Pages


Tuesday, February 22, 2011

Start PHP


PHP සහයෝගය දක්වන වෙබ් සබඳතාවක් කෙරෙහි අවධානය යොමු කරන්න.
දැනටමත් ඔබට සර්වරයක් භාවිත කරන්නේ නම් හා එය PHPට සහයෝගය දක්වන්නේ නම් අමුතුවෙන් PHP ස්ථාපනය කළ යුතු නැත. ඔබගේ වෙබ් ඩිරෙක්ටරිය තුළ ගොඩ නගන .php ගොනු සර්වරය විසින් පරිවර්තනය කරනු ඇත. වෙබ් සත්කාරකරුවන් (Hosts) බොහොමයක් ඊට සහයෝගය දක්වයි. කෙසේ නමුදු ඔබගේ සර්වරය PHPට සහයෝගය දක්වන්නේ නැත්නම් ඔබට එය ස්ථාපනය කර ගැනීම හෝ සහය දක්වන වෙනත් සර්වරයක් වෙත මාරුවීමට හෝ සිදුවෙයි.
ඔබට සර්වරයක් නැතිනම් ඔබගේ පරිගණකයේ ම සර්වරයක් ස්ථාපනය කර ගැනීමට හැකියාව තිබේ. පහත සඳහන් පියවරවලින් එකක් අනුගමනය කිරීම මගින් PHPට සහයෝගය දක්වන වෙබ් සර්වරයක් ඔබේ පරිගණකය තුළ ස්ථාපනය කර ගැනීමට පුළුවන.
1. ඔබගේ පරිගණකයට Apache හෝ IIS ඉන්ස්ටෝල් කරන්න.
2. PHP සහ MySQL ඉන්ස්ටොල් කරන්න. (PHP ඉ‍ගෙන ගැනීමට MySQL ස්ථාපනය කිරීම අත්‍යාවශ්‍ය නොවේ. නමුත් ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා MySQL බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.)
Apache, MySQL වෙන වෙනම ස්ථාපනය කිරීම වෙනුවට ‍තනි මෘදුකාංගයක් භාවිතයෙන් වඩා පහසුවෙන් ඔබට සර්වරයක් ස්ථාපනය කර ගැනීමට නම් XAMPP මෘදුකාංගය ස්ථාපනය කිරීම සුදුසුය. මෙහි Apache, MySQL මෙන්ම සර්වරයකට අවශ්‍ය තවත් මෘදුකාංග හා පහසුකම් කිහිපයක්ද අන්තර්ගත කර ඇත. මෙයද නොමිලයේ ලබාගත හැකි අතර ස්ථාපනය කිරී‍ම සම්බන්ධ උපදෙස් සහිත වෙබ් පිටුවක් පහත දැක්වේ.
ඔබ භාවිතා කරන්නේ ලිනක්ස් වැනි ‍වින්ඩෝස් නොවන මෙහෙයුම් පද්දතියක් නම් ඒවාට සහය දක්වන සංස්කරණ පහත අඩවි වලින්ම ලබා ගත හැකිවේ.
PHP ඉන්ස්ටෝල් කර ගැනීම සම්බන්ධ උපදෙස් පැහැදිලි කරන වෙබ් පිටුවක ලිපිනය පහත දැක්වෙයි.http:/www.php.net/manual/en/install.php
බාගැනීම් සඳහා ප්‍රයෝජනවත් ලින්ක්ස් ‍
PHP බාගැනීම : http://www.php.net/downloads.php 
MySQL බාගැනීම : http://www.mysql.com/downloads/index.html 
Apache බාගැනීම : http://httpd.apache.org/download.cgi

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note