Pages


Friday, December 29, 2017

2018 ත් එකතැන වැටිල ඉන්නවද පිලිවෙලකට ගොඩ යනවද?



2018 ත් එකතැන වැටිල ඉන්නද ඕනී

හැදෙන්න ඕනි උන්ට

මිනිස්සුන්ට ඕනි අලුත් ආරම්භයක් ගන්න තැනක්...වෙලාවක්..හොඳම තැන 2018...ඉතින් පරන කාලකන්නි පුරුදු ටිකම කරපින්නගෙන 2018 ට යනවද...නැත්නම් පොඩ්ඩක් පේ වෙලාම අලුත් අවුරුද්දට යනවද...දැන් කාටහරි හිතනේන පුලුවන් අනේ හැදෙන එකාට දින කාල වකවානු ඕන නෑ කියල...ඔව් ඇත්ත...ඒත් ඉතින් පන්ඩිතකම් දෙඩෙව්වට හැමෝම කරන්නෙ ඉතින් පරන පුරුදු ගොං වැඩ ටිකමනේ...
"අනේ කාටත් මාව එපා වෙලා...මම ලෙඩ ගොඩක්..මම වැටිල ඉන්නෙ....අනේ කවුරුත් නෑ මට...අනේ කොහොමද මම හැදෙන්නෙ.....

උලම වගේ බෙරිහන් තලන්නෙ නැතුව උඹ උඹ කවුද කියල ඇඳුරගනින් ඉසසෙල්ලා...උඹ ගාව තියෙන්නෙ මොනවද කියල අඳුරගනිං...කැටගරි කරපං උඹව...

Swot theory
*S- strength ශක්තීන්
උඹ තුල තියන ශක්තිය ගැන හිතන්න කලින් පොඩ්ඩක් වටපිට බලපං...උඹ වටකරගෙන හමාගෙන යන සිහිල් මද පවන...ඒ සිහිල් මද පවනමයි නේද ගොඩනැගිලි පවා බිමට ඇදල දාන තරම් ශක්තිමත් වෙන්නෙ...පොඩි කතාවක් කියන්නම්....උඹ ව අංශක 180 ක් වෙනස් වේවි...
පොලොන්නරුව පැත්තෙ හිටිය දුප්පත් පවුලක කොලුවෙක්..සල්ල් භාගෙ නැති නිසාම ඉගෙනීම නැවත්තුවා..හැබැයි මේ කොල්ලට තිබ්බ විශේශ හැකියාවක් චිත්‍ර අඳින්න...ඉස්කෝලෙ ගමන නවත්වල උදේ වරුවෙ ගොවිපලට ගිහින් හවස් වරුවෙ පාර අයිනෙ තියාගෙන බඩ ඉරිඟු විකුන්න...ඒ ලැබෙන නිවාඩුවෙත් පාර අයිනෙ තියාගෙන චිත්‍ර ඇන්ද...ඔහොම ටික කාලයක් ගියා..අඳින චිත්‍ර පෝලිමට තියල තිබ්බ..සමහර වෙලාවට මාසෙටම එක සිතුවමක් වත් විකුනුනේ නෑ...
ඔහොම කාලයක් ගියා..ඒත් මේ කොලුව තමං ආදරේ කරන දේන් ඈත් උනේ නෑ..දිගටම ඇන්ද...දවසක් ඔතනින් ගියා චීන කන්ඩායමක් වන්දනාගමනක්...යද්දි දැක්ක මේ චිත්‍ර ටික..ඒ චිත්‍ර වල චීන ආභාශය තිබ්බ...නමුත් මේ කොල්ල මොන චීන අකුරක් වත් දැනං උන්නෙ නැ....අන්තිමට ඒ කොලුවට චීනයේ මාසෙකට ලක්ශ 15 ක පඩියට චීන ඇඟලුම් හලක නිර්මාන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න පුලුවන් උනා....
තමන් කවුද තමන්ගෙ ශක්තිය.මොකද්ද කියන එක ඒ කොල්ල දැනං උන්න...ඌ ගොඩගියා...නමුත් උඹ...?උඹ කවුද...??
කොච්චර try කලත් තාම එකතැනද බන්..කියවල බලපන්..

ජිවිතේ ඉලක්ක දහස් ගානක් හිතේ තියනවා නේද...ඩිග්රි එකක්..හොඳ ජොබ් එකක්..ඊට පස්සෙ ටික ටික දියුණු වෙලා හොඳ වාහන කට්ටක්..ගේ පොඩ්ඩක් හදාගන්න..අම්මයි අප්ප්ච්චිවයි එකට දඹදිව යවන්න..ආදරේ කරන කෙල්ල එක්ක පොඩි රවුමක් දාන්න..මුහුදු වෙරළක ඇවිදින ගමන් ජිවිතේ plan කරන්න..දවසක යාලුවන්ට හිතවතුන්ට කියල ටිකක් හොඳට මගුලක් ගන්න...ඔව් මට උඹට හැමෝටම ඔය හීනය තියනව...ඒ වෙනුවෙන් උඹ මැරීගෙන වැඩ කරනව..
"ඔෆිස් ගියත් වැඩක් නෑ වැඩ විතරයි..පඩිය ගන්නව කිසි ඉතුරුවක් නෑ.."
"පාඩම් කලත් කිසි වෙනසක් නෑ..ලකුණක් වැඩි වෙන්නෙ නෑ පේපර් එකකට..යන පන්තියත් මාරු කළා...ඒත් එකතැන පල්වෙනවා..
ඊට පස්සෙ මූන පස්ස පැත්තට අරගෙන ඉන්නවා..හැමවෙලේම හිතන්නෙත් ඕකමයි..හිතන එක පුරුද්දට ගියහම උඹ උඹටම වෛර කරගන්නව..
අපේ කාලෙ කියල තියනව නේද"උත්සාහවන්තයා ජයගනිවී කියල.මම නම් කියන්නෙ උත්සාහවන්තයා ජයගන්නෙ නෑ කියල..අපි ඒක පොඩ්ඩක් වෙනස් කරමු."වෙනස් විදිහට උත්සහ කරන කෙනා ජයගන්නව කියල...උඹ වැඩට ගියාට උඹ බිස්නස් කරන්න ගියාට උඹ පාඩම් කලාට උඹ එකම විදිහට නේද උත්සහ කලේ...ඉතින් එකම විදිහට දහස් වතාවක් උත්සහ කලත් වෙනස් ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද....
තෝමස් අල්වා එඩිසන් එකම විදිහට බල්බ් එක හදන්න try කළා නම් තාම එඩිසන් මහත්තය බල්බ් එක හදනවා..හැබැයි එයා වෙනස් විදිහට උත්සහ කළා..එයා හොයාගත්ත බල්බ් එක හදන්න බැරි ක්‍රම 999 ක් තියනව කියල...ඉතිං උගන්වන ගුරුවරයා වෙනස් කරලා වැඩක් නෑ උඹයි වෙනස් වෙන්න ඕන...උඹට වඩා උඹ විශාලයි..උඹට කරන්න පුළුවන් දේවල් ඉතා විශාලයි..උඹ උඹව හොයාගනින්..
 උඹට මේක අනිවාර්යයෙන් ඕන වේවි වැදගත් වේවි..
උඹ මම වෙන වෙන තැන්වල ඉපදුනාට ජීවිතෙ කෙල උනාම කෙලවෙන්නෙ එක එක විදියට උනාට අන්තිමට වෙන්නෙ එකම ප්‍රතිපලේ..ජීවිතය නන්නත්තාර වෙන එක..ඉගෙනීමනැති වෙන එක..අත‍ේ තුට්ටුව නැති වෙන එක..ලව් ඉලව් වගේම වැරදි යාලුවො වැරදි ඇබ්බැහි වීම් වල ප්‍රතිපලේ තමයි මේව..උඹට කියන්නද ජීවිතෙ පිලිවෙලක් කරගන්න පොඩි සීන් කෝන් එකක්..හිතන්න තියෙන්නෙ හැබැයි
"ජීවිතේ කියන්නෙ මොකද්ද...කොහොමද ජීවිතය ට අරුතක් දෙන්නෙ.. මම උඹ ගාවට ගේනව වීදුරුවක්..මම ඒක පිරෙන්නම ලොකු ගල් කැට තුනක් දානව...උඹෙන් ඇහුවොත් උඹ කියයි වීදුරුව පිරිල කියල..නෑ ඇත්තටම නෑ..මම දැන් ඊට වඩා පොඩි බොරලු කැට ටිකක්දානව...ඒව ලොකුගල් අතර හිඩැස් වලින් පෙරිල ගිහින් හිඩැස් වහනව...උඹ දැන් නම් කියාවි ඔව්ව් ඒ හිඩැස් පිරිල කියල...
"ඒත් නෑ..ඇත්තටම පිරිල නෑ..මමතව සිහින් වැලි ටිකක් දානව..ඒව සියුම් හිඩැස් වලට ඇඩ් වේවි...දැන් නම් වීදුරුව පිරිල තියෙන්නෙ

වීදුරුව කියන්නෙ ජීවිතේ.ලොකු ගල් කැටතමා ජීවිතේ ප්‍රදාන දේවල්..
*බේබද්දෙක් නොවී හොඳ ගති ගුන වගා කරගන්න එක
*කොන්ද පන තියන වැඩ කරන එක
*රට වට්‍ර්‍ර් ගෑනුන්ට පැනි හලන ඇඹලයෙක් නොවී පිරිමියකු වෙන එක
පොඩි ගල් කැටතමා මිල මුදල් ඉගෙනීම ඩිග්‍රි යාන වාහන. ආදරය ..සිහින් වැලි තමා පොඩි පොඩි ජීවිතේ වින්දනය..විනෝදාන්ශ...තියන හිඩැස් වහන්නේ පොඩි වැලි..


අපිට කෙලවෙන්නෙ මුලින් වැලි දාගන්න ගියහම...වැලි අස්සෙ ලොකු ගල් ඔබන්න බැරි බව දන්නවනෙ..ජීවිතේ පිලිවෙලක් හදාගත්තු මිනිස්සු ලෝකය දින්න වගේම තමන්ගෙ හිතේ සතුටත් දිනනව

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note