Pages


Wednesday, October 5, 2011

තමාගේම නිවහනක සිහින දකින ඔබට....(1 කොටස )

නිවසක් තැනීමේදී සැලකිය යුතු මූලික කරුණු 2කි

1. සුදුසු භූමියක් තෝරා ගැනීම.


2. භූමියට සරිලන සැලසුමක් සහ ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම.


අපි මේවා ටිකක් විස්තරාත්මකව විමසලා බලමු.භූමියක් තෝරා ගැනීමේදීත් හොයල බලන්න ඕනි කරුණු කීපයක්ම තියනවා.

1. පිහිටි ආකාරය
තැනිතලාවක්ද බෑවුමක්ද නතිනම් පස් කපා මට්ටම් කර යුතු භූමියක්ද ,එසේ කපා ඉවත් කරන්නේ නම් කොපමන දුරකට ප්‍රවාහනය කල යුතුද, නතිනම් පස් පිරවිය යුතුනම් ඒ සම්බන්ධවද සලකා බැලිය යුතුය.ඉඩමට හොඳ ප්‍රවේශ මාර්ගයක් (අවම අඩි 10ක් වත් පළල මාර්ගයක්)තිබේදැයි බැලිය යුතුය.

2.භූමියේ උස ප්‍රමාණය සහ පිහිටි දිශාව
මුහුදු මට්ටමේ සිට ඇති උස සහ ගංගා පොකුණු වල සිට ඇති උස සලකා බැලීමෙන් ජල ගැලීම් ආදී උවදුරු වලින් සිදුවියහැකි අනතුරු පිලිබඳව යම් නිගමනයකට එලඹිය හැක.එසේම දිශාව පිලිබඳව සැලකීමේදී නිවසට හෝ ගොඩනැඟිල්ලට මනා පෙනුමක් ගෙන දෙන දිශාව සහ මනා හිරු එලියක් ලැබෙන සහ මනා වාතාශ්‍රයක් ලබෙන දිශාවන් පිලිබඳව සලකා බැලේ.

3. සේවා පහසුකම්

මේ යටතේ ජල, විදුලිය, දුරකතන සම්බන්ධතා,ජංගම දුරකථන ඇත්නම් සංඥා තත්වය, රූපවාහිනී සංඥා තත්වය පිලිබඳව සොයා බැලිය යුතුයි.

4.ආසන්න පිහිටීම්
ප්‍රධාන මාර්ග වලට ඇති දුර,පාසැල් වලට, ආගමික ස්ථාන වලට, වෙලඳපොලට, රෝහල් වලට, දුම් රිය බස් නැවතුම් ආදියට ඇති දුර පිලිබඳව සොයා බැලිය යුතුය.

5.ඉඩමේ ප්‍රමාණය

අනාගතයේ දී යම් වෙනස් කමක් හෝ නව ඉදිකිරීමක් කිරීමට බලා පොරොත්තු වේ නම් ඒ සඳහා සැලකිය යුතු තරමේ ඉඩමක් වීම.



6. වටිනාකම

දැනට ඉඩමේ වටිනාකම සහ අනාගතයේදී අතිවියහැකි වටිනාකම පිලිබඳව සලකා බැලීම.

7. අමුද්‍රව්‍ය සුලභත්වයනිවස තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය (ගල්,වැලි,ගඩොල්) පහසුවෙන් සපයා ගත හැකි බව.මෙමඟින් පිරිවැය අවම කල හැක.

8. පසෙහි ස්වභාවය
අත්තිවාරම් වලට බලපෑම් ඇතිවි හැකි බැවින් පසේ ස්වභාවය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කල යුතු දෙයකි.භූ පැලුම්,දෝනා ආදිය ඇති ඉඩම් මිලදී ගැනීමෙන් හැකි තාක් වලකින්න.

9.හිමිකම් වල ස්වභාවය.
මිලදීගැනීමට පෙර අනිවාර්යෙන්ම සොයා බැලිය යුතු කාරනයකි.වසර 30ක් වත් නිරවුල් හිමිකම් අතීතය පිලිබඳව සොයා බලන්න.තෑගි ඔප්පු, ප්‍රාන භුක්ති ඇති දේපල, හවුල් දේපල ආදිය විකිනීමේදී ගැටලු ඇතිවිහැකි බැවින් මනාව සොයා බලන්න.

ඉතින් අදට මෙච්චරයි.ලබන සතියේදී තවත් විස්තර ටිකක් කියන්නම්.ලබන සතියේ සුදුසු සැලැස්මක්සහ ඇස්තමේන්තුවක් සාදා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා බලමු.දැනටමත් ඉඩමක් තියන අය මේ කරුණු තමන්ගේ ඉඩමේ නෑ කියලා හිත නරක් කර ගන්න එපා.මේවගෙන් ටිකක් හරි තියනවනම් සතුටු වෙන්න.නැතත් නොයෙක් ඉදිකිරීම් ක්‍රම මගින් ඔබේ සිහින නිවස සැබෑවක් කරගන්න පුලුවන්'

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note