Pages


Wednesday, November 30, 2011

You Tube බැලුව‍ට මේවා දන්නවද බලන්න.



• YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.

• ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).

• නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed Karim)ය.

• YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.

• Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.



•YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed 
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

•YouTubeහි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=qrO4YZeyl0I

• දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි.

• සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.

• YouTubeහි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)

• YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි(2,000,000,000).

• මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.

• YouTubeහි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.

•YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.

•YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.



වැ‍ඩි දුර අවදානය සදහා - http://en.wikipedia.org/wiki/YouTube

2 comments:

  1. අන්න පොස්ට් එකනං පොස්ට් එක වැදගත් මචන්

    ReplyDelete
  2. බොහොම ස්තූතියි....

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note