Pages


Sunday, February 27, 2011

කුකීස් ගැන

ඔබත් නිතර අන්තර්ජාලෙ  සැරිසරන කෙනෙක් නම් කුකීස් (cookies) ගැන අහල නැති වෙන්න බෑ. එක එක සයිට් වලට යනකොට ඒවා අපේ කම්පියුටර්වල කුකීස් හදනව. ගොඩක්  වෙලාවට මේව හදන්නෙ ඒ සයිට් එකට අපේ user preferences මතක තියාගන්න.

මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි බ්‍රව්සර් එකේ වෙබ් ලිපිනයක් ගැහුවම ඒ වෙබ් පිටුව තියෙන වෙබ් සර්වර් එකට සම්බන්ධ වෙනවා. එතකොට සර්වර් එක බලනවා අපේ මැෂින් එකේ එයා කලින් හදපු කුකීස් තියෙනවද කියලා. තියෙනව නම් ඒව කියවල අපි ගැන ඒකෙ ලියවිල තියෙන දේ හොයාගන්නව. එතකොට සර්වර් එකට පුළුවන් අපේ preferences අනුව සයිට් එක ලෝඩ් කරන්න. කලින් හදපු කුකීස් නැත්නම් අළුතෙන් කුකී එකක් අපේ හාඩ් ඩිස්ක් ‍එකේ හදල ඒකට අළුත් දත්ත දානවා. මේ විදියට අළුතෙන් කුකීස් හදන්න සර්වර් එකට අපේ අ‍වසරය ඉල්ලන්න ඕන නැහැ. මේක අපි නොදැනුවත්වම සිදුවෙනවා.
ඉතින් අපේ හාඩ් එකේ දැනට අපට හොරා හැදිල තියෙන කුකීස් බලා ගන්නෙ කොහොමද? ගූගල් ක්‍රෝම් පාවිච්චි කරනව නම් මේකට කරන්න තියෙන්නෙ Google Chrome Options වල Under the Hood ටැබ් එකේ

ඔබේ ඇන්ටිවයිරස් එක ඇත්තටම වයිරස් අල්ලනවාද?

මට මේ විස්තරේ හම්බ වුණේ avast antivirus සයිට් එකෙන්. අපේ ඇන්ටිවයිරස් වැඩසටහන ඇත්තටම වයිරස් අල්ලනවාද කියල බලාගන්න පුළුවන් ක්‍රමයක් මේක. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙතන පහළින් තියෙන code එක කොපි කරගෙන අළුතෙන් ෆයිල් එකක් හදන්න. ඒ ෆයිල් එකේ නම EICAR.COM කියල rename කරන්න.
මෙන්න code එක:
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

මගේ නම් ෆයිල් එක rename කරපු හැටියෙ ඇන්ටිවයිරස් එකෙන් ඒක ඇල්ලුවා. නැත්නම් ඒ ෆයිල් එක manually scan කරන්න. කලබල වෙන්න දෙයක් නැහැ. වයිරස් එකක් කියල ඇල්ලුවට මේක ඇත්තටම කිසිම හානියක් කරන එකක් නෙවෙයි. Test ෆයිල් එකක් විතරයි. වයිරස් එකේ නම විදියට පෙන්නන‍්නෙ EICAR Test-NOT virus!! කියල. EICAR කියල කියන්නෙ European Institute for Computer Antivirus Research. මේ ෆයිල් එක ඇන්ටිවයිරස් එකක් පරිගණකයේ හරියට ස්ථාපනය වුණාද කියල බලාගන්න හදපු සම්මුතියක්. 

කොහොම වුණත් වැඩේ ඉවරවුණාම ෆයිල් එක මකල දාන එක ඇඟට ගුණයි. වැඩි විස්තර ඕන නම්
http://www.eicar.org/anti_virus_test_file.htm ගිහින් බලන්න. 

Friday, February 25, 2011

පොඩි ෂෝර්ට් කට් ‍එකක් දෙන්නද?

ctrl + enter මේක .com ඩොමේන් එකට යන්න කෙටි පාරක්
shift+ enter මේක .net ඩොමේන් එකට යන්න කෙටි පාරක්
ctrl + shift+ enter මේක .org ඩොමේන් එකට යන්න කෙටි පාරක්


උදා:
  yourdomain වෙබ් බ්‍රව්සරයේ ටයිප් කරලා  ctrl + enter යතුරු ඔබලා බලන්න… මේක ගොඩක් යාලුවෝ දන්නවා. නොදන්න යාලුවන්ට ප්‍රයෝජනයක් වෙන්න කිව්වේ… firefox, internet explorer, chrome වල‍ සංස්කරණ‍ය ප්‍රශ්නයක් නෑ ඕනේ එකකට වැඩ කරනවා.


Wednesday, February 23, 2011

ඔයාගෙ PC එක On වෙන්න වෙලා යනවාද?

ඔයාගෙ මෙහෙයුම් පද්දතිය Windows XP නම් මෙන්න විසදුම... එහෙනම් අහගන්නකො.. මම ඔයාට ක්‍රම 3 ක් කියල දෙන්නම්.. අනිවා Boot Speed එක වෑඩිවෙනවා ආයෙ කතා දෙකක් නෑ..

(1) ක්‍රමය
Start->Run ගිහින් msconfig කියල type කරල Enter Button එක ඔබන්න. ඊලගට උඩ තියෙන Tab වලින් Startup කියන එක තෝරන්න.. මෙ තමයි ඔයාගෙ PC එක ON වෙද්දි Load වෙන වෑඩසටහන්.. දෑන් තියෙන්නෙ ඔයාට අවශ්‍ය නෑති ඒවගෙ ටික් එක අයින් කරල OK කරල Restart කරන එක.. මතක තියාගන්න messengers , ms-office වෑඩකට නෑති Update වෙන ඒව වගෙ අනවශ්‍ය දෙවල් වල ටික් එක අයින් කරන්න.

(2) ක්‍රමය
ඔයාගෙ PC එක DeFragmentation කරලත් Boot වෙන Speed එක වෑඩි කරගන්න පුලුවන්.. ගොඩක් XP Version වල මේක සජීවි තත්වයෙ තිබුනත් සමහර Version වල එහෙම නෑ.. එතකොට අපිට Manually මෙ Option එක On කරන්න වෙනව. ඒක කරන්නෙ මෙහෙමයි. 

Tuesday, February 22, 2011

Start PHP


PHP සහයෝගය දක්වන වෙබ් සබඳතාවක් කෙරෙහි අවධානය යොමු කරන්න.
දැනටමත් ඔබට සර්වරයක් භාවිත කරන්නේ නම් හා එය PHPට සහයෝගය දක්වන්නේ නම් අමුතුවෙන් PHP ස්ථාපනය කළ යුතු නැත. ඔබගේ වෙබ් ඩිරෙක්ටරිය තුළ ගොඩ නගන .php ගොනු සර්වරය විසින් පරිවර්තනය කරනු ඇත. වෙබ් සත්කාරකරුවන් (Hosts) බොහොමයක් ඊට සහයෝගය දක්වයි. කෙසේ නමුදු ඔබගේ සර්වරය PHPට සහයෝගය දක්වන්නේ නැත්නම් ඔබට එය ස්ථාපනය කර ගැනීම හෝ සහය දක්වන වෙනත් සර්වරයක් වෙත මාරුවීමට හෝ සිදුවෙයි.
ඔබට සර්වරයක් නැතිනම් ඔබගේ පරිගණකයේ ම සර්වරයක් ස්ථාපනය කර ගැනීමට හැකියාව තිබේ. පහත සඳහන් පියවරවලින් එකක් අනුගමනය කිරීම මගින් PHPට සහයෝගය දක්වන වෙබ් සර්වරයක් ඔබේ පරිගණකය තුළ ස්ථාපනය කර ගැනීමට පුළුවන.

යාලුවව අමාරුවේ දාන්න ක්‍රමයක්

මුලින්ම කියන්න ඕනි කවුරුත් අමාරුවේ දාන්න මම කැමති නැ. ඒ වුනත් අමාරුවේ දාන්න පුලුවන් ක්‍රම් දැනගෙන් ඉන්න එක හොදයි නිසා මම කියලා දෙනවා.  මේ කියලා දෙන ක්‍රමනම් හැමෝම වගේ දන්නවත් ඇති. නොදන්න අය දැනගන්නකො.


මේ කියන්නේ CD/DVD Rom එක වහන්න බැරි වෙන්න කරන්න පුලුවන් Tricks  එකක් 
Notepad එක අරන් මම පහල දාලා තියෙන Code එක Copy කරලා Paste කරන්න.

Monday, February 21, 2011

ලියන වචනේ කතා කරවමු

මේක පුංචි Notepad Tricks එකක්. මේකෙන් කරන්නේ අපි මොකක් හරි වචනයක් ලිව්වම ඒක පරිගණකය විසින් උච්චාරනය කරන එක. මේ වගේ වැඩකරන Software නම් ඕන තරම් තියෙනවා. ඒත් ඉතින් හිතට පොඩි ආඩම්බරයක්නේ මේ වගේ Software එකක් තනිවම Notepad එක හරහා හදාගත්තා කිව්වම.
මේ හදන Software එක Visual Basic පාදක කරගත්ත එකක් වුනත් තනිකරම
Notepad එකේ ලියලා කරන සෙල්ලමක්. දැන් එහෙම කිව්වම කට්ටිය හිතයි මහ ගොඩක් Code ලියන්න ඇති කියලා. අනේ නැ පේලි 4ක් 5ක් විතරයි ලියන්න තියෙන්නේ. ඒකත් මේ සූටි වචන ටිකක්.

Visual Basic දන්න අයටනම් පුලුවන් මේ Software එක හැඩ වැඩ කරලා ගන්න. ඒක ඉතින් තම කමැත්ත අනුව තමයි. වැඩි කතා නැතිව මම කියන්නම්කො කරන්න ඕන දේ.

Dancing Web Part 2

මම ඔයාට දෙනවා Code 8 ක්. ප්‍රතිපලය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. නිකන් ඉන්නවට කරලා බලන්නකො. මේ වැඩේ කරලා කැමතිනම් ඔයාට හිනාවෙන්න පුලුවන්, නැත්තම් බය වෙන්නත් පුලුවන්. හැබැයි අඩන්නන්ම් වෙන්නේ නැ.

නිකන් ඉන්නවනම් කැරකිලා යන්න හොදයි. මොකද මම කියලා දෙන දේ කරාම කොහොමත් වෙබ් පිටුවක් කැරකිලා තමයි බලන්න වෙන්නේ. ඔලුව නිකන් කරකලා අතහැරලා වගේ.


කෝකටත් තෙල Google හින්දා මුලින් Google ට කරලා බලන්න. පස්සේ කැමති කැමති අඩවි වල කරන්න.

කරන්න, බලන්න කිව්වට කරන විදිය කිව්වේ නෑනේ. මෙහෙමයි ඔය මම දීලා තියෙන Code එකින් එක උඩ Address Bar එකේ ගහලා Enter Button එක ඔබලා බලන්න.

එහෙනම් ඔන්න Code ටික.

බ්ලොග් ලියන්න අයට Google Trends

බ්ලොගර් කෙනෙක් වුනාම අලුත් දේවල් උණු උණු දේවල් ගැන හොයලා ලියන්න ඕන. ඒකට හොදට උදව් කරගන්න පුලුවන් දෙයක් තමයි google Trends. මේක මුලාශ්‍ර කරගෙන තියෙන්නේ අපිට හොරෙන් ගුගල්ලා එක්කහු කරන දේවල් ඒ කියන්නේ අපේ වෙබ් හිස්ට්‍රි එකයි ගුගල් එකේ අපි හැමෝම කරන සෙව්මු පාදක කරගෙන. මේකේන් අපිට ලෝකේ මිනිස්සු හොයන දේවල් ගැන දළ අදහසක් ගන්න පුලුවන්. මම හිතනවා ඒක 98% විතර නිවරදි කියලා මොකද ගුගල් කියන්නේ ලෝකේ ඉන්ටර්නෙට් යන හැමෝම වගේ අවිඥානිකවම භාවිතා කරන භාවිතා වන අඩවියක් නිසා. මේකෙන් ගන්න මාතෘකාවලට අනුව ලියනවා නම් ප්‍රතිලාභ ගන්න පුලුවන් වෙන්නේ ඉංග්‍රිසි ‍බ්ලොගර්ස්ලට තමයි.
Referral Banners
E Note
E-note