Pages


Sunday, February 27, 2011

ඔබේ ඇන්ටිවයිරස් එක ඇත්තටම වයිරස් අල්ලනවාද?

මට මේ විස්තරේ හම්බ වුණේ avast antivirus සයිට් එකෙන්. අපේ ඇන්ටිවයිරස් වැඩසටහන ඇත්තටම වයිරස් අල්ලනවාද කියල බලාගන්න පුළුවන් ක්‍රමයක් මේක. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙතන පහළින් තියෙන code එක කොපි කරගෙන අළුතෙන් ෆයිල් එකක් හදන්න. ඒ ෆයිල් එකේ නම EICAR.COM කියල rename කරන්න.
මෙන්න code එක:
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

මගේ නම් ෆයිල් එක rename කරපු හැටියෙ ඇන්ටිවයිරස් එකෙන් ඒක ඇල්ලුවා. නැත්නම් ඒ ෆයිල් එක manually scan කරන්න. කලබල වෙන්න දෙයක් නැහැ. වයිරස් එකක් කියල ඇල්ලුවට මේක ඇත්තටම කිසිම හානියක් කරන එකක් නෙවෙයි. Test ෆයිල් එකක් විතරයි. වයිරස් එකේ නම විදියට පෙන්නන‍්නෙ EICAR Test-NOT virus!! කියල. EICAR කියල කියන්නෙ European Institute for Computer Antivirus Research. මේ ෆයිල් එක ඇන්ටිවයිරස් එකක් පරිගණකයේ හරියට ස්ථාපනය වුණාද කියල බලාගන්න හදපු සම්මුතියක්. 

කොහොම වුණත් වැඩේ ඉවරවුණාම ෆයිල් එක මකල දාන එක ඇඟට ගුණයි. වැඩි විස්තර ඕන නම්
http://www.eicar.org/anti_virus_test_file.htm ගිහින් බලන්න. 

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note