Pages


Monday, April 4, 2011

ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?


ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?



අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම මේ දවස් වල වැඩිපුර දක්නට ලැබෙන මාතෘකාවක්පත්තර වල දැන්වීම් පළ කරමින් ඇතැම් පුද්ගලයන් මේ සදහා පන්ති පවා පවත්වන අතර තවත් පිරිසක් CD අලෙවි කිරීමද සිදුකරනවා.
ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?
ඔව්.  අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකියි. නමුත් පත්තර වල ඇති දැන්වීම් වල ආකාරයට , CD වල ඇති ආකාරයට හෝ පන්ති වලඋගන්වන ආකාරයට වෙබ් අඩවි බ්ලොග් අඩවි නිර්මාණය කර එය වෙත පැමිණෙන අය ලවා වෙළද දැන්වීම් ක්ලික් කරගෙන හෝ PTC / Bux  වෙබ් අඩවි හරහා නොවේ. අන්තර්ජාලය හරහා වෙළද කටයුතු කරන දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයන විව්‍ධ ආයතන හා පුද්ගලයන් සිටිනවාඋදාහරණයක් ලෙස Google, Yahoo, EBay, Amazon, Facebook , Hostgator, Justhost වැනි ආයතන දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයනු ලබනවා.


අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට නම් ඒ සදහා විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවනවාමේ සදහා යම් කිසි මුදල් ප්‍රමාණයක් ද වැය කිරීමට සිදුවීම අනිවාර්යයිඅන්තර්ජාලයෙන් වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් භාවිතා කර මුදල් උපයනවා නම් අවම වශයෙන් මාසකට ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පිරිස 5000 ඉක්මවිය යුතුයිනමුත් 5000 පමණ පිරිසක් වෙබ් අඩවියට පැමිණි පමණින් ඔවුන් සියළු දෙනාම ඔබේ දැන්වීම් නරඹන්නේ නැහැපැමිණි පිරිසෙන් 10% කටත් තරම් අඩු පිරිසක් තමයි දැන්වීමක් නරඹන්නේඔබ නිර්මාණය කළ වෙබ් අඩවියේ අරමුණ විය යුත්තේ දැන්වීම් දමා මුදල් ඉපයීම නොවෙයිවෙබ් අඩවියට පැමිණෙනෙන්නන් හට යම් සේවාවක් ලබා දෙන ගමන් ඒ හරහා මුදලක් ඉපයීම කළ හැකියිඒ වගේම ඔබ භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනවා නම් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම ඉතා වැදගත්.
පන්ති පවත්වන , CD අලෙවි කරන පුද්ගලයන් සිදු කරනුයේ වෙළදාමක්ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි පන්ති පැවැත්වීමෙන් , CD අලෙවි කිරීමෙන් ලැබෙන ආදායමඔවුන් දැන්වීම් වල මසකට  අන්තර්ජාලයෙන් 100000  ක් උපයන්න ලෙස සදහන් කළත්  ඔවුන් පවා එවැනි මුදලක් උපයන්නේ නෑ.
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම උගන්වන පන්ති හෝ CD වල සදහන්ව ඇති ආකාරයට රහස් මෘදුකාංග රහස් ක්‍රම කිසිවක් නැහැ. ප්‍රධානම දේ තමයි ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පිරිසපැමිණෙන පිරිස මත තමයි මුදල් ඉපයීමේ හැකියාව රැදී පවතින්නේ.

2 comments:

  1. Alertpay එකේ ඇති මුදල් මේ site එකේ ආයෝජනය කරලා හොද ආදායමක් ගන්න පුළුවන් මම මුදල් යොදවල හොද ආදායමක් ගත්ත කැමති අය කරලා බලන්න.

    ReplyDelete
  2. Alertpay එකේ ඇති මුදල් මේ site එකේ ආයෝජනය කරලා හොද ආදායමක් ගන්න පුළුවන් මම මුදල් යොදවල හොද ආදායමක් ගත්ත කැමති අය කරලා බලන්න.
    www.apminvestment.co.cc

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note