Pages


Tuesday, November 20, 2012

ලංකාවේ ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය ගින්නෙන් විනාශ වේ




ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත “ලංකාලෝකය” මුද්‍රණය කලේ ප්‍රථම සිංහල මුද්‍රණාලය වන “ලංකෝපකාර” මුද්‍රණාලයේය.
මෙම ලංකාවේ පැරණිතම හා ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රය දැනට තිබෙන්නේ කොග්ගල කතළුව රංවැල්ල පුරාණ විහාරස්ථානයේය.
එංගලන්තයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය තායිලන්තයේ හිටපු රජ කෙනෙකු වූ චූලලංකාර රජතුමා ක්‍රි.ව. 1862 දී බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවන්වහන්සේට, ලංකාලෝකය මුද්‍රණය කළ ලංකෝපකාර මුද්‍රණාලය ලබා දී තිබේ.

එවකට මේ යන්ත්‍රය ගාලු වරායට ගෙනවිත්, ගාල්ලෙ අටපට්‌ටම් විහාරය නොහොත් පරමානන්ද විහාරයේ සවිකර භාවිතයට ගෙන ඇත. ජාතිය අවදිකල පංචමහා වාද පැවැත්වූ යුගයේදී බෞද්ධයින්ට මහා ශක්‌තියක්‌ වුනේ මේ මුද්‍රණ යන්ත්‍රය තමයි. පානදුරාවාදයේදී, බද්දේගම වාදයේදී අවශ්‍ය පත්‍රිකා මෙන්ම පෝස්‌ටර් යනාදියත් නිර්මාණය කළේ මේ යන්ත්‍රයෙන්. සැබවින්ම මෙය ජාතියක්‌ අවධිකළ පුරාවස්‌තුවකි.

1942 දී, ලෝක යුද සමයේදී මෙය පානදුරේ රන්කොත් විහාරයට ගෙනගොස් ඇත . 1910 වනතුරුම මේ “ලංකෝපකාරය” මුද්‍රණාලය භාවිතා කර ඇත. ඉන්පසුවමෙය කතළුව රංවැල්ල පුරාණ විහාරයට රැගෙනගොස් ඇත .


නමුත් කතළුව ගිනිවැල්ල පුරාණ විහාරයේ තැන්පත් කර තබූ මෙම මුද්‍රණ යන්ත්‍ර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නකින් විනාශ වී ඇත.

මෙය කඩාකප්පල් ක්‍රියාවක් බව සැලකේ. මෙම සතියේ බ්‍රහස්පතින්දා හබරාදූවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පළාතේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ ගිහි පැවිදි ප්‍රභූන්ගේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබී ඇත. එහිදී මෙම ඉපැරැණි මුද්‍රණ යන්ත්‍රය ජාතික කෞතුකාගාරය වෙත ලබා දීමෙ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබී ඇත.

එවැනි තත්ත්වයක් යටතේ මෙම යන්ත්‍රය තබා තිබූ කොටස මුළුමණින්ම ගින්නෙන් විනාශ වීම පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කෙරේ.



No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note