Pages


Friday, December 2, 2011

බස් එකේ දි ඔයාලා‍ටත් මෙහෙම උනාද?


මේක ලියන්න හිතුනේ අද උදේ බස් එකේ දි කොන්දොස්තර තැනයි තව මගියෙක් අතර වුන කතාබහක් නිසා.... අපි වගේ බස් එකේ යන අය‍ට නම් මෙවා අරුමයක් නොවෙයි.

අපි ගන්න රුපියල් 7 - 19 වගේ ‍ටිකට් වලට ඉතුරු සල්ලි දෙන එක අපේ කොන්දොසතර මහත්තයා සුක්ෂම ලෙස මග අරින්න දන්නවා නේ (බහිනකොට දෙන්නම් කිව්වට අමතක වෙන්නත් පුලුවන් නෙ නේද? ) මගින්ට ඔක මතක් වෙන් නැතුව නෙවේ බැහැල යන්නේ... ඔක ඉල්ලන්න ගියාම මෑන් ගේ අනං මනං කතා අහන්නත් එපැයි... ඒ නිසාම නොවිමසා ම බැහැලා යති......... සමහරැන් නම් ගේම ම ඉල්ලයි... ඇයි ඉතිං රැපියලක් කියන්නේ අද කාලේ හැටියට අහක දාන්න පුඑවන් ගානක් යෑ....

හැබයි  අර සිංදුවකුත් තියෙනවා නේ .... "මාරු සල්ලි එකතු කරල තට්ටු බංගලා හදන්න බෑ දන්නවද හලෝ..." කියලා...

සිංදුව එහෙම නම් මෙහෙම වෙන්නේ ඇයි?

අද උදේ වුන සිදුවීම නම් මෙසේයි....



කොන්දොස්තර තැන  අර මගිය‍ගෙන් ටික‍ට් ඉල්ලනකොට.... මගියා රැපියල් 6ක් දි මෙච්චර යි අනේ තියෙන් නේ කිවුවා.... එවි‍ට කොන්දොස්තර තැන .... සල්ලි නැත්නම් බස වල යන්නේ මොකටද? බහිනව .... බහිනව යි.... සැර කලේ ය.....

එවර මගියා කටහඩ අවදි කලේ මෙසේයි.... මම හැමදාම යන්නේ මේ බස් එකේ තමා ඔයි..... තමුසේ මට රුපියල් 500 කට එහා පැත්තේ නයයි.... හැමදාම හවස‍ට රුපියල් 19 න් ඉතුරු රුපියල දුන්ද? බහි‍නකොට දෙන්නම් කියලා මම බහනකොට වෙන දොරකට මාරු වෙනවා..... ...

කොන්දොස්තර නිහඩවම රියදුරු අසල‍ට ගොස් මොනවදේ මුමුනයි....

ඉතිං මේ සිදුවීමට ඔයාලත් මුහුණ දීලා ඇති නැත්නම් ඉස්සරහට මුහුණ දෙන්න වෙයි....

හැබැයි ඉතිං මෙකත් කියන්න ඕන ඔය අතරේ මුදල් නොදි මාරු වෙලා යන මගියොත් නැතුවම නෙවේ......

ඔයාලටත් මේ ගැන අදහසක් තියෙනවා ඇති පහල ‍කමෙන්ටුවක් දාලම යන්නකො... එහෙනම්.... 

5 comments:

  1. අපොයි ඔව් මාත් අනන්තවත් මුහුණ දීලා තියෙනවා. ඕකෙන් වෙන්නේ අපට රුපියල් 2ක් පාඩු වෙන එක. ඇයි මේ බස් එකේ මනුස්සයා 19ට 20ක් ගන්නවා. ඒ රුපියල තිබුනා නං තව බස් එකකට අඩු පාඩුවට දෙන්න පුළුවන් වෙනවා. ඒකෙන් අර රුපියලයි මේ රුපියල් දෙකම නැති වෙනවා. හයියෝ සල්ලි තමයි ඉතිං....... :)

    ReplyDelete
  2. ඒක තමා ඒ රුපියල නැති නිසා නේ අද මේ මනුස්සයා අපහසුවට පත් වුනේ. මේවට විසදුවක් තියෙනවද?

    ReplyDelete
  3. තියෙනවා.. ගානට සල්ලි අරන් යන ඒක.. මම කිව්වේ ටිකට් එකේ ගානට,,, කොහොම උනටං පර්ස් එකේ මාරු සලී කීයක්‌ හරි තියන් යන ඒක හොදා..

    ජය..

    ReplyDelete
  4. habai ithin maru salli hoyana eka tama gema ... mokada maru salli tika okkoma unta puja karala karala ape ate ithiri wenne monawada yaluwa....

    ReplyDelete
  5. බස් හොරාMay 11, 2012 at 6:26 PM

    මම නම් කරන්නේ ඉස්සෙල්ලම කොන්දොස්තර ටිකට් කඩනවද නැත්ද කියල බලන එක..ටිකට් කඩන්නේ නැත්නම් මම බහින තැනට වඩා ලඟ තැනකට ටිකට් අරගෙන ..මම බහින තැනින් බහිනව...කොන්දට අපිට මොනවත් කියන්න බැහැ මොකද එයා ටිකට් දීල නැති නිසා අපි කොහාටද ටිකට් ගත්තේ කියල එයාට ඔප්පු කරන්න බැහැ..කොන්ද වැඩිය සද්ද දාන්න ආවොත් කෝ මගේ ටිකට් එක කියල ඉල්ලන්න

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note