Pages


Monday, January 17, 2011

මෙන්න e-mail යවන ඔයාල හැමෝටම ගොඩක් වටින දෙයක්



ඔන්න මම අද ඔයාලට කියන්න හදන්නෙ අපි හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන, මේක සමහර විට අපේ යාළුවො දැනටමත් දන්නව ඇති, කොහොම උනත් නොදන්න කට්ටියට වැදගත් වෙයි කියල හිතාගෙන තමයි දැම්මෙ. මොකද මේ දවස් වල මේක ගොඩක් වැදගත් වෙනව අපිට සුභ පැතුමක් e-mail කරද්දි, මොකද අපි සාමාන්‍යයෙන් පිංතූරයක් e-mail කරනවනම් ඒක attach කරල තමයි යවන්න ඕනි, මේ විදිහට ඔයාලගෙ G mail account editකරගත්තම අපිට පුලුවන් ඒක massage body කියන කොටසට කෙලින්ම පිංතූරයක් ඇතුලත් කරන්න. එහෙනම් G mail account තියෙන කට්ටිය පටන් ගන්නකො වැඩේ කරන්න මේ පහලින් මම පිංතූර වල පෙන්වන පිලිවෙලට.

මුළින්ම G mail account එක open කරල, මම සලකුණු කරල තියෙන විදියට දකුණු අත පැත්තෙ උඩ කෙලවරේ තියෙන settings කියන තැන click කරන්න
















1. දැන් මම සලකුණු කරල තියෙන විදියට labs කියන බොත්තම ඔබන්න



දැන් ඔයාලට කරන්න තියෙන්නෙ විවෘත වෙච්ච කොටසෙ පහලටම යන එක, එහෙම ගියාම ඔයාලට හමු වෙනව පහත සලකුණු කර ඇති කොටස


දැන් මෙම රුපයේ දක්වා ඇති ආකාරයට ඒක enableකරගන්න


ඉන් පසුව ඒ ආසන්නයේම තියෙන save changes බොත්තම ඔබල save කරගත්තම ගොඩක් දුරට වැඩේ අවසන් වෙනව.


දැන් නැවත මෙම කොටසේම ඉහලට ගිහින් compose කියන බොත්තම ඔබන්න



ඊට පස්සෙ ඔයාලට දකින්න ලැබෙන්නෙ පහත දැක්වෙන විදියටයි, ඔයාලට දකින්න පුලුවන් මම සලකුණු කරල තියෙන කොටස, මේක තමයි ඔයලගෙ Gmail accountඅලුතින්ම එකතු වෙච්ච option එක, දැන් ඔයාලට මේකclick කලාම කෙලින්ම පිංතූරයක් massage body කියන කොටසට දාගන්න පුලුවන්


ඉතින් මෙ විදියට තමයි වැඩේ ඉවර උනාම ඔයල දකින්න ලැබෙන්නෙ



ඉතින් මගෙ වැඩෙන් ඔයාලටත් උදව්වක් උනානම්, පොඩ් comment එකක් දාල යන්න එහෙනම්.





6 comments:

  1. ඇත්තට නියම ඔප්ෂන් එකක්
    පාර කියා දුන්නට බොහෝම ස්තූතියි

    ReplyDelete
  2. බොහොම ස්තුතියි කොමෙනටුවට... නිතරම පැමිනේන්න අලුත් පෝස්ට් දාන්නම්

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note