Pages


Sunday, February 27, 2011

කුකීස් ගැන

ඔබත් නිතර අන්තර්ජාලෙ  සැරිසරන කෙනෙක් නම් කුකීස් (cookies) ගැන අහල නැති වෙන්න බෑ. එක එක සයිට් වලට යනකොට ඒවා අපේ කම්පියුටර්වල කුකීස් හදනව. ගොඩක්  වෙලාවට මේව හදන්නෙ ඒ සයිට් එකට අපේ user preferences මතක තියාගන්න.

මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි බ්‍රව්සර් එකේ වෙබ් ලිපිනයක් ගැහුවම ඒ වෙබ් පිටුව තියෙන වෙබ් සර්වර් එකට සම්බන්ධ වෙනවා. එතකොට සර්වර් එක බලනවා අපේ මැෂින් එකේ එයා කලින් හදපු කුකීස් තියෙනවද කියලා. තියෙනව නම් ඒව කියවල අපි ගැන ඒකෙ ලියවිල තියෙන දේ හොයාගන්නව. එතකොට සර්වර් එකට පුළුවන් අපේ preferences අනුව සයිට් එක ලෝඩ් කරන්න. කලින් හදපු කුකීස් නැත්නම් අළුතෙන් කුකී එකක් අපේ හාඩ් ඩිස්ක් ‍එකේ හදල ඒකට අළුත් දත්ත දානවා. මේ විදියට අළුතෙන් කුකීස් හදන්න සර්වර් එකට අපේ අ‍වසරය ඉල්ලන්න ඕන නැහැ. මේක අපි නොදැනුවත්වම සිදුවෙනවා.
ඉතින් අපේ හාඩ් එකේ දැනට අපට හොරා හැදිල තියෙන කුකීස් බලා ගන්නෙ කොහොමද? ගූගල් ක්‍රෝම් පාවිච්චි කරනව නම් මේකට කරන්න තියෙන්නෙ Google Chrome Options වල Under the Hood ටැබ් එකේ තියෙනShow cookies ක්ලික් කරන එක. ‍ෆයර්‍ ෆොක්ස් වලදි නම් Options වල Privacy ටැබ් එකේ තමයි මේක තියෙන්නෙ.

ක්‍රෝම් වලින් බැලුවම මේ විදියට තමයි පේන්නෙ. කුකීස් සිය ගාණක් තියෙනවා. සමහර සයිට්වලින් කුකීස් එකකට වැඩිය හදල. යට තියෙන Remove ඔබල ඒව අයින් කරන්නත් පුළුවන්. එකක් උඩ ක්ලික් කරාම ඒක ගැන විස්තර යටින් පෙන්නනවා. කුකී එකකට name එකකුත් content එකකුත් ති‍යෙනව.  

ඔක්කොම කුකීස් තියෙන්නෙ නම සහ අගය සහිත යුගල විදියට. ඒ ඇරුණම කුකී එකක් කියල program එකක් හාඩ් එකේ තැන්පත් වෙන්නෙ නෑ. එහෙම කිව්වෙ සමහර අයගෙ අදහසක් තියෙනවනෙ කුකී එක්ක වයිරස් එනව කියල. ඒක වැරදි මතයක්.
හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ. කුකීස් ගැන මේ බයට හේතුවක් තියෙනවා. අපි ගැන, අපි කියන කරන දේ ගැන කුකීස් වල ලියැවෙනවා. ඒක වෙබ් සර්වර් එක දැනගන්නවා. ඒ තොරතුරු ඒ ‍සර්වර් එක වෙන අයට  ලබා දු‍න්නොත්? වෙළෙඳ දැන්වීම් ආයතන වලට මේ තොරතුරු ගොඩක් වැදගත්. මේක පෞද්ගලිකත්වයට හානියක්.
ඇත්තට මොකද මේකට “cookies” කියල නම දැම්මෙ. මම පොඩ්ඩක් හොයල බැලුව. රස කතාවක්. මේක ඇවිල්ල තියෙන්නෙ පරිගණක ජාල අතරෙ හුවමාරු කරන දත්ත පැකට් වලට කියන තවත් නමක් වෙන “magic cookies” කියන එකෙන්. එතකොට “magic cookies” වලට ඒ නම ආවෙ කොහොමද? ජපානෙ හදනවලු “fortune cookies” කියල බිස්කට් වර්ගයක්. (cookie එකක් කියල කියන්නෙ බිස්කට් එකකටනෙ). මේ බිස්කට් එක පුම්බල හදල තියෙන්නෙ ඒකෙ ඇතුළට මොනව හරි ලියපු කොළ කෑල්ලක් දාලා. ඒ කොළේ මොනව හරි වාක්‍යයක් ලියල තියෙනව.

කුකීස්වල ත‍ව ප්‍රයෝජනයක් තමයි සයිට්වලට visitors ල ගාණ ‍බලාගන්න පුළුවන් වෙන එක. අළුත් කුකී එකක් හදන්න වෙනව කියන්නෙ එයා අළුත් user කෙනෙක් කියන එක.
ඕක තමයි කුකීස් ගැන කතාව.


3 comments:

  1. Niyama psot eka

    ReplyDelete
  2. ගොඩක් වැදගත් ලිපියක්.....

    ReplyDelete
  3. බොහොමත් ස්තුතියි!

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note