Pages


Wednesday, October 5, 2011

පොඩි පොඩි ජෝක්ස්

මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..
මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..
ඔන්න කතාව


දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..

ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන
ඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් නම කියල ඉන්න බෙහෙත් කරන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන සර්
ඩොකා : අයිසේ..තමුසෙගේ නම කියල ඉන්නවකො ඇනපු උන් ගැන කියන්න කලින්..
ලෙඩා  : නම තමයි සර් ඇන්නේ පියසේන..

බැලින්නම් මිනිහගෙ නම N.A පියසේන...ඇන්.ඇම්.පෙරේරා වගේ ඒ නම් සිංහලෙන් ශබ්ද වෙන්නේ ඒ විදිහට නේ! මේ වගේ තව කතා  කොමෙන්ට් විදිහට එක් එක්කෙනා මගේ බ්ලොග් එකේ දාල යන්න..ආසනම් අනිත් අයටත් කියවන්න

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note