Pages


Thursday, December 1, 2011

කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු කීපයක්...


ඹන්න අදත් හිතන්න දෙයක් ගෙනාවා..... මේක ගොඩක් ම වැදගත් වෙන්නේ මගේ මිතුරියන්ටයි..
මම කලින් ලිවුවා කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක්......  කියවන්න ඇති කියලා හිතනවා නැතත් කමක් නෑ මෙතනින් කියවන්නකො එහෙනම්. අද එහෙනම් කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්න කරුණු කීපයක්....

තව මම නොදන්න ඹයාලා දන්න දෙවල් තියෙනවා නම් පහත කමෙන්ටු තීරුවේ දාලම යන්නකෝ....


  • කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.
  • කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.
  • කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.
  • කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.
  • කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.
  •  කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.
  •  කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.
  •  අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.
  •  කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.
  • කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.
  •  "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.
  • මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.
  • කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.
  •  කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.
  • තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි
  •  කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.
  •  කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ. 
  •  කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.
  • කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා
කමෙන්‍ටුවක් දාලම යන්න හොදේ.....

6 comments:

  1. කතාව ඇත්ත සහෝ.....

    ReplyDelete
  2. අට වෙනි එකනම් වැරදියි.

    ReplyDelete
  3. එහෙනම් මොනවා ගැනද?

    ReplyDelete
  4. කියල තියන විස්තර ඔක්කොම ඇත්ත.......මේක දකින කෙල්ලන්ට නම් ඉතින් අනිවා ඉරිසියා හිතෙනවා ........

    ReplyDelete
  5. කතාව නම් හරියට හරි සහෝදරයා

    ReplyDelete
  6. නියමයි මචං

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note