Pages


Monday, May 2, 2011

Internet Explorer හි නවතම සංස්කරණය පසුගියදා නිකුත්වේ.




Internet Explorer හි නමවන සංස්කරණය (IE9) පසුගිය දා නිකුත්වූනා.  මයික්‍රොසොෆ්ට් සමාගම මේ වෙනුවෙන් www.beautyoftheweb.com නමින් වෙබ් අඩවියක්ද එලිදැක්වුවා. IE9 නිකුත්වී පැය 24 ගතවනවිට මිලියන දෙකකට අධික බාගත කිරීම් සංබ්‍යාවක් වාර්තාවී ඇත..
IE9 වෙබ් බ්‍රවුසරය නවතම අංග රැසකින් යුක්ත වෙනවා. පෙර සංස්කරනවල මෙන් Menu Bar එකක් මෙහි නොමැති අතර Search Bar එක හා Address Bar එක එකතුකොට
One Box නමින් නව අයිතමයක් හදුන්වා දී තිබෙනවා.IE9 සමග Chakra නමින් නව Javascript Engine එකක් හදුන්වාදී තිබෙනවා. මෙය Dual Core, Quad Core වැනි Cores කීපයක් ඇති Processors වලට ගැලපෙන ලෙස සැලසුම් කර තිබෙන නිසා වෙබ් අඩවි ඉතා ඉක්මනින් load වෙනවා. අලුත් ටැබ් එකක් open කලවිට Google Chrome වල මෙන් ඔබ වැඩිපුරම බලන වෙබ් අඩවි දහය පෙන්වනවා. මීට අමතරව පරිගණකයට හානිදායක virus, malware තිබෙන වෙබ් අඩවි හඳුනාගෙන ඒවා අවහිර කිරීමද සිදුකරනවා. 
IE9 වල ඇති ලොකුම අවාසිය තමයි Windows XP වල install කරන්න බැරිවීම. මෙම සංස්කරණය භාවිතා කරන්න පුළුවන් Windows Vista හා Windows 7, 32 bit හා 64bit මෙහෙයුම් පද්ධති වල විතරයි.


Download Internet explorer 

1 comment:

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note