පසු ගිය පාඩමින් අපි WAMP Server එක ස්ථාපනය කිරිම ගැන විමසුවා අද අපි XAMPP ස්ථපනය කිරිම ගැන බලමු.
***මෙහිදි Windows සදහා XAMPP ස්ථාපනය කිරිම විස්තරකෙරේ
XAMPP භාගත කිරීම (Downloard XAMPP)
XAMPP මෙතැනින් නොමිලේ භාගත කරගන්න: XAMPP
More Info : http://www.apachefriends.org/en/xampp-windows.html#641
XAMPP ස්ථාපනයකිරීම (Downloard XAMPP)
භගත කර ගත් .exe ගොනුව මත double click කිරිම මගින් .exe ගොනුව ධාවනය කර ගත හැක.එවිට පහත පරිදි කවුලුවක් ලැබෙනු ඇත.
install විධානය තෝර ගන්න
දැන් ඔබට අදාල ගොනු පරිඝනකයට ස්ථාපනය වනු දැකිය හැකි වේ.
පසුව පහත පරිදි ලැබෙන DOS තිරය තුල යතුරු පුවරුවේ “x” යතුර ඔබ කවුලුව වස දමන්න.
ඉන් පසු ස්ථාපනය වු ස්ථානයට ගොස් “xampp-control.exe” ගොනුව ධාවනය කල යුතුය.සාමාන්යන් එය “Start > All Progarmmes > xammp” යන්න තුල ඇතුලත් වේ.එහිදි ඔබට පහත කවුලුව ලබෙනු ඇත.
එහි Apache හා Mysql යන්න ධාවනය කල යුතුය.ඉදිරියෙන් ඇති “start” විධාන මගින් එය සිදු කර ගත හැක.සියල්ල නිවැරදිව සිදු වූ පසු පහත පරිදි කවුලුවක් ලැබිය යුතුය.
පසුව Apache ඉදිරියේ ඇති Admin විධානය තෝරාගැනීම මගින් localhost නැතිනම්local සර්වරය වෙතටද, Mysql ඉදිරියේ ඇති Admin විධානය තෝරාගැනීම මගින් phpMyAdmin(database server) වෙතටද යා හැක.
machan methanin ehata mage script eka ekata danne kohomada domain ekak add karaganne kohomda kiyala kiyala dennakooo
ReplyDelete