Pages


Wednesday, July 28, 2010

පෙන් ‍ඩයිව් එකක තිබුන Files වයිරස් නිසා නොපෙනි ගියොත්?

මෙහෙම වෙන්නේ වයිරස් වැඩසටහනක් විසින් මෙ‍ම File & folder සොයා ගත නොහැකි ලෙස සැගවීමයි.

දැන් අපි බලමු මේ File & Folder හොයාගනනේ කොහොමද කියලා

Drive එකේ Drive Letter එක තොරාගන්න (E:\)

දැන් Dos Prompt එක ලබා ගන්න එහි E: ලෙස ‍ටයිප් කොට Enter කරන්න

ඉන් පසු Dir /aa ලෙස ටයිප් කර නැවතත් Enter කරන්න නැවතත් Dir /ad ටයිප් කර Enter කරන්න

My Computer වින්‍‍‍ඩොවේ කිසිවක් නැති බව පෙන්නුවද මෙ‍ම කමානඩ් දෙකෙහිදි පෙන් ‍ඩයිව් එකෙහි තිබු Files & Folder ‍දකින්නට ඇත.

දැන් Attrib-h-s ලෙස ටයිප් කර Enter කරන්න. දැන් සැගවුනු File & Folder My Computer වින්ඩෝවේදි ඔයාලට දකින්න පුලුවනී.

Tuesday, July 27, 2010

පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි

ඔයල දන්නවාද? පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි කියල.මෙයට යම් හේතුවක් තියෙනවා.
ප්‍රවීන කාර්මිකයන් පවා පරිගනකවල ලෙඩ සෙවීමේදී බීප් හඬ අනුගමනය කරයි.මම ඔයාලට ඒ විදි ටික ලබා දෙන්නයි මේ සුදානම.

පහත ඇත්තේ අයි බි එම් සමාගමේ පරිගනක වලින් නිකුත්වන බීප් හඬේ සටහනකි.

කෙටි බීප් හඬක් - පරිගනකයේ දෝශයක් නැත.
කෙටි බීප් හඬ දෙකක් - POST/CMOS හි දෝශයක්.

ඔබේ පරිගනකයේමෙන්න මේ කේතයන් පෙනෙනවද කියල බලන්න.

100 to 199 - System boards
200 to 299 - Memory
300 to 399 - Keyboard
400 to 499 - Monochrome display
700 to 799 - Math coprocessor
900 to 999 - Parallel Printer Port
1000 to 1099 - Alternat Printe adapter
1100 to 1299 - Asynchronous communication device adapter or port
1300 to 1399 - Game Port
1400 to 1499 - Color/graphics printer
1500 to 1599 - Synchronous communication device adapter or port
1800 to 1899 - Expansion unit (XT)
2000 to 2199 - Bisy nchroous communication adapter
2400 to 2599 - EGA system-board video (MCA)
3000 to 3199 - LAN adapter
4800 to 4999 - Internal modem
7000 to 7099 - Phoenix BIOS chip
7300 to 7399 - 3.5-inch disk drive
8900 to 8999 - MIDI adapter
11200 to 11299 - SCSI adapter


බීප් හඬ නැත - පවර් සප්ලයි එකේ හෝ මවු පුවරුවේ දෝශයකි.
නොනවතින බීප් හඬ
- පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.
නැවත නැවතත් මතුවන කෙටි බීප් හඬ -
මතකය පිළිබඳ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬක් -
මවු පුවරුවේ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් -
ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි.
එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් -
ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි.
දිගු බීප් හඬ තුනක් -
යතුරු පුවරුවේ දෝශයකි.
නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ -
ප්‍රොසෙසරය අධිකව රත්වී දෝශ ගෙනදෙන .

web vote counter හදමුද?

ඔයාලත් කැමතිද ඔයාලගෙ අඩවියට web vote counter එකක් පහසුවෙන් ම හදාගන්න.ඒක ලේසියි.සිංහලෙන් උනත් හදාගන්න පුලුවන්.

පරිඝනක error මැසේජස්


මම අද ලියන්නේ පරිඝනක error මැසේජස් ගැන ඔයාලත් බලන්න ඔයාලගේ ‍පරිඝනකය තුලින් මෙවගෙ මැසේජ් එකක් එනවද කියල.


පරිගනකයේ දිස්වෙන දේ
එහි
තේරුම
කලයුතුදේ
Non-system
disk ordisk error
පරිගනක
මෙහෙයුම් පද්ධතියෙන් නොව වෙනත් ඩිස්ක් එකකින් බූට්වීමට සැරසීම
ෆ්ලොපි ඩිස්ක් එකක් හෝ
සීඩී-ඩීවීඩී හෝ පෙන් එකක් සම්බන්දනම් ගලවන්න
Missing
operating system Operating system not found
පරිගනකයට
මෙහෙයුම් පද්ධතිය හඳුනාගැනීමට නොහැකිවී තිබේ
CMOS සෙටප් හෙවත්
වැඩසටහනේ හාඩ් එකේ සෙටින්ග්ස් පරීක්ශාකොට ඒවා නියමිත පරිදි සකසන්න.
Memor
address error

Memory test fail
memory Parity error at xxx
RAM හි
ගැටලු තිබේ
මෙමරි මොඩියුල් ගලවා
නැවත් සවි කරන්න. සුද්ද කරන්න.
Primary
master hard disk fail Hard disk drive failure C: drive failure Not
reading drive C:Fixd disk 0 failure
පද්ධතියට
හාඩ් එක හඳුනා ගැනීමට නොහැකිවී තිබීම
CMOS හි හාඩ් ඩ්‍රයිව්
සෙටින්ග්ස් පරික්ශා කරන්න.එහි පවර් සහ ඩේට කේබල් සුද්ද් කර නැවත ගසන්න.

KB/interface error Gate A20failure Keyboard error
කී බෝඩ්
එකේ දෝශ තිබීම
කීබොර්ඩ් එක ගලවා නැවත
සුද්දකර ගසන්න.කී සිරවී ඇද්ද යන්න බලන්න
CMOS
battery state low system CMOS battery failed
CMOS
බැටරිය බැස ගොසින්
බැටරිය අලුතින් යොදන්න
CMOS
checksum error

CMOS checksum bad
CMOS
සෙටින්වල කළ වෙනස්කම්,පද්ධතිය විසින් හඳුනාගෙන තිබේ.එසේම CMOS බැටරිය බැස
ගොසින් තිබීමද විය හැක
CMOS වැඩ සටහන
ක්‍රියාත්මක කොට වස්ස දමන්න උත්සහ කරන්න.නැත්නම් CMOS සෙටින්ග්ස් වලට ගොස්
නියමිත පරිදි තිබේද බලන්න


Wednesday, July 21, 2010

අපි මැරුණාම අපේ accounts වලට මොකද වෙන්නේ?







ඔයගොල්ලො කවදා හරි හිතලා තියනවද අපි මැරුණ දවසක අපගේ විවිධ accounts වලට (Facebook, Gmail, Yahoo වගේ) මොනවා වෙයිද කියලා. තව කාට හරි අපේ වලට Accounts භාවිතා කරන්න පුලුවන්ද ? කියලා...දන්නවද බොහොමයක් වෙබ් සයිට් සදහා මෙයට විවිධ ප්‍රථිපත්ති තියෙනවා මියගිය පුද්ගලයන්ගේ accountsසදහා...මේ තියෙන්නේ ජනප්‍රිය වෙබ් සයිට් කිහිපයක ඇති එවැනි ප්‍රථිපත්ති

Gmail

ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා
l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක්
l මියගිය පුද්ගලයාගේ Gmail email address එක
l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක්( containing the full headers of an email message that the deceased person with the entire contents of the email)
l මරණ සහතිකය
l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා
තවත් වැඩි විස්තර ලබාගැනීමට http://mail.google.com/support/bin/answer.py?answer=14300 ට පිවිසෙන්න.

Yahoo

කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත්


Facebook

Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි
http://www.facebook.com/help/contact.php?show_form=deceased,

MySpace

MySpace accounts access කිරීම සදහා අවස්ථා ලබා නොදේ නමුත් ඔබට අව්ශ්‍ය නම් MySpace account එක මකා දැමිය හැකියි. මේ සදහා accountcare@support.myspace.com ට සියලු විස්තර ඇතුලත්ව E-mail පණිවිඩයක් යවන්න වෙනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට deceased user policy ට පිවිසෙන්න.

Hotmail

ඔබට Hotmail account එකක් තිබෙනවානම් යම් කාලයක් inactive ව accounts තිබුනහොත් අවසානයේදි ඔබගේ සියලු විස්තර ඇතුලත්ව account එක මකා දමනවා(අවුරුද්දකින් පමණ). මෙම නිසා ඔබගේ account එක ඔබගේ ඥාතියෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නම් google ට වගේතොරතුරු සැපයීමට ඔබට සිදු වනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට Windows Live Help ට පිවිසෙන්න.


Friday, July 2, 2010

පරිගනක ante virus වැඩ සටහනකින් තොරව virus සොයා විනශ කිරිම

ඔබට ඔබ භාවිත කරන pen drive එක මගින් පැමිනෙන virus මහත් හිසරදයක්ද?මෙන්න ඒසඳහා කලහැකි හොදම විසදුම.කිසිදු පරිගනක වැඩසටහනක් අවශ්ය නොවේ.කල යුතු ආකරය ඔබ හට මම කියාදෙන්නම්. එතරම් විශාල කර්යයක් නොවේ.මම මෙම ක්‍රමය මගින් virus ඉවත කොට පරිගනකය ආරක්ශා කරගන්න්නේ බොහෝකලක සිටය.
පලමුව my computer ඕපන් කරගන්න


පසුව tools ගොස් folder option වෙත යන්න



එහි ඇති view ටැබ් එකට පිවිසෙන්න.



එහි පහලින් අති show hidden files and folders යන්න මත ක්ලික් කරන්න්.



පසුව ඊට පහලින් ඇති hide extensions for know files යන්න මත ක්ලික් කරන්න



පසුව ඊට පහලින් ඇති hide protect operation system files(recommended) යන්න මත ක්ලික් කරන්න



දැන් apply කොට ok කරන්න
දැන් ඔබගෙ pen drive එක shift button එක press කරගෙන පරිගනකයට අතුලත් කරන්න

shift press කරනුයේ auto run එක නැවතිම සදහය(තත්පර කිහිපයක් ඔබගෙන සිටින්න)

දැන් my computer තුල ඇති folder button එක ක්ලික් කරන්න

එහි ඇති list එක මගින් ඔබගේ pen එකට පිවිසෙන්න(කිසිවිටකත් කෙලින්න්ම පෙන් එක ඔපන් කොට පිවිසීමෙන් වලකින්න)



දැන් ඔබගෙ pen එකහි ඔබ නොදන්නා files කිහිපයක් ඇත(සමහර virus වර්ග folder හැඩයෙන් යුත් ඒවාද වෙ.එවන් virus හදුනගන්නා ආකරය වෙනත් ලිපියකින් ඔබට ප්‍රකශ කොට ඇත)
දැන් ඔබ නොදන්නා files මකා දමන්න(මෙම files ඇත්තේ hidden කොටය)
මෙය ප්‍රධාන වශයෙන් autorun.inf හෝ ......exe නම් වලින් දැකිය හැකිය

සැ.යු:-
කිසිවිටකත් ඔබගේ පරිගනකයේ අති c:\ (c partition එකහි)ඇති hidden වු files මැකීමෙන් වලකින්න.ඊට හේතුව නම් මෙම files වින්ඩොවුස් පද්ධතියට අයත් වන files අතර එම files මැකුව හොත් ඔබගෙ පරිගනකය ක්‍රියා විරහිත වීමටද පුලුවන

ඩයුන්ලෝඩ් මැනේගර්ස් නොමෙතිව යූටීයුබ් වීඩීයොස් බාගමු

අපි ඉතින් කවුරුත් දන්නවා නේ යූටීයුබ් කියන්නේ මොකක්ද කියලා.ඒකේ ඉතින් ලංකාවේ විතරක් නැවෙයි මුලු ලෝකෙම වීඩීයෝස් තියෙන වග ඔයාලා දන්නවා නේද.ඒ වීඩීයෝස් බලන්න විතරයි නේද පුලුවන්?.මේකෙන් ඒ වීඩීයෝස් බාගත කරගන්න පුලුවන් .මොනවත් ඩවුන්ලෝඩ් කරන්න ඕනා නෑ. අපි දැන් වැඩේට බහිමු මුලින්ම ඔබට බාගත කර ගැනීමට ඕනා කරන වීඩීයෝ එක ඕපන් කරගන්නකෝ.හරි දැන් ඕපන් කරගත්තාට පස්සේ දැන් යූ ටී යුබ් එකේ තියෙන යූ ආර් එල් එක කොපි කරගෙන විත් මෙන්න මේ ලින්ක් එකට ගොස් එහි ඇති බොක්ස් එකට පේස්ට් කරන්න .එවිට එය එම් පී 4 ෆොර්මැට් එකෙන් ලැබෙනු ඇත් ඕනා නම් විවිද ෆෝර්මැට් වලිනුත් කරීමට පුලුවන මේකේ තියෙනවා ඔක්කෝම විස්තර ගිහිල්ලා බාගත කරගන්නකෝ.මේක ඉතින් සමහර ඩවුන්ලෝඩ් මැනේජර්ස් වලිනුත් කරන්න පුලුවන් වැඩක් ඉතින් අපි මොකටද බොරුවට පරිගනකයේ ඕවා බොරුවට ස්තාපනය කරන්නේ .අපි ඉතින් කැමතියි ඔයාලා මේක ගැන හිතන දේවල් දැන ගන්න ඒක හින්දා කොමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න

http://www.freepcclinic.com/download_youtube_video.html

ඔබේ වෙබ් අඩවිය සාර්ථක කර ගැනීමට උපදෙස් දහයක්

වෙබ් අඩවියක් හෝ අන්තර්ජාල වෙළඳ සැලක් නිර්මාණයේදී බොහෝ වාසි සළසා දෙන නීති කිහිපයකි.

01 ඔබගේ වෙබ් අඩවිය හා අන්තර්ජාල වෙළඳ සැල මනාව සැළසුම් කර, විවිධ භාණ්ඩ හා සේවා පහසුවෙන් ළගා විය හැකිපරිදි දෙපාර්තමේන්තුගත කරන්න.

02 ඔබේ වෙළඳ සැල කෙසේ දිස් විය වුතු දියි කල්පනා කරන්න. අකුරුවල හා පසුබිමේ වර්ණ මනිව ගලපන්න, එම පසුබිමේ පෙළ කියවීමට අපහසු නම් වෙනස් කරන්න.

03 විවිධ පරිගනක විවිධ පෙළ ශෛලීන්ට පාදක වෙයි. ඔබේ වෙබ් අඩවිය සෑම කෙනෙකුගේම පරිගනක මත සමාන අකාරයෙන් දිස් වීමට නම්, Arial, Verdana හෝ Times New Roman අක්ෂර පමණක් භාවිතා කරන්න.

04 ඔබේ වෙබ් අඩවියේ පළමු පිටුව " මුල් පිටුව " හෝ පිළිගැනීමේ පිටුව වේ. ඔබ කවුද හා කුමක් කරනවාද යන්න එහිදී පවසන්න. මෙය කිව යුතු දෙයකැයි නොහැඟුන ද එය නොකර ගනුදෙනුකරුවන් අහිමි කර ගන්නා වෙබ් අඩවි බොහෝ ඇත.

05 ඔබේ මුල් පිටුවෙන් වෙළඳ සැළේ විවිධ දෙපාර්තමේන්තුවලට පිවිසිය හැක. එයට පිවිසෙන්නන්ට පහසුවෙන් මග සොයා ගත හැකි පරිදි එම සබඳතා පැහැදිලි විය යුතුය.

06 ඔබේ සියලු සබඳතා තොරතුරු ඊට ඇතුල් කරන්න, ඔබේ ඊ-මේල් ගිණුමට සෘජු සබඳතාවක් ද එහි යොදන්න. තොරතුරු නොමැති විට ඔබ යමක් සඟවා ඇතැයි පාරිභෝගකයෝ සැක කරති.

07 බල්බ බොහෝ යෙදූ බාල රේඩියෝවක් මෙන් ඔබේ වෙබ් අඩවිය පින්තූර හා වෙනත් දෘෂ්‍ය මායාවන්ගෙන් පුරවන්න එපා. දෘෂ්‍ය මායාවන් ඔබට ගෙන යා යුතු පණිවුඩයෙන් ගැනුම්කරු ඈත් කරයි.

08 කිලෝ බයිට් අඩු ගණනක ගොනු පමණක් පින්තූර ලෙස යොදන්න. ගොනු විශාල වන තරමට ඒවා බලන්නවුන්ගේ පරිගනක තිර මත දිස්වීමට බොහෝ වේලා ගත වේ. ඒ සඳහා බොහෝ වේලා ගත වේ නම් ඔබට ගනුදෙනුකරුවන් අහිමි විය හැක. විශාල පින්තූරයක් භවිතා කිරීමට ඔබට අවශ්‍ය නම්, එය කුඩා පින්තූරයක හෝ පෙළක දිගුවක් ලෙස යොදන්න, එවිට ඒ සඳහා බලා සිටීමට බලන්නා සූදානම්ය.

09 අද ලොව ප්‍රධාන අන්තර්ජාල බ්‍රවුසර කිහිපයක් කිබේ: Internet Explorer,Fire Fox Mozilla හා Google Chrome වශයෙනි. මනාව නිම කර නැති විට ඔබේ වෙබ් අඩවිය මේහි එක එක විදිය‍ට පෙනෙනු ඇත. මෙ කුමන හෝ
බ්‍රවුසරයක් සමඟ ඔබේ වෙබ් අඩවිය මනාව දිස් වන බව තහවුරු කරගන්න. කෙසේ වුවත් හොඳ මෘදුකාංග භාවිතයෙන් මේ ‍බ්‍රවුසර දෙකේම මනාව පෙනෙන වෙබ් අඩවි තනා ගත හැක.

10 බොහෝ දෙනා සතු පරිගනක තිර 800 x 600 හෝ වැඩි ධාරිතාවෙන් යුක්ත වේ. විවිධ දර්ශන තත්ත්ව යටතේ ඔබේ වෙබ් අඩවිය මනාව දිස් වන බව තහවුරු කරගන්න. එක් දර්ශන තත්ත්වයක් සඳහා පමණක් නිර්මාණය කළහොත්, වෙනත් දර්ශන තත්ත්ව යටතේ එය ක්‍රියා නොකරනු ඇත.

Go Language ~ ගෝ පරිගනක භාෂාව

අද කියන්න යන්නෙ Google සමාගමෙන් හදුන්වා දීපු නවතම Programing Language එකක් වන GO පරිගනක භාෂාව ගැන. දැන් ඔයාල බලයි Jave , C , C++ වගේ Programing Language ගොඩක් තියෙද්දි මොකටද මේ තව එකක් කියලා. එහෙම නේද ? Google සමාගමනම් මේ ගැන කියන්නෙ එයාල තමන්ගේ මේ නවතම පරිගනක භාෂාවේදී අනික් සියලුම භාෂාවන්ගෙ හොඳ ගති ලක්ෂණ එකතු කරල තියෙනව කියලයි. ඒ කියන්නෙ All In One පරිගනක භාෂාවක්. ඒ වගේම මේක අනෙක් පරිගනක භාෂාවලට වඩා කාර්‍යක්ෂම වගේම ආරක්ෂාව අතිනුත් ඉහල බව ඔවුන්ගේ අදහසයි.


ඉතින් ඔයාලට පුළුවන් www.golang.org කියන වෙබ් අඩවියෙන් මේ ගැන වැඩි විස්තර ලබා ගන්න. ඒ වගේම මේ නවතම පරිගනක භාෂාව ගැන අවශ්‍ය තාක්ෂණික උපදෙස් වගේම අවෂ්‍ය tutorial වගේ ඒවත් මේ වෙබ් අඩවියෙන් නොමිලයේම ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න. මේකත් open source වර්ගයේ පරිගණක භාෂාවක්

වැඩි විස්තර මෙතනින් බලන්න පුලුවන්.

http://en.wikipedia.org/wiki/Go_(programming_language)
Referral Banners
E Note
E-note