Pages


Monday, February 21, 2011

ලියන වචනේ කතා කරවමු

මේක පුංචි Notepad Tricks එකක්. මේකෙන් කරන්නේ අපි මොකක් හරි වචනයක් ලිව්වම ඒක පරිගණකය විසින් උච්චාරනය කරන එක. මේ වගේ වැඩකරන Software නම් ඕන තරම් තියෙනවා. ඒත් ඉතින් හිතට පොඩි ආඩම්බරයක්නේ මේ වගේ Software එකක් තනිවම Notepad එක හරහා හදාගත්තා කිව්වම.
මේ හදන Software එක Visual Basic පාදක කරගත්ත එකක් වුනත් තනිකරම
Notepad එකේ ලියලා කරන සෙල්ලමක්. දැන් එහෙම කිව්වම කට්ටිය හිතයි මහ ගොඩක් Code ලියන්න ඇති කියලා. අනේ නැ පේලි 4ක් 5ක් විතරයි ලියන්න තියෙන්නේ. ඒකත් මේ සූටි වචන ටිකක්.

Visual Basic දන්න අයටනම් පුලුවන් මේ Software එක හැඩ වැඩ කරලා ගන්න. ඒක ඉතින් තම කමැත්ත අනුව තමයි. වැඩි කතා නැතිව මම කියන්නම්කො කරන්න ඕන දේ.

Notepad එක Open කරගෙන මම පහලා දාලා තියෙන Code එක Copy n Paste කරගන්නකො.

Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg


දැන් ඉතින් කැමති නමකින් Save කරගන්න. මතක ඇතුව Save කරද්දි අගට .vbs කියලා දාන්න. දැන් හරි. බලන්න අපි හදපු Software එක කොහොමද කියලා.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note