Pages


Friday, October 7, 2011

තමාගේම නිවසක සිහින දකින ඔබට...(3 කොටස )


බුදු දහමට අනුව නම් ජෝතිශ්‍යය,නැකත්,පලාපල ආදිය වැටෙන්නේ තිරස්චීන විද්‍යා(තිරිසන් විද්‍යා)වලට.හැබැයි ඒවා බොරු දේවල් බව නම් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවනම් මේ කිසිම දෙයක් වැඩක් නෑ.ඒත් ගෘහ නිර්මාන ශිල්පයට අදාල වැදගත් විද්‍යාත්මක කරුණු වාස්තු විද්‍යාවත් එක්ක බැඳිලා තියනවා.ඒවා ටිකක් මොනවද බලමු.

ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ බව.
චතුරස්‍ර ඉඩම-සම චතුරස්‍ර හෝ සෘජුකෝනාශ්‍ර ඉඩම්ක ඉදිකරන නිවසක වෙසෙන්නන්ගේ ආර්තිකය වර්ධනය වනබවත්,ප්‍රීතිමත්ව දිවි ගෙවන බවත් කියවේ.

ත්‍රිකෝණ ඉඩම-මෙය වාසයට සුදුසු නොවන බව කියැවේ.වාස්තු විද්‍යාවට අනුව භය ඇතිකරන බව කියවේ.
පරස්පර මායිම් ඇති ඉඩම-මෙවැනි ඉඩමක වෙසෙන්නන් නිතර ශෝක වන බව කියැවේ.

චක්‍රා කාර ඉඩම-මායිම් චක්‍රාකාර මෙවැනි ඉඩම් වාසනාවන්ත බවත්,ජයග්‍රාහී බවත් කියැවේ.

වෘත්තාකාර ඉඩම්-ඉතා දුලබ ඉඩමකි.ඉතා අශුභ බව කියැවේ.
දණ්ඩාකාර ඉඩම්-දිගින් ඉතා වැඩි පලලින් ඉතා අඩු ඉඩම් සාමන්‍ය ඵල ගෙනෙන බව කියැවේ.

පතාකාර ඉඩම්-මුල පලල්වත් අග සිහින්ව ඇති මෙවන් ඉඩම් ඉතා යහපත් බව කියැවේ.

මෙසේම බෑවුම් අනුවද ඉඩම් වල සුභ අසුභ බව වර්ගීකරනය කෙරේ.

ගිණිකොන දෙසට බෑවුම් ඇති ඉඩම් වලට ගිනි,ආයුද,වස විස,ආදියෙන් අනතුරු විය හැකි අතර දකුණට බෑවුම් වන ඉඩමක නිතර අපල උපද්‍රව වලට ලක්වන,රෝගාභාද වලට ලක්වන බවත්,බටහිරට බෑවුම් වන ඉඩම් වල වෙසෙන්නන්ගේ දියුණුවට බාධා වන බවත් දරු ඵල අහිමි වීම් සිදුවිය හැකි බවත්,ශෝකාකූලව වෙසෙන බවත් කියැවේ.වයඹට ආනති වූ ඉඩමක වෙසෙන්නන් සම ඵල ගෙනදෙන අතර විදේශ ගත වීම් සිදුවියහැකි බව කියැවේ.උතුරු දිශාවට බෑවුම් වන ඉඩම් රාජ සම්පත් ගෙන දෙන බවත් දිනෙන් දින දියුණු වන බවත් කියවේ.
ඉඩමේ ජලය බැසයන පැත්ත බෑවුම් පැත්ත වේ.තම ඉඩමේ බෑවුම අසුභ දිශාවකට වේනම් ජලය බැස යන දිශාව වෙනස් වන පරිදි පස් පුරවා හෝ පස් කපා අසුභ බව මඟ හරවා ගත හැකි බව පොත පතේ සඳන් වේ.

(මේවා බොහෝ විට ඉන්දියානු බ්‍රාහ්මීය සහ හින්දු මතයට ගොඩනැගුනු දේවල්ය.වෙසෙන භූමිය සුභ හෝ අසුභ වන්නේ වෙසෙන්නන්ගේ ගුන යහපත් කම මතය.මෙම කරුණු ඉදිපත් කරන්නේ යන්තම් දැනගැනීම සඳහා මිස මේ දේවල් හිස තබාගෙන ජීවිතය අවුල් කර ගැනීමට නොවේ.තෙරුවන් කෙරේ විශ්වාසයෙන් වෙසෙන්නන්ට කිසිදු ග්‍රහ,අමනුශ්‍ය,භූමි දොශයක් සිදු නොවන් බව නැවතත් මතක් කර දෙමි)

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note