Pages


Monday, January 17, 2011

මොකද්ද මේ අංශභාග රෝගය කියන්නෙ?



මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් පණ් නැත්වී යන අවස්ථා බොහෝවිට අප අසා තිබෙනවා. නොයෙක් හේතු නිසා මොළයට සිදුවන හානියක් හේතුවෙන් ඇතිවෙන මෙම තත්ත්වය අංශභාගයයි. අංශභාගයය යැයි කී විට සිතට බිය දැනුණ ද කඩිනම් නිවැරදි ප්‍රතිකාර ගතහොත් මෙ තත්ත්වය බොහෝ දුරට සුව කරගත හැක. සුව වීමට ගතවන කාලය හා සුවවන ප්‍රමාණය රඳා පවතින්නේ මොළයට සිදුවන හානියේ ප්‍රමාණයත්, හානිය සිදු වූ මොළයේ ප්‍රදේශයත්, මොළයට සිදුවන අනතුරේ ස්වභාවයත් සහ රොගියාගේ වයසත් මතය.
අංශභාගය ඇති වීමට හේතු ලෙස රුධිර වාහිනියක් පිපිරීමෙන් මොළයේ සෛල තුළට රුධිරය වහනය වීමත්, ලේ කැටියක් හිරවීමෙන් මොළයේ සෛල තුළට ගමන් කරනා රුධිරය ඇනහිටීමත්, මොළයේ ඇතිවන අර්බුද හෙවත් ගෙඩි නිසාත්, රථවාහන අනතුරුත් පෙන්වා දිය හැක.


අංශභාගය නිසා රෝගීන්ගේ අතපය අසාමාන්‍ය ඉරියව්වකට යොමුවේ. ඒමෙන්ම අබාධයකට ලක් වූ අංශයේ අත හා පය චලනය කරන විට තද ගතියක් ඇති වේ. අත යොමුවන අසාමාන්‍ය ඉරියව්ව නම් උරහිසෙන් අත ශරීරයට හේත්තු වී වැලමිට සන්දියෙන් නැවී යට යටබාහුව ඇතුලට කරකැවී මැණික් ක‍ටුව සන්ධියෙන් නැවී ඇඟිලි ද තරමක් නැවී තිබීම ය. අබාධයට ලක් වී ඇති පයද දණහිසෙන දිහ හැරී පතුල ප්‍රදෙශය පහතට කඩාවැටී තිබේ.

මෙන්න e-mail යවන ඔයාල හැමෝටම ගොඩක් වටින දෙයක්



ඔන්න මම අද ඔයාලට කියන්න හදන්නෙ අපි හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන, මේක සමහර විට අපේ යාළුවො දැනටමත් දන්නව ඇති, කොහොම උනත් නොදන්න කට්ටියට වැදගත් වෙයි කියල හිතාගෙන තමයි දැම්මෙ. මොකද මේ දවස් වල මේක ගොඩක් වැදගත් වෙනව අපිට සුභ පැතුමක් e-mail කරද්දි, මොකද අපි සාමාන්‍යයෙන් පිංතූරයක් e-mail කරනවනම් ඒක attach කරල තමයි යවන්න ඕනි, මේ විදිහට ඔයාලගෙ G mail account editකරගත්තම අපිට පුලුවන් ඒක massage body කියන කොටසට කෙලින්ම පිංතූරයක් ඇතුලත් කරන්න. එහෙනම් G mail account තියෙන කට්ටිය පටන් ගන්නකො වැඩේ කරන්න මේ පහලින් මම පිංතූර වල පෙන්වන පිලිවෙලට.

මුළින්ම G mail account එක open කරල, මම සලකුණු කරල තියෙන විදියට දකුණු අත පැත්තෙ උඩ කෙලවරේ තියෙන settings කියන තැන click කරන්න
















1. දැන් මම සලකුණු කරල තියෙන විදියට labs කියන බොත්තම ඔබන්න

PHP

PHP යනු කුමක්ද?

Hypertext Preprocessor නමැති ප්‍රකාශනය කෙටිකර දක්වනු ලබන්නේ PHP යනුවෙනි. මෙය Server side Scripting භාෂාවකි. එනම් වෙබ් අඩවිය පවත්වාගෙන යන සර්වරය මගින් PHP ස්ක්‍රිප්ට් ක්‍රියාත්මක කරනු ලැබේ. අනෙකුත් Server side Scripting භාෂා හා සසදන විට PHPහි විශේෂත්ව රාශියක් තිබේ.
එය Databases රාශියකට සහයෝගය දක්වයි. MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC මීට නිදසුන් සේ දැක්විය හැකිය.
PHP විවෘත මූලාශ්‍ර මෘදුකාංගයකි. එය නොමිලයේ බාගත හැකිය. එම නිසා භාවිත කිරීමට බාදාවක් නැත.

PHP ගොනුවක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

PHP ගොනුවකට HTML ලේඛන හෝ වෙනත් Scripts ඇතුළත් විය හැකිය. සරල, නිරවුල් HTML ලේඛන PHP ගොනුවලට අන්තර්ගත කළ හැකිය. සර්වරය මගින් PHP කේත ක්‍රියාත්මක කර ඒ උපදෙස් වලට අදාල සරල, නිරවුල් HTML ලේඛන ‍බ්‍රවුසරයට හරවා යවනු ලැබේ.
.php, .php3 හෝ .phtml වැනි දිගුවක්(extension) ඊට අයත් වෙයි.
අද දවසේ භාවිතයට ගනු ලබන බොහෝ සර්වල පාහේ PHP සහයෝගය දක්වයි.
PHP එහි නිල අඩවියෙන් නොමිලේ බා ගත හැකියි.
සර්වරය පැත්තෙන් ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා විනිසුරුවරුන් සහ තරග තීරක වරුන්

ඔන්න මේ වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා විනිසුරුවරුන් සහ තරග තීරක වරුන් නම් කරල...

මේ අතරට විනිසුරුවරුන් 18 දෙනෙකු සහ තරග තීරක වරුන් 5 දෙනෙකු නම් කරල තියෙනවා,
මේ අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරුවරුන් දෙදෙනෙකු සහ තරග තීරකවරුන් දෙදෙනෙකු ඇතුළත්කරල කරල කියල තමයි දැනගන්න තියෙන්නෙ.
විනිසුරු වරුන් අතරට කුමාර් ධර්මසේන සහ අශෝක ද සිල්වා ඇතුළත් වන අතර තීරක වරුන් අතරට රංජන් මඩුගල්ලේ සහ රොෂාන් මහානාම ඇතුළත්ය.ඊට අමතරව බිලී බවුඩන්, අලීම් ඩා, ස්ටීව් ඩේව්ස්, බිලී ඩොක්ට්‍රෝව්, මරායිස් එරස්මස්, ඉයන් ගෝල්ඩ්, ඩැරල් හාපර්, ටෝනි හිල්, අශාඩ් රවුෆ්, සයිමන් ටෝෆල්, රුඩ් ට්‍රකර්, ගෲස් ඔක්සන්ෆර්ඩ්, අමේෂ් ෆහීබා, ශවීර් තරපූරේ, රිචඩ් කෙටල්බ්‍රවුඩ්, නයිජල් ලයන් යන විනිසුරුවරුන් ඇතුළත්.ක්‍රිස් බ්‍රවුඩ්, ජෙෆ් ක්‍රෝව්, ඇන්ඩි පේක්‍රොෆ්ට් යන තිදෙනා තමයි අනෙක් තරග තීරකවරුන් ලෙස නම් කරල තියෙන්නෙ.

Referral Banners
E Note
E-note