Pages

Wednesday, April 4, 2012

අපිට අපේකමක් තියෙනවද?




අපේකම යන වචනයට අර්ථයක් වගේම වටිනාකමක්ද නැතුව නොවේ. මෙය වටහා ගැනීමටත් පිලිගැනීමටත් අපේ අයට අවශ්‍ය නොවීම අපේ කම පිරිහීමේ මූලික අවධියයි.
අපේ ජාතිය අපේ ආගම අපේ රට අපේ ගම කියලා අපි පවසද්දි වගේම අපට ඇසෙද්දිත් අපට මහත් ආඩම්බරයක් අභිමානයක් සිතට මෙන් ගතටද දැනෙන්නේය.  එහෙත් අපේකම අපේ ගෙදරින්ම අහිමි වීම ආරම්භ වී ඇත... නිවසින් බැහැරට යාමට පලමුව දෙමාපිය පා නමදිද්දි මගේ පුතාට/ දුවට තුණුරුවන් සරණයි/ දෙවි පිහිටයි/ බුදු සරණයි. කියමින් හිස අත ගා ආශිර්වාද කරනු ලැබීය. ඒ තරමටම අපේකම නිවස තුල තිබුනි.
ඒ වගේම ගෙදර ඇති දැඩි වන සතා සිවුපාවන්ට ද අපේකමක් තිබුනි. අපේ හරකා,  අපේ බල්ලා, පූසා යනුවෙන් අපේකම කියා තිබිණ. අද අපේ පවුල තුල අපේකම ගිලිහි ගොස අවසන්.... මෙයට එක් මූලික හේතුවක් නම් අද මුදල මත යැපෙන සමාජයක කාර්ය්‍යබහුල ජීවන රටාවයි....

එදා නාබියට ඉහල සි‍ට වලලුකර දක්වා ඇදුම ඇන්ද අපේ කාන්තාව නාබියේ සිට අගල් ගනනක් පහතින් ද. දණහිසට අගල් අටක් පමණ ඉහලට දක්වා කෙටි වී ඇත. එසේත් නැත්නම් ඇගටම හිරවි ඇත... මේ අපේ කාන්තාවන් ගේ අපේකමට සිදුවි ඇති හානියයි.

පිරිමි පක්ෂය ද මීට දෙවෙනි  නොවේ ... එදා දරු මුනුබුරන් ඔඩොක්කුවේ හොවා කවි කතන්දර කියා දුන් අය අද නැත... අද එසේ මිනිබිරිය දුව ඔඩොක්කුවේ හොවා ගන්නේ කතාන්දර කිමට නොවේ අහස පොලව නුහුලන අපරාධයක් කිරීමටය... තම දියණිය මිණිබිරිය අදුනන්නේ නැති තරමටම පිරිමිකම පිරිහි ඇත ඉන් එහාට ඒ ගැන කීමට දෙයක්ද නැත....

එදා එකාවන් ව එක හඩට එක් වූ අපේ මිනිස්සු අද උස් වු තාප්ප වලින් වට වෙලා අල්ලපු ‍ගෙදර මල ගෙයක් වුනත් දන්නේ නැත... අසල්වැසියෙකුගේ දුක සැපෙන අපට වැඩක් නැත....
ඉතිං කෝ අද අපිට අපේකමක්? .... පරාර්තකාමයට වඩා ආත්මාර්තකම ඉස්මතුවි ඇති සමාජයක මිනිසුන් තිරිසන් වී ඇත‍‍‍... අපේ අනාගත පරපුරට මෙන්න අපේකම කියා පෙන්විය හැක්කේ පොතක පතක ලියන ලද අකුරු පේලියක් විතරද?.....
ඉතිං මොහොතක් හිතමු අපිට අපේකම රැක ගන්න බොහො දේ කරන්නට ඇත.. අපි අපේ අපේකම රැකගනිමු...