Pages


Wednesday, October 5, 2011

නිවසක්‌ තැනීමේදී නැකතක ඇති වැදගත්කම


නිවසක්‌ තැනීමේදී අත්තිවාරම් දැමීමට පෙර නිවාස සැලැස්‌ම දිශාගත කර ලණු ගැසීම . ඊළඟට මුල්ගල තැබීම කරනු ලබයි. මුල්ගල තබන්නේ එම නිවස සකස්‌ කිරීමේ යම්කිසි සැලැස්‌මකට අනුවයි. එහි සඳහන් වන දිග, පළල අනුව කවුරුන් විසින් හෝ සැලසුම නිර්මාණය කළත් එහි සියලු කටයුතු ජ්‍යෙතිෂයට අනුව විය යුතුය. මෙහිදී වරදා නොගත යුත්තේ තමාට අයිති භූමිය පිළිබඳව අවබෝධයකින් තොරව තමන්ගේ හිතවතෙකුගේ හා ඥාතියකුගේ නිවාස සැලසුමක්‌ ලබාගෙන එහි කුඩා කුඩා වෙනස්‌කම් කර නිවාස තනන්න යන අවස්‌ථාවන්ය. නිවාස සැලසුම් කරනවා කියන ඇතැමුන් කොටසක්‌ එම භූමිය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව සැලසුම් සකසාදීමත් ඒ අනුව නිවාස හිමියන් කටයුතු කරන්නට ගොස්‌ අමාරුවේ වැටුණු අවස්‌ථාවන්ද අපි ඕනෑ තරම් අසා තිබේ.

මෙවැනි කරුණු උඩ මුල්ගල ආදිය තැබීමේ කරුණුවලදී අපි අසා ඇති පරිදි ඇතැම් අවස්‌ථාවලදි මුල්ගල එතැනම පැළවෙලා යයි කියනු ලබයි. මෙසේ පටන් ගන්නා කාර්ය ඉතාම හොඳ අවබෝධයකින් සහ ඉතාම සුබ නැකතකින් ක්‍රියාත්මක කළහොත් එය කවදාවත් වරදින්නට හේතුවක්‌ නොමැත. වරදින්නට හේතුව වන්නේ නොදන්නා පැතිවලට මැදිවී කරන ක්‍රියා මාර්ගයන්ය. එම නිසා ඔබ සැලකිලිමත්වන්න නිවසක කොටසක්‌ සාදාගෙන යන්න කිසිම බාධාවක්‌ නොමැත. අපේ අතේ මිටේ තියෙන තරමට නිවසක්‌ හදන්න සැලසුම් කිරීමෙන් යොදා ගන්නා සැලසුම නිසි නැකැත් වේලාවට අනුව යොදා අත්තිවාරම් කටයුතුවල යොදා ගැනීමෙන් කාමරයක්‌ හෝ සාදාගෙන යන්නට බැරිකමක්‌ නොතිබිය යුතුය. ප්‍රශ්නය තිබෙන්නේ හරි දැනුමකින් තොරව කටයුතු කිරීම සහ අනුන්ගේ සැලසුම් තමාගේ නිවාස සඳහා යොදා ගැනීමයි. පැරණි අය එම කාර්ය බොහෝම හොඳින් දැනගෙන කටයුතු කළා. කිසිදු කරදරයකින් තොරව පුළු පුළුවන් වේලාවට බිත්තියෙන් බිත්තිය බැඳ නිවාස ගොඩනැගීමේ කටයුතු ඔවුන් කළා. අද වී ඇත්තේ බාහිර අලංකාරය වැනි දේවලට මැදිහත්වීමකි. තමන්ම තමා රවටා ගැනීමකි.

ලෝකය තුළ පුදුමාකාර විශ්මිත දෙයක්‌ ලෙස නැකැත් හඳුන්වා දිය හැකියි. නමුත් අද නැකැත් ඕනෑතරම් ඇත. ඕනෑම දවසක ඕනෑම කාලපරාසයක සුදුසු කාල හෝරාවක්‌ තෝරා ගැනීමෙන් නැකැත් සෑදීමට අද ජ්‍යෙතිෂඥයන්ට පුළුවන. නමුත් මුල්ගල තැබීම වැනි සුවිශේෂී කරුණුවලට සුදුසු නැකත් සාදාගැනීමක්‌ කළ යුතුමය.

උදාහරණයක්‌ ලෙස විවාහයන් සඳහා පෝරුවේ නැංවීමේ චාරිත්‍රය ඉතාම සුවිශේෂී නැකැතක්‌ අනුව සිදු කරනු ලබයි. එය තමාගේ පහසුකම්, හෝටලයේ ඉඩ තිබෙන දිනය යන ඒවාට සමාන කරගත නොහැකිය. ඉඩ තියෙන තැන් නොබලා නැකතට මුල්තැන දෙන්න පුළුවනි. එවිට එම කාර්ය සාර්ථකත්වයට පත් කරන්නට පුළුවනි.

නැකතට වඩා අනෙක්‌ කරුණුවලට මුල්තැන දිය යුතු නම් එය කිරීමට නොහැකි වෙයි. මා නිතරම මාගේ සේවාදායකයන්ට ලබාදෙන්නේ ඔවුන්ට සවන්දී නිසි නැකැත් ලබාදීමට කටයුතු කිරීමයි.

ඇතැම් අය දිනය ,කාලය, වේලාව යන සියල්ල තියාගෙන ඒ අනුව නැකත හදා දෙන්නටයි ඉල්ලීම් කරනු ලබන්නේ නමුත් හරි ජ්‍යෙතිෂයට අනුව එසේ කළ නොහැකියි. ලිතේ තිබෙන නැකතක්‌ එහාට මෙහාට කර ලියා දි ජනතාව මුලා කිරීම නියම ජ්‍යෙතිෂ නොවේ. එම නිසා නිවසක්‌ තැනිම සඳහා එන සේවාදායකයන්ට ඔවුන්ගේ ජන්ම පත්‍ර අනුව සහ භූමිය අනුව, ඔවුන්ගේ පවුලේ අයගේ ජන්ම පත්‍ර අනුව නිසි සුබම නැකත සාදා දීම කළ යුතුය.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note