Pages


Monday, January 17, 2011

මොකද්ද මේ අංශභාග රෝගය කියන්නෙ?



මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් පණ් නැත්වී යන අවස්ථා බොහෝවිට අප අසා තිබෙනවා. නොයෙක් හේතු නිසා මොළයට සිදුවන හානියක් හේතුවෙන් ඇතිවෙන මෙම තත්ත්වය අංශභාගයයි. අංශභාගයය යැයි කී විට සිතට බිය දැනුණ ද කඩිනම් නිවැරදි ප්‍රතිකාර ගතහොත් මෙ තත්ත්වය බොහෝ දුරට සුව කරගත හැක. සුව වීමට ගතවන කාලය හා සුවවන ප්‍රමාණය රඳා පවතින්නේ මොළයට සිදුවන හානියේ ප්‍රමාණයත්, හානිය සිදු වූ මොළයේ ප්‍රදේශයත්, මොළයට සිදුවන අනතුරේ ස්වභාවයත් සහ රොගියාගේ වයසත් මතය.
අංශභාගය ඇති වීමට හේතු ලෙස රුධිර වාහිනියක් පිපිරීමෙන් මොළයේ සෛල තුළට රුධිරය වහනය වීමත්, ලේ කැටියක් හිරවීමෙන් මොළයේ සෛල තුළට ගමන් කරනා රුධිරය ඇනහිටීමත්, මොළයේ ඇතිවන අර්බුද හෙවත් ගෙඩි නිසාත්, රථවාහන අනතුරුත් පෙන්වා දිය හැක.


අංශභාගය නිසා රෝගීන්ගේ අතපය අසාමාන්‍ය ඉරියව්වකට යොමුවේ. ඒමෙන්ම අබාධයකට ලක් වූ අංශයේ අත හා පය චලනය කරන විට තද ගතියක් ඇති වේ. අත යොමුවන අසාමාන්‍ය ඉරියව්ව නම් උරහිසෙන් අත ශරීරයට හේත්තු වී වැලමිට සන්දියෙන් නැවී යට යටබාහුව ඇතුලට කරකැවී මැණික් ක‍ටුව සන්ධියෙන් නැවී ඇඟිලි ද තරමක් නැවී තිබීම ය. අබාධයට ලක් වී ඇති පයද දණහිසෙන දිහ හැරී පතුල ප්‍රදෙශය පහතට කඩාවැටී තිබේ.
මෙම රෝගයට ලක් වූ පසු ඖෂධීය ප්‍රතිකාර ස ශල්‍ය ප්‍රතිකාර සමගවම භෞතචිකිත්සක ප්‍රතිකාර ද රෝගියාට ලබා දිය යුතු ය. මෙම රෝගයට භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කිරීමා පමා වූවොත් රොගියාගේ පෙර කී අසාමාන්‍ය ඉරියව් වර්ධනය වේ. එබැවින් මෙවැනි රෝගීන්ට ඉහත දැක්වූ ඉර්යව්වල විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍ය ය. මෙය සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරයෙකුගෙ උපදෙස් මත කිරීම ඉතා වැදගත්ය.
භෞතචිකිත්සාවේදී මෙම ව්‍යායාම පී.එන්.එෆ්.(P.N.F) නමින් හඳුන්වයි. එම ව්‍යායාම මගින් රොගියාගේ සන්ධිවල ඇති සංවේදන ග්‍රාහක සහ ස්නායු උත්තේජනය කරනු ලබයි, එසේම මුල් කාලයේ එනම් රොගියා සිහි නැතිව සිටින අවධියේ සිටම රෝගියා නිවැරදි ඉරියව්වල තැබිය යුතුය.
එක් තැන් වී සිටින මෙවැනි රෝගීන්ට නිතරම ශ්වසන අබාධ, මුත්‍රා ආසාදන හා ඇඳ තුවාල ඇතිවිය හැකිය. ශ්වසන අබාධ වැළැක්වීමට භෞතචිකිත්සාවේ කරන උරස් චිකිත්සක ක්‍රම වැදගත් වේ.
එසේම මුත්‍රා ආසාදන නැතිකර ගැනීමට නිතර ඇඳ ඇතිරිලි පිරිසිදුව වියලිව තබා ගත යුතු ය. රොගියා පැය භාගයකට වරක්වත් හැරවීමෙන් ඇඳ තුවාල වළක්වා ගත හැක.
රෝගියාගේ සමබරතාව ‍රැක ගැනීමට උදව් දෙන ව්‍යායාම සහ එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කිරීම භෞතචිකිත්සවරයා අතින් සිදුවිය යුතු ය.
තවද සංවේදන නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නගා සි‍ටුවීම සහ ඇවිදීම පුහුණු කිරීම ද භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් කළ හැක.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note