Pages


Monday, November 3, 2014

ඇපල් Health Kit හා තරඟයට Google Fit නිකුත්කෙරේ


Apple සමාගමේ Health Kit නම් ශරීර සුවතාව පිළිබඳ app එක්ට පිළිතුරක් ලෙස Google Fit නමින් අලුත්ම app එකක් නිකුත් කරන්නට Google සමාගම කටයුතු කරලා. අද දිනයේ හඳුන්වාදුන් මේ අලුත් app එක හරහා ඔබට ව්‍යායාම කටයුතු පිළිබඳ තොරතුරු දැගන්නට හැකියාව තිබෙනවා. ඒ අනුව ඔබ දිනකදී ඇවිදින පියවර ප්‍රමාණය, දුවන ප්‍රමාණය හෝ පාපැදියකින් ගමන්කරන ප්‍රමාණය පිළබඳව තොරතුරු සටහන් කරගැනීමට මේ Google Fit සමත්. ඒ වගේම දිනක් තුලදී සිදුකරන ව්‍යායාම් ප්‍රමාණය හෝ ව්‍යායාම් සඳහා වැය කරන වේලාව කලින් සටහන් කර අවශ්‍ය ප්‍රමාණයට ව්‍යායාම් කටයුතු සිදුවී ඇත්දැයි දැනගන්නටත් මේ app එක හරහා හැකියාව ලැබෙනවා.

මීට අමතරව වෙනන් සමාගම් මඟින් නිපදවා ඇති Fitness Trackers වුවත් Google Fit සඳහා භාවිත කරන්නට පුළුවනි. ඒ වගේම Android Wear මෙහෙයම් පද්ධතිය භාවිතවන ඕනෑම උපකරණයක් සඳහා Google Fit සහාය දක්වනවා. ඒ වගේම google.com/Fit වෙබ් අඩවිය හරහාත් Tablet උපකරණ හරහාත් ඔබේ ව්‍යායාම් තොරතුරු බලාගන්නට හැකියාව තිබෙනවා. ඒ කියන්නේ Gym එකේ Tread mill එකේ සිට ව්‍යායාම කරන ගමන්ම Tablet එක පාවිච්චි කරන්නටත් ඔබට හැකියාව තිබෙනවා. නොමිලයේ ලබාදෙන මේ ඇප් එක Google Play හරහා ඔබටත් Download කරන්නට හැකියාව තිබෙනවා



On Tuesday, Google released an app called Google Fit, which can track and store information on basic activities like running, walking, and biking to help you set and meet daily exercise goals.
This is not an entirely novel idea. Fitness companies like Fitbit and individual apps like   have been aiming to empower you with data about your health for a while now. In September, mean while,Apple debuted its own data-oriented fitness ecosystem named HealthKit, the digital equivalent of the folder your doctor pulls up when he wants to see your health history.
So, now that we’ve seen the fitness apps from both Apple and Google, we had to ask: Which one is better?
We've been playing with Health Kit for about a month now. On Wednesday, Yahoo Tech got a hands-on demo with Google Fit to learn more about how it’ll work with the company’s latest line of smart watches, tablets, and phones. Below, a comparison of the two systems. May the fittest app win.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note