Tuesday, August 31, 2010
කඑ පෙට්ටියේ නිර්මාතෘ මිය යයි... David Warren (inventor)
Tuesday, August 17, 2010
ඔන්ලයින් හාඩ් ඩිස්ක්
ඔන්න අද පොඩි වෙබ් සයිට් එකක් ගැන තමයි කියන්න යන්නෙ හැබැයි ලොකු වාසියකුත් තියෙනවා මේකේ. මොකක්ද දන්නවාද?
මෙහිදි අපේ පරිඝනකයේ හාඩ් ඩිස්ක් එක වගේම ඔන්ලයින් හාඩ් ඩිසක් එකක් අපට ලැබෙනවා. මෙහිදි අපට සාමාන්‍ය ඩිසක් එකකදි වැඩ කරන විටදි මෙන්ම කිරීමට පුඑවන ඒවා අවශ්‍ය කල් සුරැකිව තියාගන්නත් පුඑවන්.
Visit This Link...
https://www.jungledisk.com
Saturday, August 7, 2010
වෙබ් අඩවියක් නටවමුද?
මේක පොඩි වැඩක්.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.
ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා.
වැඩේ මෙන්න මෙහෙමයි....
1 පියවර-පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);
2පියවර-ඔයාලට නටවන්න ඕන කියලා හිතෙන වෙබ් අඩවියට යන්න.
3පියවර-ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මේ කෝඩ් එක පේස්ට් කරලා කී බෝඩ් එකේ එන්ටර් කී එක ඔබන්න.
දැන් පේනවා නේද වැඩේ?..කොහොමද? Fun නේද?
Facebook යාමට පෙර මේ ගැනත් සිතන්න . . . .
වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook . ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා , තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ . ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න , තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක් . ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය . බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත. Google.lk වෙත පිවිස search box එක තුල “F” අකුර යොදා බලන්න . එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ .
Facebook භාවිතා කරන අය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීමය. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.
තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.
ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත්ත කිරීමෙන් වලකින්න.
සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies , saved password ආදිය මකා දමන්න.
Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.
Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම වන්න.
කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිම්න් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.
ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.
සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න
මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook , yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook , yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook , yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. වැඩිපුරම මෙය කරන්නේ කෙල්ලන් ඉස්සරහය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ මිතුරියන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.
එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති .මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.
කොම්පියුටර් නිසා අපිට හැදෙන අලුත් ලෙඩක්..
ඒ සමික්ෂණයෙන් සොයගත්තේ පරිගණක පවිච්චි කරන්නන් වැඩි දෙනක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් කියා හදුන්වන කොන්දේ හා බෙල්ලේ වේදනාව ඇති කරන රෝගි තත්වයකට ගොදුරුව ඇති බවය..
පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පුද්ගලයින් දෙදහසකගෙන් පෞද්ගලිකව ඇසු ප්‍රශ්නාවලියකින් යුත් මේ සමික්ෂණයේ පෙනි ගිය තවත් කාරනයක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම්'' තත්වයට උර දෙන්නේය.එය නම් මුල් වෙලාවේදි මේ රෝගය ගැන යමක් නොදැනිමය..උලුක්කුවක්,වේදනාකරි තැල්මක් මෙන් නොව මේ රොගි තත්වයන් මුලින්ම දැනෙන්නේ නැත..එවා දැනෙනේ රොගය උත්සන්න වු අන්තිම කාලයෙදිය.එවිට බොහො විට පරක්කු වැඩිය.ප්‍රතිකාර ලෙස එක්කෝ දිර්ඝ කාලයක් විවේකයෙන් සිටිය යුතු වන්නේය.නැත්නම් රැකියාවෙන් විශ්‍රාම යා යුත්තේය..
ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් තත්වයෙන් පහසුවෙන් මිදෙන්නට පුලුවන.
* මේසය පිළිවේලට තාබාගන්න
* කොන්ද හරි කෙලින් තබාගෙන පුටුවේ වාඩිවේන්න.
* වැඩෙහි යෙදෙන හැම විනාඩි පහකටම වරක් වාඩි වි සිටින ඉරියව්ව වෙනස් කරන්න.
* වැඩෙහි යෙදෙන අතර තුර වතුර බොන්න.කොප්පයකින් බොනවට වඩා හොද බොතලයකින් බිමය..එවිට හිස ඉහලට ඔසවන නිසා බෙල්ල දිග හැර ව්‍යායාමයක් ලැබේ.
* එහාට මෙහාට පැද්දෙන්නේ නැති.සවිමත් පුටුවක වාඩි වෙන්න.
* පරිගණකයේ තිරයත්,යතුරු පුවරුව හා මවුසයත් පහසුම ඉරියව්වට ගැලපෙන සේ සකසාගන්න.
Wednesday, August 4, 2010
වින්ඩෝස් එක්ස්පි රෙජිස්ටිය වෙනස් කරමුවින්ඩෝස් එක්ස්පි රෙජිස්ටිය ටිකක් වෙනස් කරමුද?
මම දැන් කියන්න යන්නේ Start Menu එකේ තියෙන Menu ලැබෙන්න යන කාලය ඉක්මණ් කරගන්න විදිහක් ගැනයි.
-------------------------------------------------------------------------------------------------
1. මුලින්ම ඔයගොල්ලෝ Registry Editor එක ඕපන් කර ගත යුතුය.
Start > Run > Type regedit & Enter
2. පස්සේ එතනින් HKEY_CURRUNT_USER තෝරා ගන්න ඕනේ.
3. පස්සේ ලිස්ට් එකෙන් Controal Panel තෝරා ගන්න.
4. පස්සේ ලැබෙන ෆයිල් ගොඩින් (වම් පස) MenuShowDelay විධානය ඩබල් ක්ලික් කර ඕපන් කරගන්න.
5. පසුව EditStringMenu එක දක්නට ලැබෙයි. එහි අගය 0 ලෙස යොදා OK කර පරිඝණකය Restart කර බලන්න.
Windows රෙජිස්ට්‍රි එක ගෙඩිපිටින්ම බැකප් කිරීම.
මුලින්ම ස්ටාර්ට් ගිහින් රන් වලට යන්න.නැත්තමි winkey+r ඔබන්න.
එහි Regedit ලෙස ටයිප් කරන්න
ලැබෙන සංවාද කොටුවේ file > Export ලබා දෙන්න
නව ෆෝල්ඩරයක් මෙම බැකප් එක සදහා සාදාගෙන එයතුල save as type යන ස්ථානයේ Registration files (*.reg) ලෙසද Export Range යන ස්ථානයේ All යන්නද තෝරා කලින් නිර්මානය කරගත් ෆෝල්ඩරය තුල කැමති නමක් දී save කර ගන්න
දැන් registry editor close කර සේව් කල තැනට ගිහින් බැලුවොත් අපි දීපු නමින් ෆයිල් එකක් තියනවා. මේ වගේ
මේ බැකප් එක නැවත ස්ථාපනය කරගන්න ඔන විට එය ඕපන් කර ඕකේ කරන්න.
සැ.යු රෙජිස්ට්‍රි එක තුල යම් වරදක් ඔබ අතින් සිදු වුවහොත් වගකියනු නොලැබේ.
Tuesday, August 3, 2010
php වලින් simple login form එකක්
මෙහි action tag එක වෙනුවට එය හිස්ව උනත් තියන්න පුලුවන්.එමගින් මේ HTML page එකටම නැවත redirect වෙනවා
දැන් 2.php ෆයිල් එක පහත අකරයට පිලියල කර ගැනිම මගින් සරල log in form එකක් සාදා ගත හැක.
session_start(); මගින් session එකක් start කරගන්නා අතර,mysql_connect('localhost','root',''); මගින් database server එකට සම්බන්ධ කරනු ලැබේ.මෙහිදි වඩා සැලකිලි විය යුත්තේ hostname,user name,password, නිවැරිදිව ඉදිරිපත් කිරිමයි.මං localhost එකක්ක අත්හද බලපු නිසා එයට අදල පරිදි එවා ඉදිරිපත් කර ඇත.mysql_select_db(login_system); මගින් අදාල database එක select කරගනු ලබේ.
මෙම කොටසේදි login button එක click කල පසු $uname,$pass variable 2 කට user name , password දාගනු ලබයි.තවද මෙහිදි අදල user name එකdatabase එකේ තිබෙදැයි සොය බලන අතර, එහේ තිබෙනම් user name එක session variable එකකට දා ගන්නා අතරම ලොග් අවුට්(logout) විම සදහා ලින්ක් එකක් සදා ගනු ලබයි
log out විමට පහත ආකරයට ලොග් අවුට් ලින්ක් එක ක්ලික් කලපසු session එක හිස්(empty) කරනු ලැබේ.
Codes අපහැදිලි නම් ඒ මත click කරන්න
Hacks ගැන
hacker කෙනෙක් කියන්නෙ මොකෙද්ද?
පරිඝනක සම්බන්ධව වේවා වෙන විශයක් සම්බන්ධව වේවා විශිෂ්ට දෑනුමක් තියන කෙනෙක්ව හදුන්වන්න තමයි hacker කියන වචනය යොදාගෑනෙන්න. හිතනන්කො කොහොම කොහොම හරි කරලා ඔයා operating system එකක් ලිව්වා කියලා. ඕන් ඉතින් "ජුන්ඬෝස් පිස්සා" කියලා මිලකට හරි "පිනක්ස්" කියලා පිනට හරි දෙනවා ඔක. හිතන්නකො ඔකට hardware requirements විදියට 2GHz processor එකකුයි, 512mb memory එකකුයි ඔනා කියලා. ඕන් කොහේදෝ ඉදලා කඬාපාත්වෙච්ච බුවෙක් කියනවා ඕක 1.5Ghz processor එකකුයි, 256mb memory එකකුයි තියන pcඑකක runකරන්න හදන්න පුලුවන් කියලා.(කටින් බතල බුවාලා පිරුනු ලෝකයකනෙ අපි ජීවත් වෙනනෙ). අර බුවාට විසිල් වගේම බල්ටිත් පුලුවන්නම් ආන් එහෙම එකෙක් තමයි hacker කෙනෙක් කියන්නෙ.(කටින බතල විතරනම් එයාට කියන්නෙ බයිලා කාරයෙක් කියලා). nokia දුරකථන වල sp lock එක අයින් කරන්න විධි හොයාගත්තූ dejan , bluboxing(actually it's phreaking) කරලා long distance calls ලාබෙට ගන්න විධිය හොයාගත්ත Joe Engressia වගේ අයට තමයි hacker කෙනෙක් කියනනෙ. hacker නමට මුවා වෙලා එ වගේ අය හදපු tools වලින් වැඬදාන අයට කියන්නෙ script kiddeisලා කියලා.
මෙහෙම දේකුත් තියනවා, සාමාන්‍යයෙන් කෙනෙක් නෙදන්න trick එකකට hack එකක් කියලා කියනවා. හැබැයි එතනත් කතන්දර ගොඬයි.
mineswiper game එකේ xyzzy ctrl+alt+shift කියලා screen එක කොනේ yellow pixel එක දිහෑ බලාගෙන බෝම්බ වලට අහු නොවී යන එක, 3d text screen server එකේ volcano කියලා type කරලා development team එකේ නම් බලන එක hack එකක් නෙමේ. එවලට කියන්නෙ easter eggs කියලා. (ගූගල් දෙයියන්ගෙන් අහලා බලන්නකො easter eggs ගැන. දෙයි අම්බානක්.) එවා developersලා හිතා මතාම තියපුවා. එහෙම එකක් වලක්වන්න ඔයාට පුලුවන්කමක් නෑනෙ නේද?
IE block කරලා තියන xp pc එකක calculator එකේ help->help topics ගිහිල්ලා Internet යෑවිල්ල developerට වෙච්ච වෑරදීමක් (එකනේ sp3දී ඒක fix කරලා තියෙනනෙ). එහෙම එකක් පාවිච්චි කරන එක hack එකක් කියලා හෑදින්නුවට වෑරෑද්දක් නෑ. default installation එකක් කරපු xp machine එකක Administrator ගහලා password එක හිස් තියලා යන එක hack එකක් කිවවට වැරැද්දකුත් නෑ.
හුගක් අය ගේම ඉල්ලන්න දෙන talk එකක් තමයි "ආ.. පුලුවන්නම් මගෙ e-mail account එක hack කරලා පෙන්නපන්" කියන එක. ඔය ව්ගේ වෙලාවක attacker පාවිච්චි කරන technique එක අනුව කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. උදාහරණ දෙක තුනක් අරන් බලමුකො... ඔන්න වාටර් පිලිවෙලට යන්නම්.
1. හිතන්න ඔයා(attacker) බුවාව(victim) අදුනනවා කියලා. බුවාවම හරි ගෙදර වෙන කාව හරි ලාවට අන්දලා(social engineering) u3 එකකින් හරි elevated attachment එකකින් හරි පොරගෙ pc එකේ keystroke logger එකක් install කරලා password හොයාගන්න එකට කියන්න hack කියලා නෙමේ. එක espionage ඔය ඕන තරම් news යන්නෙ ලකුණු වැඬිකරගන්න teacher ගෙ pc එකට key-logger දාපු පොඬි එවුන් ගැන.
2.බුවාගෙ user account එකට brute force හරි dictionary attack හරි කරන එක. obviously scriptkiddy නේද?
3.බුවාගෙ router එක හරි modem එක හරි takeover කරලා session hijack පාරක් දාන එක. ම්ම්ම්ම්හ්... මෙහෙම දෙයක් කරද්දි අනිවාරයයෙන් tools පාවිච්චි කරන්න වෙනවා. නමුත් මෙතන tools පාවිච්චි කිරිල්ල හරියට හොද කාර්මිකයෙක් වාහනයක් නඬත්තු කරන්න අවශ්‍ය ආවුද පාවිච්චි කරනවා වගේ. (scriptkiddy කියන්නෙ ඔය මජං කඬන කොලුවෙක් ඉස්කුරුප්පු ණියනක් අරන් පොර වෙන්න හදනවට)
තව ඉතින් ඔයාලට හිතෙන ඒවත් ඇතිනෙ..
පොර වෙන්න හැදුව නෙමයි, මම දන්න දේ ඔයාල එක්ක බෙදාගන්නයි මේ උත්සහය. මේ ළිපිය කියවපු ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එකම දේ "තමන් දන්න hack එකක් ගෑන ලියපු මනුස්සයෙක්ට ගහන්න එපා, එයා කියපු දේ ඔයා දන්න දෙයක් උන පලියට. මොකද එකෙන් ඉගනගන්න අය බොහොමයි". computer security කියන්නෙ මහා ලොකු රහස් දැනුමක් නෙමේ. ඔයාලා දැනුවත් වෙන තරමට ඔයාලට ආරක්ෂා වෙන්න පුලුවන්. අපේ ගෙදරට alarms හයිකරන් එහා ගෙදරට හොරු පැනපන් කියලා බලන් ඉන්න ජාතියෙ කෙනෙක් වෙන්න එපා.
Wednesday, July 28, 2010
පෙන් ඩයිව් එකක තිබුන Files වයිරස් නිසා නොපෙනි ගියොත්?
මෙහෙම වෙන්නේ වයිරස් වැඩසටහනක් විසින් මෙම File & folder සොයා ගත නොහැකි ලෙස සැගවීමයි.
දැන් අපි බලමු මේ File & Folder හොයාගනනේ කොහොමද කියලා
Drive එකේ Drive Letter එක තොරාගන්න (E:\)
දැන් Dos Prompt එක ලබා ගන්න එහි E: ලෙස ටයිප් කොට Enter කරන්න
ඉන් පසු Dir /aa ලෙස ටයිප් කර නැවතත් Enter කරන්න නැවතත් Dir /ad ටයිප් කර Enter කරන්න
My Computer වින්‍ඩොවේ කිසිවක් නැති බව පෙන්නුවද මෙම කමානඩ් දෙකෙහිදි පෙන් ඩයිව් එකෙහි තිබු Files & Folder දකින්නට ඇත.
දැන් Attrib-h-s ලෙස ටයිප් කර Enter කරන්න. දැන් සැගවුනු File & Folder My Computer වින්ඩෝවේදි ඔයාලට දකින්න පුලුවනී.
Tuesday, July 27, 2010
පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි
ප්‍රවීන කාර්මිකයන් පවා පරිගනකවල ලෙඩ සෙවීමේදී බීප් හඬ අනුගමනය කරයි.මම ඔයාලට ඒ විදි ටික ලබා දෙන්නයි මේ සුදානම.
පහත ඇත්තේ අයි බි එම් සමාගමේ පරිගනක වලින් නිකුත්වන බීප් හඬේ සටහනකි.
කෙටි බීප් හඬ දෙකක් - POST/CMOS හි දෝශයක්.
200 to 299 - Memory
300 to 399 - Keyboard
400 to 499 - Monochrome display
700 to 799 - Math coprocessor
900 to 999 - Parallel Printer Port
1000 to 1099 - Alternat Printe adapter
1100 to 1299 - Asynchronous communication device adapter or port
1300 to 1399 - Game Port
1400 to 1499 - Color/graphics printer
1500 to 1599 - Synchronous communication device adapter or port
1800 to 1899 - Expansion unit (XT)
2000 to 2199 - Bisy nchroous communication adapter
2400 to 2599 - EGA system-board video (MCA)
3000 to 3199 - LAN adapter
4800 to 4999 - Internal modem
7000 to 7099 - Phoenix BIOS chip
7300 to 7399 - 3.5-inch disk drive
8900 to 8999 - MIDI adapter
11200 to 11299 - SCSI adapter
බීප් හඬ නැත - පවර් සප්ලයි එකේ හෝ මවු පුවරුවේ දෝශයකි.
නොනවතින බීප් හඬ - පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.
නැවත නැවතත් මතුවන කෙටි බීප් හඬ - මතකය පිළිබඳ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬක් - මවු පුවරුවේ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් - ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි.
එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් - ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි.
දිගු බීප් හඬ තුනක් - යතුරු පුවරුවේ දෝශයකි.
නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ - ප්‍රොසෙසරය අධිකව රත්වී දෝශ ගෙනදෙන .
web vote counter හදමුද?
පරිඝනක error මැසේජස්
මම අද ලියන්නේ පරිඝනක error මැසේජස් ගැන ඔයාලත් බලන්න ඔයාලගේ පරිඝනකය තුලින් මෙවගෙ මැසේජ් එකක් එනවද කියල.
පරිගනකයේ දිස්වෙන දේ | එහි තේරුම | කලයුතුදේ |
Non-system disk ordisk error | පරිගනක මෙහෙයුම් පද්ධතියෙන් නොව වෙනත් ඩිස්ක් එකකින් බූට්වීමට සැරසීම | ෆ්ලොපි ඩිස්ක් එකක් හෝ සීඩී-ඩීවීඩී හෝ පෙන් එකක් සම්බන්දනම් ගලවන්න |
Missing operating system Operating system not found | පරිගනකයට මෙහෙයුම් පද්ධතිය හඳුනාගැනීමට නොහැකිවී තිබේ | CMOS සෙටප් හෙවත් වැඩසටහනේ හාඩ් එකේ සෙටින්ග්ස් පරීක්ශාකොට ඒවා නියමිත පරිදි සකසන්න. |
Memor address error Memory test fail memory Parity error at xxx | RAM හි ගැටලු තිබේ | මෙමරි මොඩියුල් ගලවා නැවත් සවි කරන්න. සුද්ද කරන්න. |
Primary master hard disk fail Hard disk drive failure C: drive failure Not reading drive C:Fixd disk 0 failure | පද්ධතියට හාඩ් එක හඳුනා ගැනීමට නොහැකිවී තිබීම | CMOS හි හාඩ් ඩ්‍රයිව් සෙටින්ග්ස් පරික්ශා කරන්න.එහි පවර් සහ ඩේට කේබල් සුද්ද් කර නැවත ගසන්න. |
KB/interface error Gate A20failure Keyboard error | කී බෝඩ් එකේ දෝශ තිබීම | කීබොර්ඩ් එක ගලවා නැවත සුද්දකර ගසන්න.කී සිරවී ඇද්ද යන්න බලන්න |
CMOS battery state low system CMOS battery failed | CMOS බැටරිය බැස ගොසින් | බැටරිය අලුතින් යොදන්න |
CMOS checksum error CMOS checksum bad | CMOS සෙටින්වල කළ වෙනස්කම්,පද්ධතිය විසින් හඳුනාගෙන තිබේ.එසේම CMOS බැටරිය බැස ගොසින් තිබීමද විය හැක | CMOS වැඩ සටහන ක්‍රියාත්මක කොට වස්ස දමන්න උත්සහ කරන්න.නැත්නම් CMOS සෙටින්ග්ස් වලට ගොස් නියමිත පරිදි තිබේද බලන්න |
Wednesday, July 21, 2010
අපි මැරුණාම අපේ accounts වලට මොකද වෙන්නේ?
Gmail
ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා
l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක්
l මියගිය පුද්ගලයාගේ Gmail email address එක
l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක්( containing the full headers of an email message that the deceased person with the entire contents of the email)
l මරණ සහතිකය
l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා
තවත් වැඩි විස්තර ලබාගැනීමට http://mail.google.com/support/bin/answer.py?answer=14300 ට පිවිසෙන්න.
Yahoo
කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත්
Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි
http://www.facebook.com/help/contact.php?show_form=deceased,
MySpace
MySpace accounts access කිරීම සදහා අවස්ථා ලබා නොදේ නමුත් ඔබට අව්ශ්‍ය නම් MySpace account එක මකා දැමිය හැකියි. මේ සදහා accountcare@support.myspace.com ට සියලු විස්තර ඇතුලත්ව E-mail පණිවිඩයක් යවන්න වෙනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට deceased user policy ට පිවිසෙන්න.
Hotmail
ඔබට Hotmail account එකක් තිබෙනවානම් යම් කාලයක් inactive ව accounts තිබුනහොත් අවසානයේදි ඔබගේ සියලු විස්තර ඇතුලත්ව account එක මකා දමනවා(අවුරුද්දකින් පමණ). මෙම නිසා ඔබගේ account එක ඔබගේ ඥාතියෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නම් google ට වගේතොරතුරු සැපයීමට ඔබට සිදු වනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට Windows Live Help ට පිවිසෙන්න.
Friday, July 2, 2010
පරිගනක ante virus වැඩ සටහනකින් තොරව virus සොයා විනශ කිරිම
පලමුව my computer ඕපන් කරගන්න
පසුව tools ගොස් folder option වෙත යන්න
එහි ඇති view ටැබ් එකට පිවිසෙන්න.
එහි පහලින් අති show hidden files and folders යන්න මත ක්ලික් කරන්න්.
පසුව ඊට පහලින් ඇති hide extensions for know files යන්න මත ක්ලික් කරන්න
පසුව ඊට පහලින් ඇති hide protect operation system files(recommended) යන්න මත ක්ලික් කරන්න
දැන් apply කොට ok කරන්න
දැන් ඔබගෙ pen drive එක shift button එක press කරගෙන පරිගනකයට අතුලත් කරන්න
shift press කරනුයේ auto run එක නැවතිම සදහය(තත්පර කිහිපයක් ඔබගෙන සිටින්න)
දැන් my computer තුල ඇති folder button එක ක්ලික් කරන්න
එහි ඇති list එක මගින් ඔබගේ pen එකට පිවිසෙන්න(කිසිවිටකත් කෙලින්න්ම පෙන් එක ඔපන් කොට පිවිසීමෙන් වලකින්න)
දැන් ඔබගෙ pen එකහි ඔබ නොදන්නා files කිහිපයක් ඇත(සමහර virus වර්ග folder හැඩයෙන් යුත් ඒවාද වෙ.එවන් virus හදුනගන්නා ආකරය වෙනත් ලිපියකින් ඔබට ප්‍රකශ කොට ඇත)
දැන් ඔබ නොදන්නා files මකා දමන්න(මෙම files ඇත්තේ hidden කොටය)
මෙය ප්‍රධාන වශයෙන් autorun.inf හෝ ......exe නම් වලින් දැකිය හැකිය
සැ.යු:-
කිසිවිටකත් ඔබගේ පරිගනකයේ අති c:\ (c partition එකහි)ඇති hidden වු files මැකීමෙන් වලකින්න.ඊට හේතුව නම් මෙම files වින්ඩොවුස් පද්ධතියට අයත් වන files අතර එම files මැකුව හොත් ඔබගෙ පරිගනකය ක්‍රියා විරහිත වීමටද පුලුවන
ඩයුන්ලෝඩ් මැනේගර්ස් නොමෙතිව යූටීයුබ් වීඩීයොස් බාගමු
http://www.freepcclinic.com/download_youtube_video.html
ඔබේ වෙබ් අඩවිය සාර්ථක කර ගැනීමට උපදෙස් දහයක්
01 ඔබගේ වෙබ් අඩවිය හා අන්තර්ජාල වෙළඳ සැල මනාව සැළසුම් කර, විවිධ භාණ්ඩ හා සේවා පහසුවෙන් ළගා විය හැකිපරිදි දෙපාර්තමේන්තුගත කරන්න.
02 ඔබේ වෙළඳ සැල කෙසේ දිස් විය වුතු දියි කල්පනා කරන්න. අකුරුවල හා පසුබිමේ වර්ණ මනිව ගලපන්න, එම පසුබිමේ පෙළ කියවීමට අපහසු නම් වෙනස් කරන්න.
03 විවිධ පරිගනක විවිධ පෙළ ශෛලීන්ට පාදක වෙයි. ඔබේ වෙබ් අඩවිය සෑම කෙනෙකුගේම පරිගනක මත සමාන අකාරයෙන් දිස් වීමට නම්, Arial, Verdana හෝ Times New Roman අක්ෂර පමණක් භාවිතා කරන්න.
04 ඔබේ වෙබ් අඩවියේ පළමු පිටුව " මුල් පිටුව " හෝ පිළිගැනීමේ පිටුව වේ. ඔබ කවුද හා කුමක් කරනවාද යන්න එහිදී පවසන්න. මෙය කිව යුතු දෙයකැයි නොහැඟුන ද එය නොකර ගනුදෙනුකරුවන් අහිමි කර ගන්නා වෙබ් අඩවි බොහෝ ඇත.
05 ඔබේ මුල් පිටුවෙන් වෙළඳ සැළේ විවිධ දෙපාර්තමේන්තුවලට පිවිසිය හැක. එයට පිවිසෙන්නන්ට පහසුවෙන් මග සොයා ගත හැකි පරිදි එම සබඳතා පැහැදිලි විය යුතුය.
06 ඔබේ සියලු සබඳතා තොරතුරු ඊට ඇතුල් කරන්න, ඔබේ ඊ-මේල් ගිණුමට සෘජු සබඳතාවක් ද එහි යොදන්න. තොරතුරු නොමැති විට ඔබ යමක් සඟවා ඇතැයි පාරිභෝගකයෝ සැක කරති.
07 බල්බ බොහෝ යෙදූ බාල රේඩියෝවක් මෙන් ඔබේ වෙබ් අඩවිය පින්තූර හා වෙනත් දෘෂ්‍ය මායාවන්ගෙන් පුරවන්න එපා. දෘෂ්‍ය මායාවන් ඔබට ගෙන යා යුතු පණිවුඩයෙන් ගැනුම්කරු ඈත් කරයි.
08 කිලෝ බයිට් අඩු ගණනක ගොනු පමණක් පින්තූර ලෙස යොදන්න. ගොනු විශාල වන තරමට ඒවා බලන්නවුන්ගේ පරිගනක තිර මත දිස්වීමට බොහෝ වේලා ගත වේ. ඒ සඳහා බොහෝ වේලා ගත වේ නම් ඔබට ගනුදෙනුකරුවන් අහිමි විය හැක. විශාල පින්තූරයක් භවිතා කිරීමට ඔබට අවශ්‍ය නම්, එය කුඩා පින්තූරයක හෝ පෙළක දිගුවක් ලෙස යොදන්න, එවිට ඒ සඳහා බලා සිටීමට බලන්නා සූදානම්ය.
09 අද ලොව ප්‍රධාන අන්තර්ජාල බ්‍රවුසර කිහිපයක් කිබේ: Internet Explorer,Fire Fox Mozilla හා Google Chrome වශයෙනි. මනාව නිම කර නැති විට ඔබේ වෙබ් අඩවිය මේහි එක එක විදියට පෙනෙනු ඇත. මෙ කුමන හෝ
බ්‍රවුසරයක් සමඟ ඔබේ වෙබ් අඩවිය මනාව දිස් වන බව තහවුරු කරගන්න. කෙසේ වුවත් හොඳ මෘදුකාංග භාවිතයෙන් මේ බ්‍රවුසර දෙකේම මනාව පෙනෙන වෙබ් අඩවි තනා ගත හැක.
10 බොහෝ දෙනා සතු පරිගනක තිර 800 x 600 හෝ වැඩි ධාරිතාවෙන් යුක්ත වේ. විවිධ දර්ශන තත්ත්ව යටතේ ඔබේ වෙබ් අඩවිය මනාව දිස් වන බව තහවුරු කරගන්න. එක් දර්ශන තත්ත්වයක් සඳහා පමණක් නිර්මාණය කළහොත්, වෙනත් දර්ශන තත්ත්ව යටතේ එය ක්‍රියා නොකරනු ඇත.
Go Language ~ ගෝ පරිගනක භාෂාව
ඉතින් ඔයාලට පුළුවන් www.golang.org කියන වෙබ් අඩවියෙන් මේ ගැන වැඩි විස්තර ලබා ගන්න. ඒ වගේම මේ නවතම පරිගනක භාෂාව ගැන අවශ්‍ය තාක්ෂණික උපදෙස් වගේම අවෂ්‍ය tutorial වගේ ඒවත් මේ වෙබ් අඩවියෙන් නොමිලයේම ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න. මේකත් open source වර්ගයේ පරිගණක භාෂාවක්
වැඩි විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://en.wikipedia.org/wiki/Go_(programming_language)
Wednesday, June 30, 2010
Keyboard Shortcuts
CTRL and B Bold text.
CTRL and C Copies the item or text to the Clipboard and can be pasted using CTRL and V.
CTRL and D Displays the Font dialogue box.
CTRL and E Centre Alignment.
CTRL and F Displays the Find dialog box, to search the current document.
CTRL and G Displays the Go to dialog box, to go to a specific location in the current document.
CTRL and H Displays the Replace dialogue box.
CTRL and I Italic text.
CTRL and J Full Justification.
CTRL and K Create Hyperlink
CTRL and L Left Alignment
CTRL and M Tab
CTRL and N Creates a new document.
CTRL and O Displays the Open File dialogue box.
CTRL and P Displays the Print dialog box.
CTRL and R Right Alignment.
CTRL and S Displays the Save dialog box.
CTRL and U Underline text
CTRL and V Pastes the copied item or text from the Clipboard into the current position in the document.
CTRL and X Cuts the item or text selected to the Clipboard.
CTRL and Y Redo the last undone action.
CTRL and Z Undoes the last action.
CTRL and ENTER Insert Page Break.
CTRL and F2 Show Print preview.
CTRL and F4 Closes the active document window.
CTRL and F6 Opens the next document window.
Keyboard Shortcuts Result in Microsoft Word
F1 key Get help or use the Office assistant.
SHIFT and F1 Key Context sensitive help.
F2 Key Move text or image.
SHIFT and F2 Key Copy Text.
F3 Key Insert an autotext entry.
SHIFT and F3 Key Change the case of the selected text.
F4 Key Perform last action again.
SHIFT and F4 Key Perform a Find or Go to action again.
F5 Key Displays the Go to dialogue box, from here you can also Find and Replace.
SHIFT and F5 Key Move to a previous revision.
F6 Key Go to the next frame or pane.
SHIFT and F6 Key Go to the previous frame or pane.
F7 Key Launch the Spell checker.
SHIFT and F7 Key Launch the Thesaurus.
F8 Key Extend the current selection.
SHIFT and F8 Key Shrink the current selection.
F9 Key Update the selected fields.
SHIFT and F9 Key Switch between a field code and it's result.
F10 Key Activate the menu bar.
SHIFT and F10 Key Display a Shortcut Menu. Same as right clicking.
F11 Key Go to the next field.
SHIFT and F11 Key Go to the previous field.
F12 Key Save file As, equivalent to tools menu.
SHIFT and F12 Key Save document, equivalent to tools menu
Tuesday, June 22, 2010
වෙබ් ලිපින කැමති හැටියට වෙනස් කොට දෙන .tk
www.dot.tk
Saturday, June 19, 2010
අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරදි අදහස්
512kbps යනු “ත්තපරයකට කිලොබිටි 512 ක වේගයක් ( 512 kilobits per second )” යන්නයි. සන්නිවේදන මාර්ගයක දත්ත සම්ප්‍රේෂණය කල හැකි වේගය මනිනු ලබන්නෙ බිට් [ bit ] වලිනි . මේ අනුව යම් ගොනුවක් සම්ප්‍රේෂණය වන්නෙ බිට් [ bit ] වලිනි . බිට් ( bit ) අටක් බයිට් ( byte ) එකකි .
512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට බාගත ( Download ) කරන කිලොබයිට් ( kilobyte ) ප්‍රමාණය බැලීමට නම් 512 යන්න අටෙන් බෙදිය යුතුයි . එවිට ලැබෙන පිළිතුර 64 යි . එනම් 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට කිලොබයිට් 64 ක් බාගත ( Download ) වන බවයි . මෙගාබයිට් ( megabyte) එකක ගොනුවක් බාගත කිරීමට දළ වශයෙන් තත්පර 16 ක පමණ කාලයකුත් ,මෙගාබයිට් 700 ( 700MB ) ක් හෙවත් සාමාන්‍ය CD එකක ඇතුලත් දත්ත ප්‍රමාණයක් බාගත කිරීමට දළ වශයෙන් විනාඩි 187 ක පමණ කාලයකුත් ගතවේ . නමුත් සත්‍ය වශයෙන්ම භෟතික විද්‍යවෙ සිද්ධාන්ත මත අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන උපරිම වේගය ලබාගත නොහැක .
පහත සදහන් හේතු මත අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය අඩුවිය හැක .
ආසන්නතම දුරකතන හුවමාරුවෙන් සේවා සපයන ග්‍රාහකයන් ගණන කොපමණද යන්න.
එක් වරකදී අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින ග්‍රාහකයන් ගණන.
ග්‍රාහකයාට ආසන්නතම දුරකථන හුවමාරුවට ඇති දුර ( වැඩි නම් වේගය අඩුය ).
ආසන්නතම දුරකතන හුවමාරුවේ සිට එන රැහැන් මාර්ගයේ දුර හා එහි ඝණකම.
නිවසේ තිබෙන වෙනත් විදුලි මාර්ග හා රැහැන් වලින් ඇතිවන විද්‍යූත් චුම්බක බලපෑම .
ග්‍රාහකයා පාවිච්චි කරන මොඩමයේ ගති ගුණ (අන්තර්ජාල සම්බන්ධතාවේ වේගයට ගැලපිය යුතුයි ) .
Windows 7 පරිගණකය තුල ස්ථාපනය සදහා පද්ධති අවශ්‍යතාවය
1 GB (gigabyte) RAM (32-bit) or 2 GB RAM (64-bit)
16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit )
DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
අමතර අවශ්‍යතා
Internet access (fees may apply)
Depending on resolution, video playback may require additional memory and advanced graphics hardware
Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
For some Windows Media Center functionality a TV tuner and additional hardware may be required
Windows Touch and Tablet PCs require specific hardware
HomeGroup requires a network and PCs running Windows 7
DVD/CD authoring requires a compatible optical drive
BitLocker requires Trusted Platform Module (TPM) 1.2
BitLocker To Go requires a USB flash drive
Windows XP Mode requires an additional 1 GB of RAM, an additional 15 GB of available hard disk space, and a processor capable of hardware virtualization with Intel VT or AMD-V turned on
Music and sound require audio output
Product functionality and graphics may vary based on your system configuration. Some features may require advanced or additional hardware.
Friday, June 18, 2010
Download a Firefox version that speaks your language.
නැතිනම මෙන්න බලන්න
Download a Firefox version that speaks your language.
Firefox is available in over 70 languages, thanks to the contributions from Mozilla community members around the world.
Download
ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද?
මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක (International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
*#06#
එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.
ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.
උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතුටු දායකය.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්යටද මහත් තර්ජනයකි.
ආයුබෝවන්
ඉතිං ඇවිත් බලන්න මා දන්නා ඔබ නොදන්නා දේ ඇතිද වග.............