Pages


Monday, December 5, 2011

හොලොග්‍රැෆික් ගැන දන්නවද?




ඔයාලා දන්නවාද දැන් සෑබෑම ත්‍රිමාණ රූප මවන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ අලුත් තාක්ෂණය හදුන්වන්නේ “හොලොග්‍රැෆික්“(Holographic) යනුවෙන්. මෙහි මූලික තාක්ෂණය හොයාගත්තේ හන්ගේරියානු ජාතිකයෙකුවන ඩෙනිස් ගාබර් නැමැත්තෙක් ඒ 1947 දී. 1960 න් පසුව ලේසර් තාක්ෂණයත් එක්ක සමග මෙය ගොඩක් දියුණු වුණා. මෙහිදී රූප මැවෙන්නේ සාමාන්‍ය විධිහට තිරයක් මත දී නොවේ. එහිදී දර්ශන බලන කෙනා ඉස්සරහ ලේසර් කිරන පාවිච්චි කරල සැබෑම විධිහට රූප මවනවා. මේකට තමා කියන්නෙ හොලොග්‍රැෆික් දර්ශන කියලා. ඒවගේම මේවා සජීවී ඒව. ප්‍රධාන වශයෙන් කිරණ දෙකක් මෙහි සජීවී රූප මවන්න පාවිච්චි කරන්න භාවිතා කරනවා. එක ආලෝක කිරණයක් රූපය ප්‍රක්ෂේපණයටත් තවත් අලෝක කිරණයක් මැවෙන රූප අලෝකමත් කිරීමටත් යොදා ගන්නවා. මේ වෙනකොටත් ගොඩක් චිත්‍රපට වල මේ තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නවා. Star Wars, G.I Joe වගේ චිත්‍රපට බලල තියෙනව නං මේ තාක්ෂණය ඔයාලා දැකල ඇති.


මෙහි තව විශේෂත්වයක් තමයි ඕනෑම කෝණයකින් ත්‍රිමාණව නැරඹීමට හැකිවීම.  ඒ වගේම තවත් වැඩ ගොඩක් මෙකෙන් කරන්න පුළුවන්. 

මේ වෙනකොට මේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට තව තවත් පරීක්ෂණ කරගෙන යනවා. ඒවගේම මෙම තාක්ෂණයෙන් වෙනම රූපවාහීණී නිපදවීමටද බලාපොරොත්තු වෙනවා. 2022 දී ජපානයේ තියෙන ලෝක කුසලාන තරගය හොලොග්‍රැෆික් තාක්ෂණය යොදාගෙන සජීවී ආකාරයෙන්ම, සැබෑ ප්‍රමාණයෙන්ම පෙන්වීමට ජපාන විද්‍යාඥයන් හා NHK සමාගම සැරසෙනවා.
මේ තියෙන්නේ 

WORLD 1ST Live Holographic Video Conferencing එක




මේකත් බලන්නකෝ....



වැ‍ඩි දුර මේ ගැන අවදානයට මෙතනින් එන්න

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note