ඔබත් නිතර අන්තර්ජාලෙ සැරිසරන කෙනෙක් නම් කුකීස් (cookies) ගැන අහල නැති වෙන්න බෑ. එක එක සයිට් වලට යනකොට ඒවා අපේ කම්පියුටර්වල කුකීස් හදනව. ගොඩක් වෙලාවට මේව හදන්නෙ ඒ සයිට් එකට අපේ user preferences මතක තියාගන්න.
මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි බ්රව්සර් එකේ වෙබ් ලිපිනයක් ගැහුවම ඒ වෙබ් පිටුව තියෙන වෙබ් සර්වර් එකට සම්බන්ධ වෙනවා. එතකොට සර්වර් එක බලනවා අපේ මැෂින් එකේ එයා කලින් හදපු කුකීස් තියෙනවද කියලා. තියෙනව නම් ඒව කියවල අපි ගැන ඒකෙ ලියවිල තියෙන දේ හොයාගන්නව. එතකොට සර්වර් එකට පුළුවන් අපේ preferences අනුව සයිට් එක ලෝඩ් කරන්න. කලින් හදපු කුකීස් නැත්නම් අළුතෙන් කුකී එකක් අපේ හාඩ් ඩිස්ක් එකේ හදල ඒකට අළුත් දත්ත දානවා. මේ විදියට අළුතෙන් කුකීස් හදන්න සර්වර් එකට අපේ අවසරය ඉල්ලන්න ඕන නැහැ. මේක අපි නොදැනුවත්වම සිදුවෙනවා.
ඉතින් අපේ හාඩ් එකේ දැනට අපට හොරා හැදිල තියෙන කුකීස් බලා ගන්නෙ කොහොමද? ගූගල් ක්රෝම් පාවිච්චි කරනව නම් මේකට කරන්න තියෙන්නෙ Google Chrome Options වල Under the Hood ටැබ් එකේ