Pages


Tuesday, September 27, 2011

කතුරුමූරුංගා ගස නිවසේ වහලයට වඩා උසවීම

රනිල කුලයේ ශාකවල දෑකිය හැකි ලකෂණයක් වන්නේ හිරු එළිය සමඟ ප්‍රතිචාර දෑක්වීමයි. කතුරුමූරුංගා ගස සම්බන්ධ විශ්වාස අතර මූල් බැසගත් ප්‍රධාන මතයක් වන්නේ ගස වහලට වඩා උසින් නොයා යූතු බවයි. එසේ ශාකය වර්ධනය වීම අසූබ ඵල ගෙනදෙන්නක් ලෙසයි. අසූබ ඵල ගෙනදීම කෙසේ වූවද ගස උසට වර්ධනය වීම ශාකයෙන් ලබාගත හැකි ඵල අඩූ කිරීමකි. උස ශාකවල පත්‍ර නෙළීම, මෙන්ම රසින් ද තිත්තය. ගස වහලේ උසට වඩා අඩූ උසකින් කප්පාදු කළ විට කොළ මල් කැඩීම පහසූ කරුණක්වේ. වක්‍ර ආකාරයෙන් ගැමි සිංහල ජනතාව සිදු කරනූයේ කතුරුමූරුංගා ශාකය කප්පාදු කිරීමක් නොවේද? ගසින් වැඩිඵල නෙළන්නටනම් කප්පාදු කිරීම අත්‍යාවශ්‍යවේ. ඔබේ නිවසේ ඇති කතුරුමූරුංගා ශාකය අසූබ නිසා නොව වැඩි ඵලදාවක් ලබන්නට වහලට උසින් වර්ධනය වීමට ඉඩ නොදි කප්පාදු කර ගන්න. 


 කතුරුමූරුංගා, එදා සිට අද දක්වා ඉතා රසවත් ආහාරයකි. කතුරුමූරුංගා ශාකය ගෙවතු වගාව ගැන උනන්දු වන බොහෝ දෙනා තම ගෙවත්තේ වගා කර ගැනීමට උත්සූක වූහ. මන්ද පෝෂණ ගුණය මෙන්ම ඉන් දිගුකාලීනව ලබාගත හැකි ඵල ප්‍රයෝජන බොහෝ ඇති නිසාය. කතුරුමූරුංගා කොළ, මල් ඉතා රසැති ලෙස පිළියෙල කිරීමට හැකිය. එහි බොහෝ ගුණ ඇති බව ආයූර්වේදයෙහිද සඳහන්වේ. කතුරුමූරුංගා සතු පෝෂණ ගුණය ගැන නොව ඒහා සම්බන්ධ මතිමතාන්තර බොහෝවේ. එහි සත්‍යතාවය විද්‍යාත්මකභාවය විමසා බැලීම ද, වැදගත්වේ

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note