Pages


Tuesday, September 26, 2017

ආයුර්වේද මූලධර්ම අනුව දිය වැඩියාව නිට්ටාවටම සුවකළ හැක.


වර්ෂ 1903 මුල් බාගයේදී දිනක ඇමෙරිකාවේ ස්මිත් සෝනියන් සමාගමේ මහාචාර්ය ලංග්ලි අති ප්‍රසිද්ධ විද්‍යාවේදීන් කණ්ඩායමක් අමතා දේශනයක් පැවැත්විය.ඊට හේතු වුයේ ගුවන්යානයක් නිර්මාණය කිරීම සදහා රජයේ මුදලින්ද ආධාර ලබා ඔහුගේ වෑයම අසාර්ථක වීමයි.ඔහු පැවසුයේ “සුළගට වඩා බර දෙයක් සුළගේ පා කර හැරීමට බැරිය.එම නිසා ගුවනේ පියාසර කල හැකි ගුවන් යානයක් නිපදවීම කල නොහැකි කටයුත්තක් බවයි.” එහෙත් එම වර්ෂයේම (1903) දෙසැම්බර් 12 වෙනිදා ඔර්විල් හා විල්බට් රයිට් සහෝදරයන් එකතුවී ගුවන් යානයක් අහසට නැංවුහ.මෙවැනි පුර්විකාවකින් මෙම ලිපිය ආරම්භය සටහන් කලේ කුමටදැයි ඔබ සිතනු ඇත.



ඊට හේතුව සුව කරන්නට බැරි බව පවසන දියවැඩියා රෝගීන්ගෙන් වැඩි පිරිසක් සුවකළ හැකි මට්ටමේ සිටින බව අවධාරණය කරන සුවිශේෂී වෛද්‍යවරයකු හමුවුන නිසාවෙනි.ආයුර්වේද වෛද්‍යවරයකු වන ඔහු රන්පත රුවන් රත්නායකයි.
පරම්පරාවෙන් ලද උරුමයට නවීන වෛද්‍ය විද්‍යාවේ දැනුම මුසුකරමින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලික හරයන් ඔස්සේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාවිතයේ ඇති අපහසුකම් මග හරවමින් කාර්යබහුල තත්වයන් පවතින විටදීත් පහසුවෙන් භාවිතයට ගත හැකි ඖෂධ හදුන්වා දෙමින්,අතිසාර්ථකත්වයට පැමිණි මෙම වෛද්‍යතුමන් කොළඹ නුවර පාරේ පෑලියගොඩ ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගුවන් පාලම අසල ඇති රන්පතවෙද මැදුරේදී හමුවූ විටෙක මෙසේ අදහස් දැක්විය.

වෛද්‍යතුමනි ,ඔබ රෝග නිට්ටාවටම සුවකළ හැකි බව කියන පදනම කුමක්ද?
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිර්මාණය වෙන්නේම රෝග නිට්ටාවට සුව කරන්නටයි.රෝග බාගෙට සුව කරන ක්‍රමයක් මෙම වෛද්‍ය ක්‍රමය තුල නෑ.නිවැරදි රෝග මූලය හදුනාගෙන ප්‍රතිකාර තුලින් එම හේතුන් මුලිනුපුටා දැමූ විට නැවත එම රෝග හටගන්නේ නැහැ.එය රෝග නිට්ටාවටම සුව කිරීමකි.

“දියවැඩියාව කිසි විටෙකත් සුව කල නොහැකිය””එය පාලනය කිරීමට පමණක් සීමාවූ රෝගයක්”යන මතය මේ තරම් මුල් බැසගෙන තියන අවදියක ඔබතුමා දියවැඩියාව සුව කල හැකිබව පවසන්නේ කෙසේද?
දියවැඩියාව සුවකළ නොහැකිය කියන මතය හැමවිටම සත්‍ය වන්නේ නැත.එය පොදුවේ කිව හැකි කාරණයක් නොවේ.නිවැරදි ප්‍රතිකාර,ආහාර සහ විහරණයන් ඇසුරින් දියවැඩියා රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිට්ටාවටම සුවකළ හැකිය.

වෛද්‍යතුමනි,එය සතුටුදායක ආරංචියක් නිසා තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද?
සරලව ගතහොත් දියවැඩියා රෝගයේදී බොහෝ විට සිදු වන්නේ අග්නයශය දුර්වල වෙන එක.මේ නිසා අග්නයශයෙන් සිදුවන සියළු ක්‍රියාවන් අඩපන වෙනවා.අග්නයශය විසින් සිදුකරන මූලිකම කාර්ය තමයි,ඉන්සියුලින් නැමැති හෝමෝනය නිපදවීම.එමගින් ඉන්සියුලින් නිෂ්පාදනය කලොත් තමයි රුධිර ප්ලාස්මාවේ ඇති ග්ලුකෝස් දේහ සෛල වලට ප්‍රයෝජනයට ගත හැකි වන්නේ.මෙම ක්‍රියාවලිය ග්ලුකෝස් පරිවුත්තිය ලෙස හදුන්වනවා. ග්ලුකෝස් පරිවුත්තිය අඩාල වීමෙන් ග්ලුකෝස් දේහ සෛල වලට ඇතුළු වීමෙන් සිදුවන ශක්තිය සහ පෝෂණය සැපයීමේ ක්‍රියාවලිය ඇනහිටිනවා.එනම් මෙම අවස්ථාවේදී රුධිර ප්ලාස්මාවේ ග්ලුකෝස් වැඩි වැඩියෙන් එක් රැස් වෙනවා.මෙසේ රුධිර ප්ලාස්මාවේ ග්ලුකෝස් ධාරිතාවය වැඩිවීම දියවැඩියාව ලෙස හදුනාගන්නවා.
දියවැඩියාව කියලා හදුනාගත්විට හැමදෙනාම කරන්න උත්සහාගන්නේ ලේ වල ග්ලුකෝස් මට්ටම අඩු කිරීමට ප්‍රතිකාර කරන එක.
රුදිරයේ ඇති ග්ලුකෝස් අඩු කිරීමට පමණක් ප්‍රතිකාර කිරීම, රෝග හේතුවට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය සදාකාලිකවම යටපත් කරන්නට ගන්නා උත්සහයක්.

වෛද්‍යතුමනි ඔබේ ප්‍රතිකාර ක්‍රමය කුමක්ද?
දියවැඩියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී මා සිදු කරන්නේ දුර්වලවී තිබෙන අග්නයාශය සුවපත් කරන එකයි.අග්නයශය සුවපත් කලවිට එමගින් ඉන්සියුලින් නියමිත ආකාරයට නිපදවනවා.එවිට ස්වාභාවිකවම රුධිරයේ ග්ලුකෝස් පරිවුත්තිය සිදු වෙනවා.එය තමයි දියවැඩියාව නිට්ටාවටම සුවකරන සාර්ථක ක්‍රමය.
 වෛද්‍යතුමනි එතකොට කොහොමද අග්නයශය සුවපත් කරන්නේ?
අග්නයාශය සුවපත් කරන්නනම් ප්‍රථමයෙන් අග්නයාශය දුර්වල වෙන හේතු හදුනාගෙන ඒවා වලක්වා ගන්න ඕන.අපි කවුරුත් දන්නේ මධුර රසය බහුල සීනි අධික,පිෂ්ඨය සහිත ආහාර වැඩිපුර ගත්විට ලේ වල සීනි මට්ටම වැඩි වෙලා එය පාලනය කරන්න වැඩි වැඩියෙන් අග්නයාෂ්‍ය මගින් ඉන්සියුලින් නිපදවලා වැඩ අධික වීම නිසා අග්නයාශයේ දුර්වල වීම පමණයි.නමුත් වර්තමානයේදී අග්නයාශය දුර්වල වෙන්න හේතු වැඩි දෙනෙකු නොසලකාහැර ඇති නොදන්නා කාරණා ගණනාවක් තියනවා.

ඒ මොනවාද වෛද්‍යතුමනි?
ඒවා තමයි *මද්‍යසාර භාවිතය.*අම්ල රසැති ආහාර අධිකව සේවනය කිරීම. *උෂ්ණ ආහාර අධික සේවනය. *අනවශ්‍ය පරිදි රසකාරක අඩංගු කෘතීම ආහාර බහුලව සේවනය කිරීම සහ මේ සියල්ලෙන්ම තොර වුවත් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ විෂමතා/දුර්වලතා හෝ ගැස්ට්‍රයිටිස් ප්‍රධාන තැනක් ගන්නවා.

එම කාරණා පවසද්දී ඔබතුමා වැඩිපුරම අවදානයට ලක්කලේ ගැස්ට්‍රයිටිස් තත්වය ගැන නේද?ඊට හේතු කුමක්ද?
එය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්.දියවැඩියාව පමණක් නොවෙයි අනෙකුත් සියළුම කායික රෝග වලටත් ආහාර ජීර්ණ පද්දතියේ පවතින දුර්වලකම් කෙලින්ම බලපානවා.එය ආයුර්වේදයේ මූලික සිද්ධාන්තයක්.
එය නවීන විද්‍යාවට ගැලපෙන්න කියනවානම් “ආහාර ජීර්ණයට අවශ්‍ය ජීරක යුශයන්හි වෙනස්වීම හෝ අනුපාතය වෙනස් වීම” ලෙස හදුන්වන්න පුළුවන්.මේ නිසා අප ගන්නා අහාර හරි හැටි දිරවන්නේ නැහැ. ගැස්ට්‍රයිටිස් කියන්නේ මෙවැනි තත්වයන්.
මේ නිසා ශරීරයේ සියළුම ඉන්ද්‍රියන්ට අවශ්‍ය පෝෂණය නිසි ලෙස ලැබෙන්නේ නැහැ.ඒවගේම වැරදි ලෙස හෝ අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර රසය ශරීරයට විසක් ලෙස ක්‍රියා කරනවා.මෙවැනි හේතු නිසා කාර්යබහුල ඉන්ද්‍රියක් වන අග්නයාශය දුර්වල වීමට තියෙන ඉඩකඩ වැඩියි.ඒ නිසා තමයි ගැස්ට්‍රයිටිස් වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතා ඉක්මනින් සුව කල යුතු වන්නේ.

එතකොට වෛද්‍යතුමනි මේ තත්වයට ඔබතුමා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
මම ආරම්බයේ පටන් රෝගියෙකුගේ ආහාර ජිර්ණයේ ඇති දුර්වලතා මග හරවන්න ප්‍රතිකාර කරනවා.එවිට රෝගියාට සුදුසු පරිදි බඩගින්න වැඩෙනවා.ගන්නා ආහාර හොදින් ජීර්ණය වෙනවා.මලබද්ධය හෝ විටින් විට මළ පිටවීම වැනි විෂමතා සම්පුර්ණයෙන්ම සුව වෙනවා.
මේ අතරම විවිධ හේතුන් නිසා ශරීරයට එකතුවී ඇති විෂ කොටස් ශරීරයෙන් බැහැර කරවන ඹෞෂධයොදනවා.එතකොට ප්‍රතිකාර ගන්න රෝගීන් පවසන්නේ ඔවුන්ගේ ශරීර වල මෙතෙක් පැවති තදබව,බරබව ඉවත්වෙලා,නිදිමත හෝ නින්ද නොයාම යන තත්වයන් මග ඇරිලා,හිසේ කැක්කුම,බඩ පුරවා දැමීම  වැනි අපහසුතාවයන්,ඇගේ පතේ අමාරු,කේන්තියාම නුරුස්සනා ගතිය,හන්දිපත් අමාරුව,තුනටිය අමාරුව,අත් පා හිරිවැටීම සුව වෙලා ශරීරයට පුදුම සැහැල්ලුවක් දැනෙනවා කියලයි.
මේ විදියට රක්ත ශෝධන ඹෞෂධ යොදන අතරේම ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර මුලද්‍රවය සහ විටමින් සහිත ආයුර්වේදීය විශිෂ්ට රසායන ඹෞෂධ ලබාදෙන නිසා ඒවායේ ගුණයෙන් සම පැහැපත්විම,මානසික ඒකාග්‍රතාවය වැනි හිතකර තත්වයන් ඇති වෙනවා.

ඔබතුමාට අවේණික වූ පහසු ඹෞෂධ භාවිතා කරන ක්‍රමය පිලිබදවත් විස්තර කියනවානම්?
මා මෙහිදී සිදුකලේ පාරම්පරික අත්දැකීම් මතින් ගොඩනැගුනු ආයුර්වේද ඹෞෂධ නිෂ්පාදන ක්‍රමයන්ට නවීන තාක්ෂණික භාවිතයන් මුසුකරමින් ගුණාත්මක ඹෞෂධ නිපදවීමයි.
බෙහෙත් වට්ටෝරු ලියාදීමෙන් බැහැරව තම්බා පිලියෙලකළ කෂාය වර්ග බෝතල් ලෙසම ලබා දෙනවා.ඇතැම් කස්සය වර්ග පෙති ලෙස සකස් කරලා තියනවා.මිට අමතරව ගුලි වර්ග,චුර්ණ වර්ග,කලක වර්ග,ක්වාථ වර්ග නිපදවලා තියෙන්නෙත් ඉතා පහසුවෙන් භාවිතා කල හැකි ලෙසයි.
ඒ නිසා බොහොමයක් කාර්යබහුල අය අතරේ මා නිර්මාණය කල පහසුවෙන් භාවිතයට ගත හැකි ඹෞෂධ ක්‍රමය ඉක්මනින් ජනප්‍රිය වුනා.
උපුටා ගැනීම රන්පත වෙද මැදුර 
Some of Specialists : DiabetesGastritis, Piles, Jaundice, Anemia, Migraine

Ayurveda Doctors in Sri lanka

1 comment:

  1. බෙහෙත් ගෙදරට ගෙන්න ගන්න විදියක් නැද්ද

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note