Pages


Wednesday, March 2, 2011

විකිපීඩියාවට අවුරුදු 10යි .... (Wikipedia.org)

    නිති පතා එන සෙනග අතින් ලෝකයේ පස්වෙනියට විෂාලම විෂ්වකෝෂය වන මෙය ඇරඹියේ මීට අවුරුදු 10 කට පෙරය. (2001.ජනවාරි.15) පසුගිය ජනවාරි.15 වැනිදාට විකිපීඩියාව අවුරුදු 10 සපිරුනි.
   මෙහි නිර්මාතෘවරුන් වන්නේ ජිමී වේල්ස් සමග ලැරී සැන්ගර් ය. එවක‍ට එය (Wiki) විකි ලෙස නම් කරන ලදී හවායි භාෂාවෙන් "විකි" යනු ඉක්මන් යන තේරුමයි විෂ්ව කෝෂයට ඉංගිසියෙන් කියන එන්සයික්ලෝපීඩියා යන වචනය සමග විකි යන වචනය එක් කොට විකිපීඩියා යන නම තැබුවේ ලැරි සැන්ගර් ය. විකිපීඩියාවේ ඉතිරි වැඩ ක‍ටයුතු කෙරෙන්නේ ජිමී වේල්ස් ගෙනි.
  මෙය ලාබ නොලබන ආයතනයක් ‍වන විකි මීඩියා ෆවුන්ඩේෂන් සතු පරිත්‍යාගශීලින්ගේ ලැබුනු ආධාර මුදල් මගින් මේ දැවැන්ත සද්කාර්ය මෙහයවනු ලබයි. දන්න‍වාද විකිපීඩියාවට වෙළද දැන්වීම් එක් කලොත් එහි ආදායම කෝටි පකෝටි ගනනින් ඉහල දැමිය හැකිය. එහෙත් එය විකිපීඩියාවේ ගෞරවයට හානියක් නිසා එක් නොකරයි.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note