Pages


Thursday, January 17, 2013

ලියාපදිංචි නොකර ගෙන එන ජංගම දුරකතන තහනම් කරයි



ශ‍්‍රී ලංකාවට ලියාපදිංචියකින් තොරව ගෙන එන ජංගම දුරකතන තහනම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන ජංගම දුරකතන හඳුනාගැනීමට සහ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට එම කොමිසම පියවර ගෙන ඇති අතර ඒ සඳහා නවීන තාක්ෂණික මෙවලම් ප්‍රයෝජනයට ගන්නා බවද සඳහන් කරයි.
මේ වනවිට තත්ත්වයෙන් බාල සහ නිසිලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන බවට තොරතුරු ලැබී තිබෙන අතර නව වැඩපිළිවෙල යටතේ ඒවායේ ඉමි අංක සොයා අධි තාක්ෂණික උපකරණ ඔස්සේ අදාළ දුරකථනවල සංඥා ක්‍රියාත්මක වීම අක‍්‍රීය කිරීම සිදුකෙරේ.


රට තුළට ගෙන එන සියලු ම දුරකතනවල ඇතිIMEI අංකයන් විදුලි සංදේශ නියාමන ‍කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කළ යුතුඅතර, මෙසේ ලියාපදිංචි වීම් අනිවාර්ය කර තිබියදීත් විශාල වශයෙන් අනවසරයෙන්දුරකතන රටට තුළට පැමිණෙන බවක් දිගින් දිගටම දැකිය හැකි වන බව පැල්පිට මහතාපවසයි.
මෙම තත්ත්වය නියාමන ‍කොමිෂන් සභාවට විශාල ගැටලුවක්ව පවතිනබැවින් නව ක්‍රමවේදයක් ඔස්සේ දුරකතන හොරුන් ඇල්ලීමට විදුලි සංදේශ නියාමනකොමිෂන් සභාව මඟින් ලබන වසරේ සිට කටයුතු යොදා ඇත.
Central  EIR  (Central Equipment Identity Register) නමින් හැඳින්වෙන මෙම නව ක්‍රමවේදය ඔස්සේවිදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ කොපමණ දුරකතන ප්‍රමාණයක් භාවිතයේ පවතින්නේදයන්න මෙන්ම  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් අනුමත නොකළ IMEI අංකයක් සහිතව අනවසරයෙන් දුරකතනයක් පාවිච්චි කරන්නේ නම් ඒවා වළක්වාලීමට දහැකිවේ.
මෙම නව ක්‍රමයහඳුන්වාදීමෙන් පසුව රට තුළ කිසිදු අයුරකින් විදුලි සංදේශ නියාමන කොමිෂන්සභාවේ ලියාපදිංචි නොවූ දූරකතනයක් පාවිච්චි කිරීමට අවසර නොදෙන බවත් දැනටමත්කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ දූරකතන පාවිච්චි කරන්නන් සඳහා යම් කිසි සහනකාලයක් ඔවුන්ගේ දූරකතන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචිකිරීමට ලබා දෙන බවත් පැල්පිට මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note