Pages


Monday, January 17, 2011

PHP

PHP යනු කුමක්ද?

Hypertext Preprocessor නමැති ප්‍රකාශනය කෙටිකර දක්වනු ලබන්නේ PHP යනුවෙනි. මෙය Server side Scripting භාෂාවකි. එනම් වෙබ් අඩවිය පවත්වාගෙන යන සර්වරය මගින් PHP ස්ක්‍රිප්ට් ක්‍රියාත්මක කරනු ලැබේ. අනෙකුත් Server side Scripting භාෂා හා සසදන විට PHPහි විශේෂත්ව රාශියක් තිබේ.
එය Databases රාශියකට සහයෝගය දක්වයි. MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC මීට නිදසුන් සේ දැක්විය හැකිය.
PHP විවෘත මූලාශ්‍ර මෘදුකාංගයකි. එය නොමිලයේ බාගත හැකිය. එම නිසා භාවිත කිරීමට බාදාවක් නැත.

PHP ගොනුවක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

PHP ගොනුවකට HTML ලේඛන හෝ වෙනත් Scripts ඇතුළත් විය හැකිය. සරල, නිරවුල් HTML ලේඛන PHP ගොනුවලට අන්තර්ගත කළ හැකිය. සර්වරය මගින් PHP කේත ක්‍රියාත්මක කර ඒ උපදෙස් වලට අදාල සරල, නිරවුල් HTML ලේඛන ‍බ්‍රවුසරයට හරවා යවනු ලැබේ.
.php, .php3 හෝ .phtml වැනි දිගුවක්(extension) ඊට අයත් වෙයි.
අද දවසේ භාවිතයට ගනු ලබන බොහෝ සර්වල පාහේ PHP සහයෝගය දක්වයි.
PHP එහි නිල අඩවියෙන් නොමිලේ බා ගත හැකියි.
සර්වරය පැත්තෙන් ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙයි.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note