුක්ත වේ. විවිධ දර්ශන තත්ත්ව යටතේ ඔබේ වෙබ් අඩවිය මනාව දිස් වන බව තහවුරු කරගන්න. එක් දර්ශන තත්ත්වයක් සඳහා පමණක් නිර්මාණය කළහොත්, වෙනත් දර්ශන තත්ත්ව යටතේ එය ක්‍රියා නොකරනු ඇත.

4 comments:

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note