Pages


Monday, May 28, 2012

ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.

විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.

මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.

ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

ඔබට ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි ආකාර:
දුරකථන අංක : 0094 2 693532-34
ඊ-මේල් : director@mri.gov.lk
ගොසිප්9 ඇසුරෙනි
(http://www.gossip9.com/2012/05/blog-post_28.html#more)

Tuesday, May 22, 2012

Facebook Emoticonවලට ඇතුලත් එකම මිනිස් මුහුනේ අයිතිකරුවා කවරෙක් ද?

Chris Putnam






යම් දිනක ඔබ ෆේස්බුක්හි චැට් කරමින් සිටින විට දකුණු පස ඉහල බලා සිටින පුද්ගලයෙකුගේ මුහුනක් 


ඔබේ මිතුරෙකු ඔබට කිසියම් දිනෙක එවා තිබේද? ඔවුන් එසේ කලේ කෙසේ දැයි ඔබ ඔවුන් 


ගෙන් ඇසූ විට :putnam:ලෙස ටයිප් කල බව ඔවුන් පවසන්නට ඇත.


නමුත් Facebook Emoticon වලට ඇතුලත් මෙම එකම මිනිස් මුහුනේ අයිතිකරුවා කවරෙක්ද? 


යන්න ඔබ කිසිදිනෙක සිතුවාද?


මීට වසර 7කට පමන පෙර 2005 වසරේදී ක්‍රිස් පුට්නම්

(Chris Putnam) නම් වූ තරුණයෙකු ෆේස්බුක් වෙබ් අඩවිය ඉලක්ක කර පරිඝණක


වෛරසයක් නිර්මාණය කලේය. මෙම වෛරසයේ අවසන් ප්‍රථිඵලය වූයේ පුද්ගලයෙකුගේ
 ෆේස්බුක් ගිණුම මයිස්පේස් ගිණුමක් ලෙස දිස් වීමයි. මද කලකින් මෙම වෛරසයට
 ෆේස්බුක් ගිණුම් ගණනාවක් ගොදුරු විය.

වැඩි කල් නොගොස් මෙම වෛරසයේ නිර්මාපකයා ලෙස ක්‍රිස් පුට්නම් ෆේස්බුක් සමාගම

 හදුනාගත් අතර ඔහුව නීතිය හමුවට පැමිනවීම වෙනුවට ෆේස්බුක් සමාගම විසින් ඔහුව
 සේවයට බදවා ගන්නා ලදී. 

Referral Banners
E Note
E-note