Pages


Tuesday, August 31, 2010

කඑ පෙට්ටියේ නිර්මාතෘ මිය යයි... David Warren (inventor)

ගුවන් යානා අනතුරු ගැන තොරතුරු ඇතුලත් වන රෙකොඩරය නිර්මානය කල David Warren පසුගිය ජුලි 19දා අභාවපාත විය.

මෙම රෙකොඩරය කියන්නේ අපි අහලා තියෙන කඑ පෙට්ටියටයි..

http://en.wikipedia.org/wiki/David_Warren_(inventor)

Tuesday, August 17, 2010

ඔන්ලයින් හාඩ් ඩිස්ක්



ඔන්න අද පොඩි වෙබ් සයි‍ට් එකක් ගැන තමයි කියන්න යන්නෙ හැබැයි ලොකු වාසියකුත් තියෙනවා මේකේ. මොකක්ද දන්න‍වාද?
මෙහිදි අපේ පරිඝනකයේ හාඩ් ඩිස්ක් එක වගේම ඔන්ලයින් හාඩ් ඩිසක් එකක් අපට ලැබෙනවා. මෙහිදි අපට සාමාන්‍ය ඩිසක් එකකදි වැඩ කරන විටදි මෙන්ම කිරීමට පුඑවන ඒවා අවශ්‍ය කල් සුරැකිව තියාගන්නත් පුඑවන්.

Visit This Link...
https://www.jungledisk.com

Saturday, August 7, 2010

වෙබ් අඩවියක් නටවමුද?

අද මම පොඩි Fun වැඩක් කියන්නයි යන්නේ හොද ද කියලා බලලා Comment එකකුත් දාලම යන්නකො.....


මේක පොඩි වැඩක්.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.

ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා.

වැඩේ මෙන්න මෙහෙමයි....

1 පියවර-පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);



2පියවර-ඔයාලට නටවන්න ඕන කියලා හිතෙන වෙබ් අඩවියට යන්න.

3පියවර-ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මේ කෝඩ් එක පේස්ට් කරලා කී බෝඩ් එකේ එන්ටර් කී එක ඔබන්න.

දැන් පේනවා නේද වැඩේ?..කොහොමද? Fun නේද?

Facebook යාමට පෙර මේ ගැනත් සිතන්න . . . .


ර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook . ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා , තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ . ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න , තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක් . ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය . බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත. Google.lk වෙත පිවිස search box එක තුල “F” අකුර යොදා බලන්න . එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ .

Facebook භාවිතා කරන අය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීමය. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.

තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.

ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත්ත කිරීමෙන් වලකින්න.

සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies , saved password ආදිය මකා දමන්න.

Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.

Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම වන්න.

කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිම්න් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.

ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.

සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න

මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook , yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook , yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook , yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. වැඩිපුරම මෙය කරන්නේ කෙල්ලන් ඉස්සරහය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ මිතුරියන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.

එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති .මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.

කොම්පියුටර් නිසා අපිට හැදෙන අලුත් ලෙඩක්..


න්තොරුවලට වි පරිගණක වලින් වැඩ කරන කෝටි ගණන් වන ලෝකයා දැන් ලොකු අනතුරකට මුහුන පා සිටි..හරි ඉරියව්වෙන් පුටුවේ වාඩි වි නොසිටිමත්..මේසය පුර ලිපි ලෙඛන වපුරා ගෙන අපිලිවෙලට වැඩ කිරිමත් නිසා ඔවුන්ගේ කොන්දේ සෞඛ්‍යය පිරිහි ගොසිනි..ජපානයේ නෙක් සමාගම හ මිට්සුබිෂි සාමගම,ඕපන් අරාගොනොමික්ස් සාමගම සමග එක්ව කල සමික්ෂණයකින් මේ බව හෙලි වි තිබේ..

ඒ සමික්ෂණයෙන් සොයගත්තේ පරිගණක පවිච්චි කරන්නන් වැඩි දෙනක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් කියා හදුන්වන කොන්දේ හා බෙල්ලේ වේදනාව ඇති කරන රෝගි තත්වයකට ගොදුරුව ඇති බවය..

පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පුද්ගලයින් දෙදහසකගෙන් පෞද්ගලිකව ඇසු ප්‍රශ්නාවලියකින් යුත් මේ සමික්ෂණයේ පෙනි ගිය තවත් කාරනයක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම්'' තත්වයට උර දෙන්නේය.එය නම් මුල් වෙලාවේදි මේ රෝගය ගැන යමක් නොදැනිමය..උලුක්කුවක්,වේදනාකරි තැල්මක් මෙන් නොව මේ රොගි තත්වයන් මුලින්ම දැනෙන්නේ නැත..එවා දැනෙනේ රොගය උත්සන්න වු අන්තිම කාලයෙදිය.එවිට බොහො විට පරක්කු වැඩිය.ප්‍රතිකාර ලෙස එක්කෝ දිර්ඝ කාලයක් විවේකයෙන් සිටිය යුතු වන්නේය.නැත්නම් රැකියාවෙන් විශ්‍රාම යා යුත්තේය..

ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් තත්වයෙන් පහසුවෙන් මිදෙන්නට පුලුවන.

* මේසය පිළිවේලට තාබාගන්න
* කොන්ද හරි කෙලින් තබාගෙන පුටුවේ වාඩිවේන්න.
* වැඩෙහි යෙදෙන හැම විනාඩි පහකටම වරක් වාඩි වි සිටින ඉරියව්ව වෙනස් කරන්න.
* වැඩෙහි යෙදෙන අතර තුර වතුර බොන්න.කොප්පයකින් බොනවට වඩා හොද බොතලයකින් බිමය..එවිට හිස ඉහලට ඔසවන නිසා බෙල්ල දිග හැර ව්‍යායාමයක් ලැබේ.
* එහාට මෙහාට පැද්දෙන්නේ නැති.සවිමත් පුටුවක වාඩි වෙන්න.
* පරිගණකයේ තිරයත්,යතුරු පුවරුව හා මවුසයත් පහසුම ඉරියව්වට ගැලපෙන සේ සකසාගන්න.

Wednesday, August 4, 2010

වින්ඩෝස් එක්ස්පි රෙජිස්ටිය වෙනස් කරමුවින්ඩෝස් එක්ස්පි රෙජිස්ටිය ටිකක් වෙනස් කරමුද?

මම දැන් කියන්න යන්නේ Start Menu එකේ තියෙන Menu ලැබෙන්න යන කාලය ඉක්මණ් කරගන්න විදිහක් ගැනයි.

-------------------------------------------------------------------------------------------------

1. මුලින්ම ඔයගොල්ලෝ Registry Editor එක ඕපන් කර ගත යුතුය.

Start > Run > Type regedit & Enter


2. පස්සේ එතනින් HKEY_CURRUNT_USER තෝරා ගන්න ඕනේ.


3. පස්සේ ලිස්ට් එකෙන් Controal Panel තෝරා ගන්න.


4. පස්සේ ලැබෙන ෆයිල් ගොඩින් (වම් පස) MenuShowDelay විධානය ඩබල් ක්ලික් කර ඕපන් කරගන්න.


5. පසුව EditStringMenu එක දක්න‍ට ලැබෙයි. එහි අගය 0 ලෙස යොදා OK කර පරිඝණකය Restart කර බලන්න.

Windows රෙජිස්ට්‍රි එක ගෙඩිපිටින්ම බැකප් කිරීම.

රෙජිස්ට්‍රි එක තුල කුමන හෝ වෙනසක් කිරීමට යාමේදී අත්වැරදීමක් සිදු වුවහොත් එය යලි යථා තත්ත්වයට පත්කර ගැනීම සදහා මෙසේ කර තිබීම වැදගත් වේ.

මුලින්ම ස්ටාර්ට් ගිහින් රන් වලට යන්න.නැත්තමි winkey+r ඔබන්න.

එහි Regedit ලෙස ටයිප් කරන්න



ලැබෙන සංවාද කොටුවේ ‍file > Export ලබා දෙන්න



නව ෆෝල්ඩරයක් මෙම බැකප් එක සදහා සාදාගෙන එයතුල save as type යන ස්ථානයේ Registration files (*.reg) ලෙසද Export Range යන ස්ථානයේ All යන්නද තෝරා කලින් නිර්මානය කරගත් ෆෝල්ඩරය තුල කැමති නමක් දී save කර ගන්න

දැන් registry editor close කර සේව් කල තැනට ගිහින් බැලුවොත් අපි දීපු නමින් ෆයිල් එකක් තියනවා. මේ වගේ

මේ බැකප් එක නැවත ස්ථාපනය කරගන්න ඔන විට එය ඕපන් කර ඕකේ කරන්න.

සැ.යු රෙජිස්ට්‍රි එක තුල යම් වරදක් ඔබ අතින් සිදු වුවහොත් වගකියනු නොලැබේ.

Tuesday, August 3, 2010

php වලින් simple login form එකක්

පලමුව HTML මගින් ඉතා පසසුවෙන්ම log in form interface එකක් පහත අකාරයට හදා ගන්න.










මෙහි action tag එක වෙනුවට එය හිස්ව උනත් තියන්න පුලුවන්.එමගින් මේ HTML page එකටම නැවත redirect වෙනවා

දැන් 2.php ෆයිල් එක පහත අකරයට පිලියල කර ගැනිම මගින් සරල log in form එකක් සාදා ගත හැක.














session_start(); මගින් session එකක් start කරගන්නා අතර,mysql_connect('localhost','root',''); මගින් database server එකට සම්බන්ධ කරනු ලැබේ.මෙහිදි වඩා සැලකිලි විය යුත්තේ hostname,user name,password, නිවැරිදිව ඉදිරිපත් කිරිමයි.මං localhost එකක්ක අත්හද බලපු නිසා එයට අදල පරිදි එවා ඉදිරිපත් කර ඇත.mysql_select_db(login_system); මගින් අදාල database එක select කරගනු ලබේ.



මෙම කොටසේදි login button එක click කල පසු $uname,$pass variable 2 කට user name , password දාගනු ලබයි.තවද මෙහිදි අදල user name එකdatabase එකේ තිබෙදැයි සොය බලන අතර, එහේ තිබෙනම් user name එක session variable එකකට දා ගන්නා අතරම ලොග් අවුට්(logout) විම සදහා ලින්ක් එකක් සදා ගනු ලබයි









log out විමට පහත ආකරයට ලොග් අවුට් ලින්ක් එක ක්ලික් කලපසු session එක හිස්(empty) කරනු ලැබේ.





Codes අපහැදිලි නම් ඒ මත click කරන්න

Hacks ගැන

අපි හුගක් දෙනා hacker කියන වචනෙට දක්වන්නෙ භීතිය මුසු අප්‍රියජනක හෑගීමක්. මොකද අපි හිතන්නෙ hacker කෙනෙක් කියන්නෙ අපේ දෙයක් හොරකම් කරගෙන අපිට පාඩුවක් කරන්න හදන තුට්ටු දෙකේ ජොකියෙක් කියලා. මේක හරියට මකුනන්ට බෙහෙත් කරනවා වගේ වෑඩක්. එකෙක් කාපුවම ඔක්කොටම නෑතිවෙලා යන්න බෙහෙත් කරනවා. hackerලා ඔක්කොම මකුණෝ ගානට දාන්න කොහෙත්ම බෑ. එයාලාගෙන් සෑහෙන ප්‍රයෝජන තියනවා. පොඩ්ඩක් හොයලා බලමුද මොකද්ද මේ පටලෑවිල්ල කියලා??

hacker කෙනෙක් කියන්නෙ මොකෙද්ද?
පරිඝනක සම්බන්ධව වේවා වෙන විශයක් සම්බන්ධව වේවා විශිෂ්ට දෑනුමක් තියන කෙනෙක්ව හදුන්වන්න තමයි hacker කියන වචනය යොදාගෑනෙන්න. හිතනන්කො කොහොම කොහොම හරි කරලා ඔයා operating system එකක් ලිව්වා කියලා. ඕන් ඉතින් "ජුන්ඬෝස් පිස්සා" කියලා මිලකට හරි "පිනක්ස්" කියලා පිනට හරි දෙනවා ඔක. හිතන්නකො ඔකට hardware requirements විදියට 2GHz processor එකකුයි, 512mb memory එකකුයි ඔනා කියලා. ඕන් කොහේදෝ ඉදලා කඬාපාත්වෙච්ච බුවෙක් කියනවා ඕක 1.5Ghz processor එකකුයි, 256mb memory එකකුයි තියන pcඑකක runකරන්න හදන්න පුලුවන් කියලා.(කටින් බතල බුවාලා පිරුනු ලෝකයකනෙ අපි ජීවත් වෙනනෙ). අර බුවාට විසිල් වගේම බල්ටිත් පුලුවන්නම් ආන් එහෙම එකෙක් තමයි hacker කෙනෙක් කියන්නෙ.(කටින බතල විතරනම් එයාට කියන්නෙ බයිලා කාරයෙක් කියලා). nokia දුරකථන වල sp lock එක අයින් කරන්න විධි හොයාගත්තූ dejan , bluboxing(actually it's phreaking) කරලා long distance calls ලාබෙට ගන්න විධිය හොයාගත්ත Joe Engressia වගේ අයට තමයි hacker කෙනෙක් කියනනෙ. hacker නමට මුවා වෙලා එ වගේ අය හදපු tools වලින් වැඬදාන අයට කියන්නෙ script kiddeisලා කියලා.

මෙහෙම දේකුත් තියනවා, සාමාන්‍යයෙන් කෙනෙක් නෙදන්න trick එකකට hack එකක් කියලා කියනවා. හැබැයි එතනත් කතන්දර ගොඬයි.

mineswiper game එකේ xyzzy ctrl+alt+shift කියලා screen එක කොනේ yellow pixel එක දිහෑ බලාගෙන බෝම්බ වලට අහු නොවී යන එක, 3d text screen server එකේ volcano කියලා type කරලා development team එකේ නම් බලන එක hack එකක් නෙමේ. එවලට කියන්නෙ easter eggs කියලා. (ගූගල් දෙයියන්ගෙන් අහලා බලන්නකො easter eggs ගැන. දෙයි අම්බානක්.) එවා developersලා හිතා මතාම තියපුවා. එහෙම එකක් වලක්වන්න ඔයාට පුලුවන්කමක් නෑනෙ නේද?

IE block කරලා තියන xp pc එකක calculator එකේ help->help topics ගිහිල්ලා Internet යෑවිල්ල developerට වෙච්ච වෑරදීමක් (එකනේ sp3දී ඒක fix කරලා තියෙනනෙ). එහෙම එකක් පාවිච්චි කරන එක hack එකක් කියලා හෑදින්නුවට වෑරෑද්දක් නෑ. default installation එකක් කරපු xp machine එකක Administrator ගහලා password එක හිස් තියලා යන එක hack එකක් කිවවට වැරැද්දකුත් නෑ.

හුගක් අය ගේම ඉල්ලන්න දෙන talk එකක් තමයි "ආ.. පුලුවන්නම් මගෙ e-mail account එක hack කරලා පෙන්නපන්" කියන එක. ඔය ව්ගේ වෙලාවක attacker පාවිච්චි කරන technique එක අනුව කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. උදාහරණ දෙක තුනක් අරන් බලමුකො... ඔන්න වාටර් පිලිවෙලට යන්නම්.

1. හිතන්න ඔයා(attacker) බුවාව(victim) අදුනනවා කියලා. බුවාවම හරි ගෙදර වෙන කාව හරි ලාවට අන්දලා(social engineering) u3 එකකින් හරි elevated attachment එකකින් හරි පොරගෙ pc එකේ keystroke logger එකක් install කරලා password හොයාගන්න එකට කියන්න hack කියලා නෙමේ. එක espionage ඔය ඕන තරම් news යන්නෙ ලකුණු වැඬිකරගන්න teacher ගෙ pc එකට key-logger දාපු පොඬි එවුන් ගැන.

2.බුවාගෙ user account එකට brute force හරි dictionary attack හරි කරන එක. obviously scriptkiddy නේද?

3.බුවාගෙ router එක හරි modem එක හරි takeover කරලා session hijack පාරක් දාන එක. ම්ම්ම්ම්හ්... මෙහෙම දෙයක් කරද්දි අනිවාරයයෙන් tools පාවිච්චි කරන්න වෙනවා. නමුත් මෙතන tools පාවිච්චි කිරිල්ල හරියට හොද කාර්මිකයෙක් වාහනයක් නඬත්තු කරන්න අවශ්‍ය ආවුද පාවිච්චි කරනවා වගේ. (scriptkiddy කියන්නෙ ඔය මජං කඬන කොලුවෙක් ඉස්කුරුප්පු ණියනක් අරන් පොර වෙන්න හදනවට)

තව ඉතින් ඔයාලට හිතෙන ඒවත් ඇතිනෙ..

පොර වෙන්න හැදුව නෙමයි, මම දන්න දේ ඔයාල එක්ක බෙදාගන්නයි මේ උත්සහය. මේ ළිපිය කියවපු ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එකම දේ "තමන් දන්න hack එකක් ගෑන ලියපු මනුස්සයෙක්ට ගහන්න එපා, එයා කියපු දේ ඔයා දන්න දෙයක් උන පලියට. මොකද එකෙන් ඉගනගන්න අය බොහොමයි". computer security කියන්නෙ මහා ලොකු රහස් දැනුමක් නෙමේ. ඔයාලා දැනුවත් වෙන තරමට ඔයාලට ආරක්ෂා වෙන්න පුලුවන්. අපේ ගෙදරට alarms හයිකරන් එහා ගෙදරට හොරු පැනපන් කියලා බලන් ඉන්න ජාතියෙ කෙනෙක් වෙන්න එපා.
Referral Banners
E Note
E-note