Pages


Saturday, September 8, 2018

සාර්ථක වන්නට උපදෙස් දහයක් Robert Kiyosaki (රොබට් කියෝසාකි)



Robert Kiyosaki (රොබට් කියෝසාකි) කියන්නේ ලෝක මූල්‍ය වෙළෙඳපොළේ නිතර කියැවෙන නමක් බවට මේ වන විට පත්වෙලා හමාරයි. ආයෝජන උපදේශකයෙක් හැටියටත් කොටස් වෙළෙඳපොළ සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ ඔහු සතු පරිචය පිළිබඳ ක්‍ෂේත්‍රයේ උදවිය තුළ ඇත්තේ අපමණ ගෞරවයක්.
ඔහු විසින් ලියා ප්‍රසිද්ධ කොට ඇති rich dad poor dad (පොහොසත් පියා සහ දුප්පත් පියා) ග්‍රන්ථය අලෙවි වාර්තා තබමින් විකිණෙන ග්‍රන්ථයක් වී හමාරයි. මේ නිසා මොහු මූල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ දක්වන අදහස් අතිශය වැදගත් නිසා ‘සාර්ථක වන්නට උපදෙස් දහයක්’ යනුවෙන් ඔහු පළ කළ අදහස් පහත විස්තර වේ.

Thursday, July 19, 2018

ඔබගේ දුරකථනයේ බැටරිය හොඳටම අඩුද? - How to Charge Your Android Phone Faster


ඔබේ දුරකථනයේ බැටරිය හොඳටම අඩුද? එසේ නම් ඔබගේ දුරකථනය Airplane මොඩ් එකට දමා චාර්ජ් කරන්න. එය ඉතා ඉක්මණින් චාර්ජ් වේවී.

Having to charge your phone constantly is frustrating. If your usage is above average, it’s unlikely your handset can make it throughout the day without a top-up of power in the early evening.
Sadly, the twice-daily charging routine shows no sign of dying off anytime soon. As battery capacity increases, so does the power draw from apps and the ever-evolving operating system. It’s a stalemate.
And although the steady introduction of USB-C cables is whittling away at the time it takes to give your device some extra juice, hanging around while your battery reenergizes itself can be tortuous.

Wednesday, July 18, 2018

අපි සියල්ලන්ගේම හිතා දිනාගත් ‘හිරිමල් යෞවනයා’ගෙන් ලෝකයටම පාඩමක්



පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ (Kylian Mbappé) පසුගියදා සමත්වුනා.

ක්‍රොඒෂියාව සමග පැවැති අවසන් තරගයේදී ඔහු ගෝලයක් වාර්තා කළ අතර එදිනට ඔහුගේ වයස අවුරුදු 19 දින 207ක් විය. ප්ලේ 1958 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ගෝලයක් වාර්තා කරන විට වයස අවුරුදු 17 දින 249ක් විය.

ලෝක පාපන්දු ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන ප්ලේට පසු ලෝක කුසලාන අවසන් මහ තරගයක ගෝලයක් රැස් කරන ලද ප්‍රථම නව යොවුන් ක්‍රීඩකයා ලෙසෙ ඔහු ඉතිහාසය ගත විය. එමෙන්ම ආර්ජන්ටිනාව සමග පැවති තරගයේදි ද්විත්ව ගොලයක් වාර්තා කිරීමටද ඔහු සමත් විය.එලෙස ලෝක කුසලානයක තරගයකදී ගොල දෙකක් රැස් කරන ලද හයවන නව යොවුන් ක්‍රීඩකයා ලෙස එම්බාපේ (Kylian Mbappé) පාපන්දු වංශකතාවට එකතු විය.

මේ අතර වඩා වැදගත් කරුණ වන්නේ රට නියෝජනය කරන සෑම තරගයකදීම තමාට ලැබිය යුතු වැටුප ඔහු ප්‍රතික්ෂේප කිරීමයි. ඒ සම්බන්ධව ඔහු පවසා සිටින්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන තමාට වැටුපක් අනවශ්‍ය බවයි.

ලෝක කුසලාන එක් තරගයක් නියෝජනය කිරීම වෙනුවෙන් ඔහුට ලැබෙන යූරෝ 17,000 ක වැටුප සහ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලද යුරෝ 265 000 ක බෝනස් මුදල ඔහු සමාජ සේවා කටයුතු සදහා යෙදවීමට තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අයුරින් ඔහුගේ එම පරිත්‍යාග වෙන්වනුයේ ක්‍රීඩා කටයුතුවල නිරතවන ආබාධිත දරුවන්ගෙ අභිවෘද්ධිය සදහා යොදවා ඇති අතර ක්‍රීඩා සමාජයෙන් ලැබෙන මුදල හා සැසඳු විට මෙය ඔහුට එතරම් මුදලක් නොවුනත්, යොවුන් ක්‍රීඩකයකු ලෙස එම්බාපේ සමස්ත ලෝකයටම දෙනු ලැබුවේ මහත් ආදර්ශයකී.

Thursday, June 14, 2018

නිහතමානී වන්න..එයින් ඔබට කිසිවක් අහිමිවන්නේ නැත..

සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම අත්දැකීමක් මෙසේ පැවසීය..

" මගේ සිනමා ජීවිතයේ උපරිම තලයේ සිටි යුගයේ දිනක් මම ගුවන් යානයකින් ගමන් කරමින් සිටියා. මට එහා අසුනේ ඉඳගෙන සිටියේ තරමක් වයස, සරල කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි උගත් පෙනුමක් තිබූ මධ්‍යම පාංතිකයෙක් යැයි කිව හැකි පුද්ගලයෙක්..



අනෙක් මගීන් මා හඳුනාගත් බව පෙනුනත් ඔහු මා පිළිබඳ තැකීමක් නොකර පුවත් පත් කියවමින් ජනේලයෙන් එපිට බලමින් සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහු තේ කෝප්පයක් සෙමින් පානය කරන්නට ගත් අතර ඔහු හා මදක් කතා බහ කිරීමට සිතා මා ඔහු දෙස බලා මද සිනහවක් පෑය. ඔහුද මා හා සිනාසී " හෙලෝ.. " යැයි කියා මා ආමන්ත්‍රණය කලේය..
Referral Banners
E Note
E-note