Pages


Tuesday, June 5, 2012

ඕනෑම වෙබ් අඩවියක ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට සූදානම්


ඕනෑම වෙබ් අඩවියක ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

වෙබ් අඩවියක් ආරම්භ කිරීමට පෙර එහි ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම ඉතා වැදගත් බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි. 

වෙබ් අඩවියකට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමක් සිදුකර ඇත්නම් එම අවස්ථාවේ දී ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහය ලබාගත හැකි බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා‍ ප්‍රකාශ කරයි. 

එමෙන්ම දැනට පවත්වාගෙන යන වෙබ් අඩවියක දත්ත වෙනස් කර ඇති බවට සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග හා ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය කරුණු පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සම්බන්ධ කර ගත හැකි බව ද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වාදුන්නේය.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note