Pages


Wednesday, October 19, 2011

The Truth About Laptop/Notebooks Repairs


We have seen, a tremendous increase in the laptop users around the world, as the prices came down in past couple of years and increase in smaller devices with massive powers. The technology is also has taken great strides to enhance the performance in all areas of computing giving us unprecedented capabilities.
As to be expected with the increase in the number of users. The number of laptops malfunctions and problems development also increases, but the number of quality repair centers remains the same, and are unable to cope up with the growing demands. Many fake experts are cropping up around the country with out proper knowledge and expertise, thus spoiling the reputations of all genuine technicians.
Since 1998 we are the premier exclusive laptop repair and service centre in Sri Lanka over the years we have seen the changes in the industry and accordingly we have grown our knowledge and expertise. It is by proving our abilities that we have built our reputation as the best place to bring your lap top in any event of a problem.
Common problems 

· No power
· No display
· Sound
· Keyboard
· Blue screen error
· Power jack, USB , and audio jack problems
· Etc

Thursday, October 13, 2011

වයි සිටි cheats***Vice City Cheats

ඔන්න මම අද තවත් ලිපියක් ලියනවා.මේක පරිගනක ක්‍රීඩාවක් ගැනයි.මම අද ඔයාලට දෙන්නේ වයි සිටි පරිගනක ක්‍රීඩාවේ චීට් කෝඩ් කිහිපයක්.කරලා බලන්න.
MIAMITRAFFIC-AGGRSSIV DRIVERS
NUTTERTOOLS-ALL HEAVY WEPONS
THUGSTOOLS-ALL LIGHT WEPONS
PROFESSIIONALTOOLS-ALL MEDIUM WEPONS
IWANTITPANTEDBLAC-ALL CARS ARE BLACK
AHAIRDRESSRSCAR-ALL CARS ARE PINK
GREENLIGHT-ALL TRAFFIC LIGHTS ARE GREEN
BIGBANG-BLOWUPNEARBY CARS
SEAWAYS-CARS CAN DRIVE/HOVER OVER WARTER
කම්මැලියි  දැන්නම්.තව ගොඩක් තියෙනවා.හෙට ලියන්නම් ඉතුරු ටික.comment දාන්න හොදේ.

ඕනෑමHuawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි Unlock any Huawei HSDPA USB modem

ඇත්තටම කියනවනම් මට මේක හම්බවුනෙත් කාගේ හරි බ්ලොග් එකකින්.මට බ්ලොග් එකනම් මතක නැහැ.එයාගේ ඒවා කොපි කරනවා නෙමෙයි.මාත් ඒක කරපු හින්දා  අත්දැකීම් බෙදා ගන්නවා.මේක හරිම ලේසියි.verry verry easy.සල්ලි ඕනා නෑ.සොෆ්ට්වෙයාර් ඕනත් නෑ.url එකක තමයි  වැඩේ තියෙන්නේ.මෙහෙමයි වැඩේ. පියවරවල් දෙකයි.මුල්ම පියවර  modem එකේ IMEI නම්බරය සොයා ගැනීම.මේක එහි කවරයේ හෝ මොඩමයේ ඇති.දෙවන පියවර මෙන්න මේක වෙබ් ඇඩ්‍රස් එකක් වගේ ටයිප් කරන එක.http://bb5.at/huawei.php?imei= මෙතන සමාන ලකුනට පස්සේ IMEI  නම්බර් එක ටයිප් කරලා එන්ටර් කරන්න.ulock=කියලා කෝඩ් එක වැටෙයි.වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලනවනේ.දැන් වැඩේ හරි.හරි ලේසියි.කමෙන්ට් එකක් දාන්න

Wednesday, October 12, 2011

ලංකාවේ පරණ Photos බලන්න නියම වෙබ් අඩවියක්

මේකනම් නියම සයිට් එකක්.ලංකාවේ පරණ Photos දහස් ගානක් තියෙනවා .ඔය පහල තියෙන බට්න් එක ක්ලික් කරලා හරි මෙතන ක්ලික් කරලා හරි සයිට් එකට යන්නකෝ.


http://www.imagesofceylon.com




Friday, October 7, 2011

තමාගේම නිවසක සිහින දකින ඔබට...(3 කොටස )


බුදු දහමට අනුව නම් ජෝතිශ්‍යය,නැකත්,පලාපල ආදිය වැටෙන්නේ තිරස්චීන විද්‍යා(තිරිසන් විද්‍යා)වලට.හැබැයි ඒවා බොරු දේවල් බව නම් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවනම් මේ කිසිම දෙයක් වැඩක් නෑ.ඒත් ගෘහ නිර්මාන ශිල්පයට අදාල වැදගත් විද්‍යාත්මක කරුණු වාස්තු විද්‍යාවත් එක්ක බැඳිලා තියනවා.ඒවා ටිකක් මොනවද බලමු.

ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ බව.
චතුරස්‍ර ඉඩම-සම චතුරස්‍ර හෝ සෘජුකෝනාශ්‍ර ඉඩම්ක ඉදිකරන නිවසක වෙසෙන්නන්ගේ ආර්තිකය වර්ධනය වනබවත්,ප්‍රීතිමත්ව දිවි ගෙවන බවත් කියවේ.

ත්‍රිකෝණ ඉඩම-මෙය වාසයට සුදුසු නොවන බව කියැවේ.වාස්තු විද්‍යාවට අනුව භය ඇතිකරන බව කියවේ.
පරස්පර මායිම් ඇති ඉඩම-මෙවැනි ඉඩමක වෙසෙන්නන් නිතර ශෝක වන බව කියැවේ.

චක්‍රා කාර ඉඩම-මායිම් චක්‍රාකාර මෙවැනි ඉඩම් වාසනාවන්ත බවත්,ජයග්‍රාහී බවත් කියැවේ.

වෘත්තාකාර ඉඩම්-ඉතා දුලබ ඉඩමකි.ඉතා අශුභ බව කියැවේ.
දණ්ඩාකාර ඉඩම්-දිගින් ඉතා වැඩි පලලින් ඉතා අඩු ඉඩම් සාමන්‍ය ඵල ගෙනෙන බව කියැවේ.

පතාකාර ඉඩම්-මුල පලල්වත් අග සිහින්ව ඇති මෙවන් ඉඩම් ඉතා යහපත් බව කියැවේ.

මෙසේම බෑවුම් අනුවද ඉඩම් වල සුභ අසුභ බව වර්ගීකරනය කෙරේ.

ගිණිකොන දෙසට බෑවුම් ඇති ඉඩම් වලට ගිනි,ආයුද,වස විස,ආදියෙන් අනතුරු විය හැකි අතර දකුණට බෑවුම් වන ඉඩමක නිතර අපල උපද්‍රව වලට ලක්වන,රෝගාභාද වලට ලක්වන බවත්,බටහිරට බෑවුම් වන ඉඩම් වල වෙසෙන්නන්ගේ දියුණුවට බාධා වන බවත් දරු ඵල අහිමි වීම් සිදුවිය හැකි බවත්,ශෝකාකූලව වෙසෙන බවත් කියැවේ.වයඹට ආනති වූ ඉඩමක වෙසෙන්නන් සම ඵල ගෙනදෙන අතර විදේශ ගත වීම් සිදුවියහැකි බව කියැවේ.උතුරු දිශාවට බෑවුම් වන ඉඩම් රාජ සම්පත් ගෙන දෙන බවත් දිනෙන් දින දියුණු වන බවත් කියවේ.
ඉඩමේ ජලය බැසයන පැත්ත බෑවුම් පැත්ත වේ.තම ඉඩමේ බෑවුම අසුභ දිශාවකට වේනම් ජලය බැස යන දිශාව වෙනස් වන පරිදි පස් පුරවා හෝ පස් කපා අසුභ බව මඟ හරවා ගත හැකි බව පොත පතේ සඳන් වේ.

(මේවා බොහෝ විට ඉන්දියානු බ්‍රාහ්මීය සහ හින්දු මතයට ගොඩනැගුනු දේවල්ය.වෙසෙන භූමිය සුභ හෝ අසුභ වන්නේ වෙසෙන්නන්ගේ ගුන යහපත් කම මතය.මෙම කරුණු ඉදිපත් කරන්නේ යන්තම් දැනගැනීම සඳහා මිස මේ දේවල් හිස තබාගෙන ජීවිතය අවුල් කර ගැනීමට නොවේ.තෙරුවන් කෙරේ විශ්වාසයෙන් වෙසෙන්නන්ට කිසිදු ග්‍රහ,අමනුශ්‍ය,භූමි දොශයක් සිදු නොවන් බව නැවතත් මතක් කර දෙමි)

Thursday, October 6, 2011

ඇතිවෙන්න හිනාවෙන්න - 18+

මේවා ටිකක් විතර 18+ වගේ.ඒත් කතා වල තියන රසය නිසා මේවා නොදා බෑ වගේ.අනෙක මේවා කලින් අහල තිබුනෙත් නෑ.ඕං කියවලම බලන්න. හොද නම් කමෙන්‍ටුවක් දානවා හොදා....
-----------------------------------------------------------------
ගුරුවරිය උගන්වමින් සිටියේ එකතු කිරීම අඩු කිරීම පිලිබද ගණිත පාඩමයි.ප්‍රශ්නය යොමුකලේ පන්තියේ සිටි ඇම්ඩන් හටය.
ගුරුවරිය: ඇම්ඩන් පුතා කියන්න බලන්න අත්තක කුරුල්ලො පස් දෙනෙක් ඉන්නවා. ඔයා වෙඩි තියලා කුරුල්ලෙක් බිම දානවා.දැන් අත්තේ කුරැල්ලො කීයක් ඉන්නවද?
ඇම්ඩන්: එකෙක් වත් නෑනෙ මිස්. මොකද අනිත් කුරුල්ලො වෙඩි සද්දෙට ඉගිල්ලිලා යනවනෙ.
ගුරුවරිය: නෑ නෑ මම කියන්න හැදුවෙ පහෙන් එකක් අඩු වුනාම හතරයි කියලා. ඒත් ඔයා හිතන විදියට මම කැමතියි.
ඇම්ඩන්: මිස්, මම මිස්ගෙන් ප්‍රශ්නයක් අහන්නද?
ගුරුවරිය:අහන්න පුතා.
ඇම්ඩන්: ඕන්න කාන්තාවො තුන්දෙනෙක් අයිස්කෝන් ගත්තා.එක්කෙනෙක් අයිස් කෝන් එක කනවා.තව එක්කෙනෙක් අයිස්කෝන් එක උරනවා.අනිත් එක්කෙනා ලෙවකනවා.මේ තුන් දෙනාගෙන් විවාහක එක්කෙනා කවුද?
ගුරුවරිය(මදක් කල්පනා කර..): දෙවනි එක්කෙනා.
ඇම්ඩන්: වැරදියි! බැදපු එක්කෙනා තමයි ඇගිල්ලෙ මුද්දක් තියන එක්කෙනා! ඒත් මිස් හිතන විදියට මම කැමතියි.
-----------------------------------------------------------------
ඔන්න එක මනුස්සයෙක් තමන්ගෙ නෝනත් එක්ක කතා කරගත්ත ...කරන්න ඕන උනාම වචනයක් හදාගන්න.එයාල අන්තිමට ඒකට දාගත්තු වචනෙ තමයි 'කෝල් එකක් ගන්නවා' කියන එක.
දවසක් මෑන්ට වැඩේ ඕනවුනා.නෝනා කුස්සියෙ උයනවා.පුතාට කියනවා මෙහෙම;
"පුතා, අම්මගෙන් අහන්න තාත්තට කෝල් එකක් ගන්න පුලුවන්ද කියලා"
පුතා මවගේ ලගට ගොස් පැමින;
"තාත්තේ අම්මා කිවුවා දැන් කෝල්ස් ගන්න බෑ කියල"
තාත්ත කියනවා;
"අම්මට කියන්න එහෙනං තාත්තා වෙන තැනකින් කෝල් එක ගන්නවා කියල"
පුතා නැවත පැමිණේ
"තාත්තේ අම්මා කියනවා එහෙම උනොත් ගෙදර communication එකක් දානවා කියලා"!

ඔබටත් උදරය ඉදිරියට නෙරා ඒම වදයක් ද?

මෙහෙම වෙන්නේ ව්‍යායාම අඩුවීම නිසා හෝ වැඩි වැඩියෙන් තෙල් අධික ආහාර ගැනීමෙනි. බො‍රු කියන්නේ මොකටද දව‍ස තිස්සේම පරිගණකය ගාවට වෙලා ඉදලා මමත් මේ තත්වෙට පත්වෙලා තමයි ඉන්නේ. මෙයින් වැලකී සිටින්නට හොද ව්‍යායාම පෙලක් නම් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතුවා. මෙම පිංතූර ටික තිබුනේ මගේ මිතුරෙක් එවු ඊ-මේල් ලිපියකයි.... 




Wednesday, October 5, 2011

ඇපල් නිර්මාතෘ ස්ට්ව් ජොබ්ස් මියයයි



ඇපල් සන්නාමය ලොවට හඳුන්වා දුන් ස්ට්ව් ජොබ්ස් ජීවිතක්ෂයට පත්ව තිබේ.
56 වන වියෙහි පසු වූ ස්ට්වී ජොබ්ස් ඊයේ(05) දිනයේ දී ජීවිතක්ෂයට පත්වී ඇත 
ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය.
2004 වසරේ සිට ස්ට්ව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇපල් දුරකථන ජාලයට නව දුරකථන මාදිලියක් හඳුන්වා දී දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ. 

තමාගේම නිවහනක සිහින දකින ඔබට...(2 කොටස )

අද අපි බලමු නිවසට ඔබින සැලසුමක් සකස් කර ගැනීමේදී හොයල බලන්න ඕනි කරුණු මොනවද කියලා...

1.තමාගේ අභිමතයට ගැලපෙන පරිදි සැලැස්ම සකස් කර ගැනීම.
තමන් අමාරුවෙන් හම්බකරන මුදල් වියදම් කරලා හදන ගේ තමන්ට ඕනි විදිහට, සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරලා ලස්සන ප්ලෑනක් ඇඳ ගන්න.ඒත් මතක තියා ගන්න, ඔබ දැඩි මතයක නොසිට සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.මක් නිසාද යත් ඔබට වඩා බොහෝ දුරට ඔහුට අත්දැකීම් සහ නිවාස සැලසුම් පිලිබඳව දැනීමක් තිබිය හැක.

2.තමාගේ ආර්ථික මට්ටමට සරිලන පරිදි සැලැස්ම අන්දවා ගන්න.

හුඟ දෙනෙක් අමාරුවේ වැටෙන තැනක් මේක.බොහෝ දෙනෙක් ගෙවල් හදන්න උත්සාහ කරන්නේ අහල පහල තියන ගෙවල් වලට වඩා,නැත්නම් තමන්ගේ නෑයින්ගේ ගෙවල් වලට වඩා ලොකුවට.ගෙවල් හැදීම තරඟයක් කරගන්න එපා.සල්ලි ඕනි තරම් තියනවනම් කමක් නෑ.ඒත් මද්‍යම පාන්තික කෙනෙක් නිකන් බොරුවට අති විශාල නිවසක් හදන්න යනවා කියන්නේ අවුරුදු ගානක් (සමහර විට ජීවිත කාලය පුරාම ) ගේ හදනවා කියන එකයි.සාමාන්‍යයෙන් නිවසක් හදලා ඉවරවෙද්දී වර්ග අඩියකට රුපියල් 2750-3000 විතර මුදලක් වියදම් වෙනවා.ඉතින් අතේ තියන මුදල සහ වියදම් කරන්න පුලුවන් උපරිම මුදල කල්පනා කරලා ඔබට අවශ්‍ය කොපමන තරමේ වර්ග අඩි ප්‍රමානයක නිවසක්ද කියලා සැලසුම් ශිල්පියාට කියන්න.

තමාගේම නිවහනක සිහින දකින ඔබට....(1 කොටස )

නිවසක් තැනීමේදී සැලකිය යුතු මූලික කරුණු 2කි

1. සුදුසු භූමියක් තෝරා ගැනීම.


2. භූමියට සරිලන සැලසුමක් සහ ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම.


අපි මේවා ටිකක් විස්තරාත්මකව විමසලා බලමු.භූමියක් තෝරා ගැනීමේදීත් හොයල බලන්න ඕනි කරුණු කීපයක්ම තියනවා.

1. පිහිටි ආකාරය
තැනිතලාවක්ද බෑවුමක්ද නතිනම් පස් කපා මට්ටම් කර යුතු භූමියක්ද ,එසේ කපා ඉවත් කරන්නේ නම් කොපමන දුරකට ප්‍රවාහනය කල යුතුද, නතිනම් පස් පිරවිය යුතුනම් ඒ සම්බන්ධවද සලකා බැලිය යුතුය.ඉඩමට හොඳ ප්‍රවේශ මාර්ගයක් (අවම අඩි 10ක් වත් පළල මාර්ගයක්)තිබේදැයි බැලිය යුතුය.

2.භූමියේ උස ප්‍රමාණය සහ පිහිටි දිශාව
මුහුදු මට්ටමේ සිට ඇති උස සහ ගංගා පොකුණු වල සිට ඇති උස සලකා බැලීමෙන් ජල ගැලීම් ආදී උවදුරු වලින් සිදුවියහැකි අනතුරු පිලිබඳව යම් නිගමනයකට එලඹිය හැක.එසේම දිශාව පිලිබඳව සැලකීමේදී නිවසට හෝ ගොඩනැඟිල්ලට මනා පෙනුමක් ගෙන දෙන දිශාව සහ මනා හිරු එලියක් ලැබෙන සහ මනා වාතාශ්‍රයක් ලබෙන දිශාවන් පිලිබඳව සලකා බැලේ.

3. සේවා පහසුකම්

මේ යටතේ ජල, විදුලිය, දුරකතන සම්බන්ධතා,ජංගම දුරකථන ඇත්නම් සංඥා තත්වය, රූපවාහිනී සංඥා තත්වය පිලිබඳව සොයා බැලිය යුතුයි.

4.ආසන්න පිහිටීම්
ප්‍රධාන මාර්ග වලට ඇති දුර,පාසැල් වලට, ආගමික ස්ථාන වලට, වෙලඳපොලට, රෝහල් වලට, දුම් රිය බස් නැවතුම් ආදියට ඇති දුර පිලිබඳව සොයා බැලිය යුතුය.

5.ඉඩමේ ප්‍රමාණය

අනාගතයේ දී යම් වෙනස් කමක් හෝ නව ඉදිකිරීමක් කිරීමට බලා පොරොත්තු වේ නම් ඒ සඳහා සැලකිය යුතු තරමේ ඉඩමක් වීම.

නිවසක්‌ තැනීමේදී නැකතක ඇති වැදගත්කම


නිවසක්‌ තැනීමේදී අත්තිවාරම් දැමීමට පෙර නිවාස සැලැස්‌ම දිශාගත කර ලණු ගැසීම . ඊළඟට මුල්ගල තැබීම කරනු ලබයි. මුල්ගල තබන්නේ එම නිවස සකස්‌ කිරීමේ යම්කිසි සැලැස්‌මකට අනුවයි. එහි සඳහන් වන දිග, පළල අනුව කවුරුන් විසින් හෝ සැලසුම නිර්මාණය කළත් එහි සියලු කටයුතු ජ්‍යෙතිෂයට අනුව විය යුතුය. මෙහිදී වරදා නොගත යුත්තේ තමාට අයිති භූමිය පිළිබඳව අවබෝධයකින් තොරව තමන්ගේ හිතවතෙකුගේ හා ඥාතියකුගේ නිවාස සැලසුමක්‌ ලබාගෙන එහි කුඩා කුඩා වෙනස්‌කම් කර නිවාස තනන්න යන අවස්‌ථාවන්ය. නිවාස සැලසුම් කරනවා කියන ඇතැමුන් කොටසක්‌ එම භූමිය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව සැලසුම් සකසාදීමත් ඒ අනුව නිවාස හිමියන් කටයුතු කරන්නට ගොස්‌ අමාරුවේ වැටුණු අවස්‌ථාවන්ද අපි ඕනෑ තරම් අසා තිබේ.

මෙවැනි කරුණු උඩ මුල්ගල ආදිය තැබීමේ කරුණුවලදී අපි අසා ඇති පරිදි ඇතැම් අවස්‌ථාවලදි මුල්ගල එතැනම පැළවෙලා යයි කියනු ලබයි. මෙසේ පටන් ගන්නා කාර්ය ඉතාම හොඳ අවබෝධයකින් සහ ඉතාම සුබ නැකතකින් ක්‍රියාත්මක කළහොත් එය කවදාවත් වරදින්නට හේතුවක්‌ නොමැත. වරදින්නට හේතුව වන්නේ නොදන්නා පැතිවලට මැදිවී කරන ක්‍රියා මාර්ගයන්ය. එම නිසා ඔබ සැලකිලිමත්වන්න නිවසක කොටසක්‌ සාදාගෙන යන්න කිසිම බාධාවක්‌ නොමැත. අපේ අතේ මිටේ තියෙන තරමට නිවසක්‌ හදන්න සැලසුම් කිරීමෙන් යොදා ගන්නා සැලසුම නිසි නැකැත් වේලාවට අනුව යොදා අත්තිවාරම් කටයුතුවල යොදා ගැනීමෙන් කාමරයක්‌ හෝ සාදාගෙන යන්නට බැරිකමක්‌ නොතිබිය යුතුය. ප්‍රශ්නය තිබෙන්නේ හරි දැනුමකින් තොරව කටයුතු කිරීම සහ අනුන්ගේ සැලසුම් තමාගේ නිවාස සඳහා යොදා ගැනීමයි. පැරණි අය එම කාර්ය බොහෝම හොඳින් දැනගෙන කටයුතු කළා. කිසිදු කරදරයකින් තොරව පුළු පුළුවන් වේලාවට බිත්තියෙන් බිත්තිය බැඳ නිවාස ගොඩනැගීමේ කටයුතු ඔවුන් කළා. අද වී ඇත්තේ බාහිර අලංකාරය වැනි දේවලට මැදිහත්වීමකි. තමන්ම තමා රවටා ගැනීමකි.

පොඩි පොඩි ජෝක්ස්

මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..
මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..
ඔන්න කතාව


දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..

ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන
ඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් නම කියල ඉන්න බෙහෙත් කරන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන සර්
ඩොකා : අයිසේ..තමුසෙගේ නම කියල ඉන්නවකො ඇනපු උන් ගැන කියන්න කලින්..
ලෙඩා  : නම තමයි සර් ඇන්නේ පියසේන..

බැලින්නම් මිනිහගෙ නම N.A පියසේන...ඇන්.ඇම්.පෙරේරා වගේ ඒ නම් සිංහලෙන් ශබ්ද වෙන්නේ ඒ විදිහට නේ! මේ වගේ තව කතා  කොමෙන්ට් විදිහට එක් එක්කෙනා මගේ බ්ලොග් එකේ දාල යන්න..ආසනම් අනිත් අයටත් කියවන්න

ඔබ ඔබේ සහකාරිය/පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් උපත් පාලනය ගැන දැනුවත් විය යුතුය.



උපත් පාලනය යනු ලිංගිකත්වය සමගම බැඳුනකි.ඔබ ලිංගික කටයුතු වල නිරත වනවා නම් අනිවාර්යෙන්ම උපත් පාලන ක්‍රම ගැන දැනුවත් විය යුතුය.
මෙම ලිපියේ අරමුණ ඔබ ඔබේ පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් ඒ සඳහා බාවිතා කල හැකි ක්‍රම ගැන දැනුවත් කිරීමය.


නමුත් එක දෙයක් කිව යුතුය .තවමත් 100 % ක අරාක්ශාවක් දෙන ක්‍රමයක් සොයාගෙන නැත.ඕනෑම ක්‍රමයක අවදානමක් තිබේ.


1.ඔබට කල හැකි හොඳම දෙය නම් ගැඹුරු ලිංගික ක්‍රියාකාරකම්(Deep sex) හැකිතරම් ප්‍රමාද කිරීමය.ඔබ විවාහයට පෙර සියලු දෙය කරනවා යනු ඔබට විවාහයෙන් පසු අලුත් දෙයක් නොමැත.ඔබේ මදු සාමය පවා එතරම්ම ත්රිල්ල් එකක් නැති වනවා ඇත.


2.ඔබට ලිංගික කටයුතු අවශ්‍ය නම් එය සාමාන්‍ය ලිංගික හැසිරීම් පමණක් විය යුතුය.(උදාහරණයක් ලෙස ඔබ කිසිදා පෙම්වතිය සමග රුම් එකකට නොයා යුතුය.නමුත් ඔබට වෙනත් විකල්ප ස්ථානයක සාමාන්‍ය ලිංගික කටයුත් වල යෙදිය හැක.)


3.කෙසේ හෝ ඔබ ලිංගිකව හැසිරෙන්නේ නම් හොඳම දෙය කොන්ඩමයක් බාවිතා කිරීමය. මෙය 100% ක් නැතත් සැලකිය යුතු ආරක්ෂාවක් ලබා දේ.

එක කොන්ඩමයක් බාවිතා කල යුත්තේ එක වරක් පමණි.

4.පිටතට ගැනීමේ ක්‍රමය(
Withdrawal method) ඉතාමත් අපරික්ශාකරීය.ඒ සඳහා මනා සංයමයක් සහ පුහුණුවක් තිබිය යුතුය.විවාහයටේ පෙර ඔබට එම සංයමය නැත.


5.ඔසප් චක්‍රයට අනුකුලව ලිංගික කටයුතු කිරීම(
Periodic Abstinence )-මෙයද ඉතා අපරික්ෂාකාරී ක්‍රමයකි.

Tuesday, October 4, 2011

එන්න අපත් සමග එකතු වෙන්න......



ඔබගේ පරිගණක. තාක්ෂණික. අධාපනික ගැ‍ටලු එකම පි‍ටුවකින් විසදගන්න එන්න අපත් සමග එකතු වෙන්න......
IT, Computer, Technology And Education Knowledge Shearing Group

Direct Link
http://www.facebook.com/groups/onlinesupportforum/


Monday, October 3, 2011

එම්.එස්.අයි ආයතනය පරිගණකය ආරම්භයේදීම තප්පර තිහක් ආපස්සට....



තවත් හානිකරන්නෙකුගෙන් ගැල වෙන්නට එම්.එස්.අයි ආයතනය පරිගණකය ආරම්භයේදීම තප්පර තිහක් පමන ආපස්සට කැරකෙවෙන්නට තීර්නය කොට ඇත.ඔවුන් පවසන්නේ පරිගණකයට හානිකරන්නන් අතරින් දුහුවිල්ලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. උදාහරනයක් ලෙස පෙන්වා දෙන්නේ ග්‍රැ‍ෆිකල් ප්‍රොසෙසිං යුනිට් එක සිසිල් කිරීම සදහා ඇති කුඩා පංකාවේ දැවටෙන දුහුවිලි නිසා එහිකාර්යක්ශමතාවය අඩුවීම තුල එම කොටසෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 15 කින් පමන අමතර ඉහල යාමක් සිදුවන බවයි. මෙයට විසදුමක් ලෙස ඔවුන් "දුහුවිලි ඉවත් කිරීමේ තාක්ශනයක්" තම නිශ්පාදනවලට එකතු කරන්නට තීර්නය කොට තිබේ. එම තාක්ශනයේදී සිදුවන්නේ පරිගණකය ආරම්භවනවාත් සමගම තප්පර තිහක කාලයක් ජි.පී.යු. කොටසෙහි පංකාව ආපස්සට කැරකැවීමට සැලැස්වීම ලෙසයි දැක්වෙන්නේ. දැනට තම නිශ්පාදන කිහිපයකට එම තාක්ශනය යොදා ඇති බවටත් ඉදිරියේදී වෙළද පොලට නිකුත්කරන තම නිශ්පාශන සමග මෙම තාක්ෂනය එක් කරන්නට තමන් බලාපොරොත්තුවන බවටත් පවසා සිටිනවා.


වැඩිදුර >>> http://event.msi.com/vga/msifantechnology/page3.html

ෆේස්බුක් ආරක්ශක උපක්‍රමය



වෙබ් ආරක්ශාව ගැන හදාරන්නන්ගේ මතයක් වී ඇත්තේ ෆේස්බුක් යනු  සයිබර් අවකාශය මත අහිතකර මෘදුකාංග පතුරවන්නන්ගේ නිරන්තර අවධානය ලබා ගන්නා අඩවියක් ලෙසය. වෙබ් අඩවිය දෙසින් භාවිතාකරන්නන් සුරකින්නට නොයෙකුත් පියවර ගත්තද මද කලකින්ම එම බාදකයන් මග හැරයන්නට මෙම සයිබ අපරාධකරුවන් සමත්වීම් අතිතය තුල නැවත නැවත දක්නට ලැබුනි.
              මෙම අපරාධ කරුවන්ගේ වැඩිම භාවිත උපංක්‍රමය වූවේ හානිකර වෙබ් පි‍ටු මතට යොමු කරන වෙබ් ලිපිනයන්ගේ සබදතා භාවිතා කරන්නන් ලවා අවදිකරවා ගැනීමය. කලකට ඉහතදී ෆේස්බුක් ආයතනය මේසදහා විසදුමක් ලෙස මෙම අහිතකර වෙබ් ලිපින හදුනාගෙන නැවත ඒවෙතට යොමුවීම වලකාලන ක්‍රමවේදයක් සකස් කලමුත් හානි කරන්නන්වඩාත් වේගයෙන් තම වෙබ් ලිපිනයන් වෙනස් කරමින් භාවිතාකරන්නන් අනතුරට හෙලීමේ උත්සාහයන් දිගටම පත්වා ගෙන යන්නට සමත්විනි.
      ඉතාමැතක සිට ෆේස්බුක් ආයතන වඩාත් නවීන ආරක්ශක උපක්‍රමයකට  "වෙබ්සෙන්ස්" නම් සයිබර් ආරක්ශාව ගැන ක්‍රියාත්මක ආයතනයක් සමග යොමුව ඇති බවයි පැවසෙන්නේ. නව ක්‍රමවේදය යටතේ පෙර සකස් කරන ලද හානිකර වෙබ් අඩවි ලිපිනයන්  ඇතුලත්  දත්ත ගොනුවකට අනූව නොව  ක්ලවුඩ් මූලික "රියල් ටයිම්" වෙබ් ලිපිනයන් පිරික්සනයක ආධාරයෙන් ඒ මොහොතේ දීම අදාල වෙබ් ලිපිනය යොමුකරන වෙබ් අඩවිය ගැන සොයා බලනු ඇත.

සිංහල පරිවර්තකය - Google transliteration


 මගේ මිතුරු මිතුරියන්ට අලුත් විදියේ අත්දැකීමක් සමග අලුත්ම  සොෆ්ට්වරේ එකක් දෙන්න මම අදහස් කලා. මේක මමත්  හොයා හොයා හිටපු ලාංකිකයන් වන අපට අතිශය වැදගත් වන  එකක්. ඉතින් අපි හැමදාම වැදගත් දෙයක්නේ දෙන්නේ කියල ඔයාල හැමෝම දන්නවනේ.මෙන්න මේකයි කතන්දරේ  සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ඊට පස්සේ සිංහලෙන් ලිපියක් ලියන්න ගියාම ගොඩක් කරදර වලට අපි හැමෝම මුණ දෙනවා  නේද?  ඒ කිව්වේ හේතුව තමයි සිංහල ටයිප්  කරන්න ගියාම මුණ දෙන ගැටලුව මෙන්න මේකට ඉතා වටිනා  වැදගත් විසදුමක් ගූගල් සමාගම විසින් හදුන්වල දීල තියනවා. මේකේ නම කිවොත් Google transliteration මේකෙදි මෙහෙමයි  වෙන්නේ මේ කියන ගූගල් ට්‍රාන්සිලිට්‍රේෂන් ලැබ් එකට ගිහින් අපට ටයිප්  කරන්න ඕන දේ අපි දන්න අර සින්ග්ලිස් ක්‍රමයට  ටයිප් කරන්න ඕනි ඊට පස්සේ ස්පේස්  තියන කොට අපි ටයිප් කරන වචනේ සිංහලට එසැනින්ම පෙරලලා දෙනවා . දැන් ඉතින් අපට අවශ්‍ය සම්පුර්ණදේම ටයිප් කරලා කොපි  කරලා බ්ලොග් එකට හරි වර්ඩ් වලට  හරි පේස්ට් කරගන්න පුළුවන් වෙනවා කොහොමද ගින්දර නේද? එහනම්  පාවිච්චි කරලම බලන්නකෝ මෙන්න ලැබ් එකට යන ලින්ක් පහල තියනවා..........

Referral Banners
E Note
E-note