Pages


Thursday, January 17, 2013

ලියාපදිංචි නොකර ගෙන එන ජංගම දුරකතන තහනම් කරයි



ශ‍්‍රී ලංකාවට ලියාපදිංචියකින් තොරව ගෙන එන ජංගම දුරකතන තහනම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන ජංගම දුරකතන හඳුනාගැනීමට සහ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට එම කොමිසම පියවර ගෙන ඇති අතර ඒ සඳහා නවීන තාක්ෂණික මෙවලම් ප්‍රයෝජනයට ගන්නා බවද සඳහන් කරයි.
මේ වනවිට තත්ත්වයෙන් බාල සහ නිසිලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන බවට තොරතුරු ලැබී තිබෙන අතර නව වැඩපිළිවෙල යටතේ ඒවායේ ඉමි අංක සොයා අධි තාක්ෂණික උපකරණ ඔස්සේ අදාළ දුරකථනවල සංඥා ක්‍රියාත්මක වීම අක‍්‍රීය කිරීම සිදුකෙරේ.
Referral Banners
E Note
E-note