Pages


Wednesday, October 5, 2011

ඔබ ඔබේ සහකාරිය/පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් උපත් පාලනය ගැන දැනුවත් විය යුතුය.



උපත් පාලනය යනු ලිංගිකත්වය සමගම බැඳුනකි.ඔබ ලිංගික කටයුතු වල නිරත වනවා නම් අනිවාර්යෙන්ම උපත් පාලන ක්‍රම ගැන දැනුවත් විය යුතුය.
මෙම ලිපියේ අරමුණ ඔබ ඔබේ පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් ඒ සඳහා බාවිතා කල හැකි ක්‍රම ගැන දැනුවත් කිරීමය.


නමුත් එක දෙයක් කිව යුතුය .තවමත් 100 % ක අරාක්ශාවක් දෙන ක්‍රමයක් සොයාගෙන නැත.ඕනෑම ක්‍රමයක අවදානමක් තිබේ.


1.ඔබට කල හැකි හොඳම දෙය නම් ගැඹුරු ලිංගික ක්‍රියාකාරකම්(Deep sex) හැකිතරම් ප්‍රමාද කිරීමය.ඔබ විවාහයට පෙර සියලු දෙය කරනවා යනු ඔබට විවාහයෙන් පසු අලුත් දෙයක් නොමැත.ඔබේ මදු සාමය පවා එතරම්ම ත්රිල්ල් එකක් නැති වනවා ඇත.


2.ඔබට ලිංගික කටයුතු අවශ්‍ය නම් එය සාමාන්‍ය ලිංගික හැසිරීම් පමණක් විය යුතුය.(උදාහරණයක් ලෙස ඔබ කිසිදා පෙම්වතිය සමග රුම් එකකට නොයා යුතුය.නමුත් ඔබට වෙනත් විකල්ප ස්ථානයක සාමාන්‍ය ලිංගික කටයුත් වල යෙදිය හැක.)


3.කෙසේ හෝ ඔබ ලිංගිකව හැසිරෙන්නේ නම් හොඳම දෙය කොන්ඩමයක් බාවිතා කිරීමය. මෙය 100% ක් නැතත් සැලකිය යුතු ආරක්ෂාවක් ලබා දේ.

එක කොන්ඩමයක් බාවිතා කල යුත්තේ එක වරක් පමණි.

4.පිටතට ගැනීමේ ක්‍රමය(
Withdrawal method) ඉතාමත් අපරික්ශාකරීය.ඒ සඳහා මනා සංයමයක් සහ පුහුණුවක් තිබිය යුතුය.විවාහයටේ පෙර ඔබට එම සංයමය නැත.


5.ඔසප් චක්‍රයට අනුකුලව ලිංගික කටයුතු කිරීම(
Periodic Abstinence )-මෙයද ඉතා අපරික්ෂාකාරී ක්‍රමයකි.



කාන්තාවකගේ ඔසප් වීමට පෙර හා පසු අවදිය සාමාන්යෙන් ඔවුන්ගේ නිසරු අවදියයි.මෙම කාලය ලිංගික කටයුත් සඳහා සුදුසු වන්නේ ඒ නිසාය.




මෙම චර්ට් එකට අනුව Dry Day  යනු නිසරු කලයයි.
wet day sවල ඔබ කිසිසේත්ම කොන්ඩෝම් රහිතව ලිංගිකව එක් නොවිය යුතුය.


ඉහත සඳහන් ක්‍රම කීපයක් එකවර බාවිතා කිරීමෙන් අවදානම අඩු කර ගත හැක.උදාහරණයක් ලෙස ඔසප් හමාර වී දින දෙකකට පසු කොන්ඩමයක් බාවිතා කිරීම අවදානම ඉතා අඩු ක්‍රමයකි.

තවත් ක්‍රම තිබුනද ඒවා අවිවාහක යන්ට නොගැලපේ..

කෙසේ හෝ ඉහත කිසිම ක්‍රමයකින් තොරව ඔබ ලිංගික ක්‍රියාකාරකමක් කලේ නම් ඔබට පැය 72 ක් තුල ඔබේ පෙම්වතිය ට දීමට පෙතිවර්ගයක් ඇත.මෙය හැකි ඉක්මනින් දීම යෝග්‍යය.
++නමුත් වැදගත්ම කරුණ වන්නේ මෙය 100% සුපරික්ෂාකාරී ක්‍රමයක් නොවීමය. මෙම පෙත්ත (2)බාවිතා කලද ගැබ්ගත් අවස්ථා ඒමට ඇත.
++ අනික් වැදගත්ම කරුණ වන්නේ මෙම පෙත්ත නිතිපතා(regular) උපත් පාලන ක්‍රමයක් ලෙස බාවිතා නොකළ යුතුය.මෙහි ආදී සාන්ද්‍ර හොර්මණ අඩංගු අතර එය කාන්තාවන්ගේ ශරීරයට අගුනය.නමුත් හදිස්සියකදී මෙම ක්‍රමය ඉතා යෝග්‍යය.

හදිසි උපත් පාලන පෙති



හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.




3 comments:

  1. budu ammo, withdawal method koranda gihin mama hath ata wathaawak 'misfire' gahagena thiyanawaa.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි කියල දීපු කරුනු වලට. තවත් අලුත් අව තියනවනන් දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....

      Delete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note