Pages


Wednesday, July 18, 2018

අපි සියල්ලන්ගේම හිතා දිනාගත් ‘හිරිමල් යෞවනයා’ගෙන් ලෝකයටම පාඩමක්



පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ (Kylian Mbappé) පසුගියදා සමත්වුනා.

ක්‍රොඒෂියාව සමග පැවැති අවසන් තරගයේදී ඔහු ගෝලයක් වාර්තා කළ අතර එදිනට ඔහුගේ වයස අවුරුදු 19 දින 207ක් විය. ප්ලේ 1958 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ගෝලයක් වාර්තා කරන විට වයස අවුරුදු 17 දින 249ක් විය.

ලෝක පාපන්දු ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන ප්ලේට පසු ලෝක කුසලාන අවසන් මහ තරගයක ගෝලයක් රැස් කරන ලද ප්‍රථම නව යොවුන් ක්‍රීඩකයා ලෙසෙ ඔහු ඉතිහාසය ගත විය. එමෙන්ම ආර්ජන්ටිනාව සමග පැවති තරගයේදි ද්විත්ව ගොලයක් වාර්තා කිරීමටද ඔහු සමත් විය.එලෙස ලෝක කුසලානයක තරගයකදී ගොල දෙකක් රැස් කරන ලද හයවන නව යොවුන් ක්‍රීඩකයා ලෙස එම්බාපේ (Kylian Mbappé) පාපන්දු වංශකතාවට එකතු විය.

මේ අතර වඩා වැදගත් කරුණ වන්නේ රට නියෝජනය කරන සෑම තරගයකදීම තමාට ලැබිය යුතු වැටුප ඔහු ප්‍රතික්ෂේප කිරීමයි. ඒ සම්බන්ධව ඔහු පවසා සිටින්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන තමාට වැටුපක් අනවශ්‍ය බවයි.

ලෝක කුසලාන එක් තරගයක් නියෝජනය කිරීම වෙනුවෙන් ඔහුට ලැබෙන යූරෝ 17,000 ක වැටුප සහ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලද යුරෝ 265 000 ක බෝනස් මුදල ඔහු සමාජ සේවා කටයුතු සදහා යෙදවීමට තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අයුරින් ඔහුගේ එම පරිත්‍යාග වෙන්වනුයේ ක්‍රීඩා කටයුතුවල නිරතවන ආබාධිත දරුවන්ගෙ අභිවෘද්ධිය සදහා යොදවා ඇති අතර ක්‍රීඩා සමාජයෙන් ලැබෙන මුදල හා සැසඳු විට මෙය ඔහුට එතරම් මුදලක් නොවුනත්, යොවුන් ක්‍රීඩකයකු ලෙස එම්බාපේ සමස්ත ලෝකයටම දෙනු ලැබුවේ මහත් ආදර්ශයකී.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note